Thursday, December 27, 2012

හූනාගේ කවිය




“නැවතීගෙන
හිතේ කොණක
රිදුම් නොදී
දෑස්වලට
ආව ගියෝ එකෙක්
වෙන්න
මෙරුන්ට මං
හරි ආසයි“
............................................


ලියා අවසන
ඒ කව
නෙත යොමා

කැටපතට,
පසුව ඇති බැව්
දැන
රෑ

දහයෙ කණිසම
පිටත් වූවා
අඳුරෙම
වල්කම් හුළඟෙ
පාවෙන

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මොනර කොල
අල්ලන්න
..................................................

Monday, November 26, 2012

දැනුම් දීමක්.......



 


කමෙන්ට්ස් දාන ඇනෝ සහෝදරයටයි කියන්නේ......

ඇනෝ සහෝදරවරු කීපදෙනෙක් මගෙ බ්ලොග් එකේ කමෙන්ට්ස් දාල තිබ්බත්,මේ කියන්නෙ කාටද කියල ඒ අදාල ඇනෝ දන්නව.......

කලුගල් කියන ජාතිය කවදාවත් දියකරන්න බෑ.....කාගෙවත් දුකකටවත් කඳුළු වලටවත්.ඒත් ඔයා එකපාරක් කලුගලකට ආදරේ කරන්න ඇවිත්,හිත රිද්දගත්ත නිසා බොහොම කරුණාවෙන් කියන්නෙ...පාඩුවෙ ඉන්න දෙන්න.මට ඔයාගෙ හෙවනැල්ලක්වත් දකින්න නෙ නෑ.

කලු ගල්වල ඔලුව හප්පගන්න එපා....රිදෙන්නෙ මට නෙේ....


දෙයක් කිව්වම විශ්වාස කරන්න පුළුවන්නම් විශ්වාස කරන්න....බැරිනම් නිකන් ඉන්න....

ඇත්ත කියන්නෙ මොකද්ද කියල දවසකඔයාට තේරෙයි....හැබැයි අන්න එදාට මීට වඩා ගොඩාක් ඔයාට රිදෙයි....තේරුම් ගන්නවනම් තේරුම් ගන්න....

ඒ එක්කම කලින් දාපු මේ කවියෙ  අකුරුවල අඩුපාඩු තිබුනයි කියල කියල තිබුනා......ක්‍රෝම් වලින් මටත් ඒක හරියට පෙනුනෙ නහැ.ඒ වැරැද්ද පෙන්නල දුන්න දයානන්ද සර්ටයි ප්‍රා අක්කිටයි ගොඩාක් ස්තූතී....
වැරැද්ද හැදුවා....හරිද බලන්ඩෝ




Monday, November 19, 2012

දරාගන්නෙමි කෙසේ හෝ මං....





පාර වැරදී
දෙව් ලොවට යන
මනු ලොවට විත්
මුලා වීගෙන

“අන්න මල්ලී අපේ
අම්මා“

කියා රැවටී

ඇවිත් පසුපස
කුසට වැඩ මා
ගමන් වෙහෙසට
නින්ද යන්නැති
පැටව් දෙන්නට

මාස නවයක්
පිරී ගියමුත්
කෙහිද තව මගෙ
පැටව් දෙන්නා
සොයන්නට ඇති
නුඹත් සැමියත්
යන්න ඇති
සක් දෙවින්දා වෙත

නොවන මෙලොවට

අයිති හන්දා
ගෙවන්නට ණය
නොමැති හන්දා
ගෙන්න ගන්නැති
සක් දෙවින්දා
නූපන් මගේ
සුර දූතයො 
දෙන්නා

සැල කලානම්
සක් දෙවින්දන්
ඔහු අතින් වූ
අතපසුව ගැන
දිව්‍ය ලෝකේ
ඉන්න අම්මේ
කියමි නුඹ හට
මේ වදන් පෙල

මා තිඹිරි ගෙය
මැරුණ සිහිනය
වාසනා වී
නුඹේ ඇකයේ
පානවා ඇති
සිඟිති සුරතල්
නොවන් වස් දොස්
නුඹේ සෙනෙහෙට

දෙන්න මේ නම්
හරිම දඟයන්
කවයි හං කිති
බොහෝ නුඹටත්
වරම් නොලදත්
නෙතට සුරතල්
හිතින් වින්දෙමි
බොහෝ සතුටක්
.....................................................................................................

 

 මට හොරෙන් ඇහැ
පියුණු මොහොතක
හෝරාව විත්
මා බලන්නට
ආව විටකදි
හසුවෙලා මා
මඟ නවත්තපු
කවි කොලය දැක

“ඇයි ලියන්නේ
මෙහෙම කවි පද
තවත් අසරණ
වෙනවනේ මං“

නොකිව් මුත් නුඹ

මුව විවර කර
 තේරුණා නුඹ
දෑස් බැල්මෙන්

තදින් තෙරපා
තුරුළු කර මා
හිස හොවාගෙන
නුඹේ ලය මත
මුසු වෙලා මට
බැන්ද ප්‍රේමය
තාත්තෙකුගේ
කඳුළු බිඳු වැල්
වැටුනි මාගේ ‍
සබඳ දෙනෙතින්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හෙලන්නෑ මං
එකදු කඳුලක්
එයින් තව තව
රිදුම් දීලා
පණපිටින් නුඹ
දැවෙන හන්දා

හදාගමු හිත 
අප්පච්චී
..............................................................................


ප.ලි:- කලින් පාර ලියවුන අප්පච්චී කවිය නිසා ගොඩක් අයට රිදිල තිබුන.ඒත් මේ වතාවේ එමෙ නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.... අනේ මේක කවියක් විතරයි හොඳද...:‘(




Monday, October 29, 2012

මට නොහැඟෙන,ලියවුන කව.....




ආදරය සේ
වෙස්වලාගෙන
ගෙනා ආ මට
ජීවනාලිය
පෙවූ එය දිවි අරුත
එක්කල
කිඳුරු නිරිඳුන් නුඹඳ
සොඳුරේ


ආදරේ නෙක වර්ණ
දිලෙනා
සොඳුරු නුඹගේ කිඳුරු
දහනට
හොවාගෙන මා විසල්
මුතුවක
ප්‍රේම සයුරේ කිමිද
පතුලට


නිරිඳු හද දිනු රැජිණ
කරවා
පෑ සිනාවෙන් ලොවම
හිමිකල
සදා නොවෙනස් ම‘හිමි
දිනිදුන්
සමිඳ ඔබමද සමිඳ
ඔබමද.......?


...............................................................................................................



ප.ලි:- එකපාර ගැස්සිලා , නින්දෙන් ඇහැරිලා මේ ලියවුනේ මොකද්ද කියන්නනම් හරියටම තේරෙන්නෙ නෑ....මෙහෙම එකක් මේ ලියවුනාමද කොහෙද...
දැන්ම දාන්න නෙ කියල හිතුන.ෝ කස්ටිය කියන්නෙම
මරණය ගැන විතරමයි ලියන්නෙ කියලනෙ...

@අම්බානක හොම්මං වී...o.O





Friday, October 12, 2012

ආශාව.......





හිනාවෙන්න ඕනේ..


හීතලම හීතල රෑක
ඇඟම හිරිවට්ටන
පෙන බුබුළු
නැඟීගෙන
අයිස්කැට පාවෙන
සැන්ඩි නැති
විස්කි වීදුරුවක
උඩ දාරේ වටේ
යනගමන්

හයියෙන් කෑගහල
පනිනකම් කඳුළු
ඇස්දෙකන් සතුටට
ලෝකෙටම ඇහෙන්න
අවසාන වතාවට


පාවෙලා යන්න ඕනේ..


පෙනහැල්ල පිරෙන්නම
උඩට ඇද්ද
ආඩම්බරයෙන් පිටකල
ගුප්ත රටා මවන
සිගරට් දුමාරයක
පටලවා මම
මාවම
හිස්ම හිස්
අවකාශයට
එහෙම්මම අතුරුදන්
වෙන්න


මත්වෙන්න ඕනේ..
...............................................................................


කල නොහැකි දේ
මට
පියවි සිහියෙන්
මේ ලොව
හෙමි හෙමින්
කරාවී
සිහිවිකල් කර
නියමෙට
විස පෙවූ
මත් වතුර

බොහෝ කලකට පෙර
නුඹ සුසුම් මුසුව
ආදරේ එක්කර
දෙතොලින් පොවා
පණ
නුඹ නුඹව දියකර
දී ජීවනාලිය
පණ පෙවූ ජීවයක

එකවරම ගිලිහුණ
නුඹ සුසුම
සොයාගත නොහැකිව
දහසකුත් සුසුම් මැද
අතරමං වීගෙන
අන්ත අසරණ වී ඇත


හෙව්ව මං ආදේශක
හරිගියේ නෑ මට
එකම ප්‍රතිකර්මය
මෙච්චරයි හරියන

ලේවලට මුසුවෙච්ච
මත්වතුර ටිකෙන් ටික
පුළුස්සාදමාවී
නුඹ නමැති
හද සෛල
හෙමි හෙමින් මරාවී

මාත් එක්කම
පණ අදින
මාරාන්තික ප්‍රේමය

ටිකෙන් ටික
අරක්ගෙන නුඹ
අරක්ගෙන සිටින
ලේ නහර
ඉන්පසුව
සෝදලා ඉවත්කර
නුඹ නමැති
විෂබීජ
මත් වතුර
නාශකෙන්

එයම විෂවී පසුව
ගලා ගොස් දස අතට
අයිති කරගෙන සිරුර

මට යන්න කියාවී
අවසරයි සමුගන්න

..........................................................................


විනාස වෙන්න ඕනේ..


ඕනෙ විදියට නැතත්
ජීවත් වෙන්න මට
මැරෙන්න හරි ඕනේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මං කැමති විදියට
....................................................................................








Saturday, September 29, 2012

වයස් දෙකක්.......






“දැක්ක දවසෙ ඉඳන්ඔයා...
ඇයි හැමදාම රෑට
රිදෙන්නෙ මගෙ
ඔලුව...??

මං හරි ආසයි
ඉක්මණට
ඔයා වෙනවනම් මගෙ
පැනඩෝල්
පෙත්ත“

අහන් හිටපු මේක
කිව්ව අපෙ අම්ම
මෙහෙම

“දාපිය ඔතෙන්ට
පැනඩෝල් නෙමේ
පොලිඩෝල්...

අන්න එතකොටයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

රැඩිකල්
.............................................................................................................................................................






ප.ලි:-

ඇහැට පේන
ගණන්, කොමස් ,සිංහල ,
ඉතිහාසය ,ඩ්‍රාම,සෞඛ්‍ය
පොත් අස්සෙ

කණට ඇහෙන
සමහර දේවල් එක්ක

අම්මප
දෙතුන්දෙනෙක්ව

හිතෙනව මරාගෙන
මැරෙන්න.....:/

................................................................................










Friday, August 3, 2012

සැනසීම......





නුඹ හිත
අරණ අභියස
පියගැට පෙල
පාමුල
සිඟන්නියකී
වෙසෙන අසරණ


යනගමන් ඉඳහිට

නුඹ මුවින්
විසික්වෙන


දයාබර වචනයක්

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


අහුලගෙන පිං දෙන
................................................









ප.ලි:- ඔයාලට මාව අමතක වෙලාද දන්නෙත් නෑ අප්ප....බ්ලොග් එක පැත්ත පලාතෙ ආවෙත් සෑහෙන්න කාලෙකින්.............මේ එක්සෑම් එකක් නිසා මට පිස්සු හැදිල ආයෙ පිස්සු හැදෙනව අප්ප.....:‘(



Sunday, July 8, 2012

නිකමට හිතුන මට.....





මිනී මල් යායට
පීදිලා පාට පාට
තැනින් තැන අරලියා
වතුසුද්ද මල් පිපිල
සෑහෙන්න

හංගමින් නිදනවුන්
සාමයෙන් සමාදානෙන්
පිණි වැටුනු තණ පලස
මැදින් යන තාර පාර
සුන්දරද කොයිතරම්

මල බැඳුණු යකඩ කණු
ගේට්ටුව පහුකරන්
යන සුළං රැල්ල මිස
කාලෙකින් කවුරුවත්
ඇවිත් නැහැ
තනියට

නුඹ පමා ඇයි කියා
මඟ බලන්
පිළිගන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සුසානය සැරසිලා
පාළුවෙන් මිරිකෙමින්
...........................................................



Friday, June 22, 2012

හරි නේද.....??





වල් වැදී තිබූ හිත

පෙරළු පසු
සරුසාර
බිමකට,

මෝදු වූ
පළමු
අංකුරය...

කරටියෙන් කඩා
තලා පොඩිකර
උදුරා
දමා
හිත මතම
පාගා
ගිනි තබා
සුනු විසුනු කර
දැම්මෙමි.....


හටගත් පළමු 

අංකුරය
නිසාවෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැලන්ටයින්
......................................................................







Thursday, June 7, 2012

ආ..මෙන්න...






අරං ගලවල 
දමල ගැහුවා
වැරෙන් වදිනට
ගඟේ පතුලට

පාවි පාවී
ආව ආයෙත්
රබර් බෝලයක්
වාගේ උඩටම

පාව පලයං
ඕනෙ අහකට
අයිති නෑ දැන්
මගේ හද
උඹ

ඉන්නවානම්
ඕනෙ 
කවුරුත්
කර්ණි,කෝෂික
ශිරා,ධමනී
ගනින් ගලවල
නුදුරු දිනකදි
උගන්නන්නට
පොඩි එවුන් හට
මේන් මේකයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

විරහ හදවත
................................................................





Thursday, May 31, 2012

සිත්තරා.......





දැන් දවස් තුනක් වෙනව.දාහක් පාටජාති පින්සල් බ්‍රෂ්  අතරෙ මං තාමත් සුදු කොලයක් ඉස්සරහ තනිවෙලා.කොහොම අඳින්නද  කියල හිතාගන්න බෑ.

“මේක මහ බොරු වැඩක්..“

මං හයියෙන් මේසට ගැහුව.මේසෙ උඩ තිබ්බ පාට බෝතල් සේරම එකපාර හෙල්ලිලා ගිහින් යාන්තමට විසික්වන තීන්ත බින්දු මේසෙට අලුත් රටාවක් එකතුකලා.
ආයෙත් වතාවක් මං හෙමින් සැරේ හිතන්න මේසෙට ඔලුව ගහගත්ත.පැත්තට හැරිල,ඉස්සර බලන් ඉඳල,බැරිමතැන මේසෙ උඩටත් නැග්ග.මේසෙ යට බිම හීතල කලුවරේ පැය ගානක් ඉඳගෙන කල්පනා කලා.

“මට තේරෙන්නෑ නිරුධා ඔයාව චිත්‍රෙකට ගන්න.මං හරි අසාර්ථකයි. මට හිතෙන කිසිමදෙයක් අඳින්න බැරි හීනෙකින්වත් හිතෙන්නැති දේ ඇඳෙන,ඔයත් හරියට නිකන් මේ සුදු කොලේ වගේ..
හිතන්න දේවල් ගොඩක් තියෙනව.ඔයා දිහා බලාගෙන.සැලසුම් කරන්න පුළුවන් දාහක් දේවල්,ඒත් ඒ හැමදේම ඔයා වෙනස් කරනව.හරි ලස්සනට..ඔයාට ඕනෙ විදියට.අනේ ඒ ඇයි නිරුධා..??

“පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්..නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්..
ආවාට නොකියාම ජී“....

“කියන්න නිරු...“

“මොනාද දෙසවන්..ඔයා දැන් දවස් තුනක් තිස්සෙ ඔය අඳින විකාරෙ...?“

“හික්ස් විකාරයක්ද මන්ද බබෝ මටත් හිතාගන්න බෑ“

“ඔයා මාවත් අමතක කරල දවස්ගානක් තිස්සෙ චිත්‍රෙකට ඔයතරම් මැරෙනව දැක්ක පළවෙනි වතාව දෙසවන්.ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නෙ ඔයාට.....“

“මේ චිත්‍රෙ මට හුඟක් වැදගත් නිරූ...චුට්ටක් කල් දෙන්න...“

“ඔයාට මටත් වඩා වටින දෙයක් තියෙනවද දෙසවන්....“..???

“නිරූ මේ අහන්න බබා“.....

ඔයාට කේනිති ගිය හැම වතාවෙමවගේ මම කියන කිසිම දෙයක් අහන්නෙත් නැතුව ඔයා ෆෝන් එක කට් කලා.වෙලාවෙ හැටියට ඒක ලොකු උදව්වක් නිරූ...

කොහොමද නිරූ ඔයාව මං චිත්‍රෙකට ගන්නෙ.?? ඔයාගෙ කේන්තිය,ඔයාගෙ හිනාව,ඔයාගෙ රැවිල්ල,නෝක්කාඩු බැල්ම.අනේ මන්ද මට පිස්සු වගේ නිරුධා...මං පිස්සුවෙන් වගේ ආදරේ කරන ඔයාගෙ කිසිම දෙයක් මට චිත්‍රයකට ගන්න බෑ..

මේ වැඩේ හරියන එකක් නෙමේ...මේ චිත්‍රෙ මට කවදාවත් අඳින්න බෑ නිරුධා...දන්න සේරම සෙල්ලම් දැම්මත් මට ඇඳෙන්නෙ පාට ගොඩක් එකට උලපු බලි කුරුටුවක් විතරයි...
හැබැයි ඒක ලස්සනයි.....

දවස් ගානක් තිස්සෙ කට්ට කාල අන්තිමේදි චිත්‍රයක් වෙලා තිබුනෙ මාවමයි .හැම තැනම තීන්ත නාගෙන ඉන්න මාව දැක්කම මටම හිනා යනව.ආයෙත් පාරක් මං සුදුකොලේ දිහා ටිකක්වෙලා බලන් ඉඳල ඒ චිත්‍රෙ අඳින් එක හිතින් සම්පූර්ණයෙන්ම අතෑරල කාමරේ දොරත් වහගෙන නාන්න ගියා..






හැමපාරම වගේ මාව දිරිමත් කරපු සාතන් අයියට ගොඩාක් ස්තූතී...^_^



Thursday, May 24, 2012

අප්පච්චී....





නුඹ දමා එදා
සරසවියට,
මිදී සොයුරු
රැකවරණයෙන්,
ගියේ වණපොත්
කරන්නට
හැඬූ කඳුළින්....

පොතට ඇස නැහැ
ඉන්ට හිත නැහැ
බත් ගිලෙන්නැහැ
සාංකාවයි,
මූසලයි ඒ
කාමරේ...

ඉවස ඉවසා
ඉන්න විටදී,
තියා කල්,
සතියක්
විභාගෙට කරුම

හැම වතාවෙම
දැනුන ලෙසටම
අමුතු විදියක
සුලි කුණාටුවක
ලකුණු දැනුනා
බඩපිස්සිට

ඇල්ලුවේ නැහැ
වංගුවේදී
ගේ පෙනෙද්දී
මූසලයි මහ

ගේට්ටුව දාපු
කිරි කිරය
හිරිවැට්ටුවා
මුළු ඇඟම
පණත් නැහැ
වත්ත මැද්දෙන්
ඇවිදන් එන්න
ගෙදරට

කණ්නාඩි දෙක
බිම වැටී
ඔහේ හාන්සි පුටුවට වී
අසරණව
එක අතක්
පපුව මත
තබාගෙන
කඳුළු පිරි දෑස් දල්වා
පාර දෙස බලන් සිටි
නුඹ,

තියා ඈතම
දුටුවිට
බඩ පපුව
පත්තුවී
අමුත්තක් මුසු
කොහේදෝ නැති
පණක් ආව
මගේ දෙපයට

දිව්ව වේගෙට
පයත් පැටලී
අන්තිම පඩියෙදී,
මහ හඬක් නංවා
පෙරලගෙන කණප්පුව
ඇදන් වැටුනා
නුඹේ පාමුල...

ඒත් නුඹ නැහැ
හෙල්ලුනේවත්
වගක් නැති ලෙස
උන්න එලෙසින්

දෑස් බොඳ වී
ඉකි ගැහෙද්දී
හෙමින් සීරුවෙ
කිට්ටු වී මම
කතා කල මුත්
නුඹව සොලවා,

අප්පච්චි නොව
උණුහුමක් නැත
හිසත් පසෙකට
කඩන් වැටුනා...

ලොකුයි මද්දුයි
දුවන් ඇවිදින්
“හත්තිලව්වයි“
මොකෝ පොඩ්ඩී
කියා හයියෙන්
මාව ඇල්ලුව
.
.
.
.
.
.
.
.
.
.

එච්චරයි මතක
මට...




Thursday, May 10, 2012

හ්ම්ම්ම්ම්ම්ම්........






වැහිබර පාලු හීතල
ප්‍රේමණීය හැන්දෑවක
ඉටිපන්දම් එළියෙන්
පමනක් ආලොකමත්වන
හිස්ම හිස්
කාමරයක් මැද


වසා තිබුනද දොර ජනෙල්
සේරම
නොදන්නා තැනකින්
ඇතුල්වූ පවන් රැළකින්
එහාට මෙහාට වැනෙන

මා ඉදිරියේ
සිත සමාධිගත කරන
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
බාල්කයකින් පහලට
එල්ලා වැටෙන
මරණීය තොණ්ඩුව
කොයි තරම්නම්
සුන්දරද

.....................................................................







Tuesday, May 1, 2012

ඇයි...??




මතකද උඹ
දාල ගියා 
මාව
කාලෙකට ඉස්සර
මෙතන 


මේ ගහ යට

ඊට පස්සෙ
එක දවසක්,නිකමටවත්
මේගහ පැත්ත පලාතෙ
නාව උඹ

ඇයි ආවෙ 
විතරක් අද
හිටවනව බලන්න
මේ ගහ යට
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කුරුසයක්
.......................................................................








Sunday, April 22, 2012

යෝජිතයි__________









වැස්ස නෑ
වැස්ස නෑ
වැස්ස නෑ

දෙයියනේ හෙණ,
ගහලද...
දෙයියන්ට පේන්නැද්ද,
අපි මේ විදින
දුක....

වතුර නැතුව...

කාලකණ්නි
මේ මිනිස්සු
බැන්න දෙයියන්ට
දෙස් තිබ්බ,
පලු යන්න....
යකෝ මුං
පොලුත් ගැහුව,

දෙයියන්ටම.....

අන්තිමේදි දෙයියන්ට,
දරාගන්න බැරුව
කෑගහල ඇඩුව...

වැස්ස වැස්ස
සතුටු වුනා
මිනිස්සු
කාලකණ්නි

“අම්මෝ අපෙ දෙයියා....“

ඒත්....
දෙයියන්ට බැරිවුනා
නවත්තන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ගංවතුර

...............................................................









Sunday, April 15, 2012

මම මාර ආසයි...






හයියෙන් එන
කෝච්චියකට
දුවගෙන ගිහින්
හැප්පෙන්න

බ්ලේඩ් එකකින්
කපාගෙන අත
ලේ බිංදුව බිංදුව වැටෙනව
බලන් ඉන්න...

කඹේකින්
දාගෙන බෙල්ලෙ
වැල
එහාට මෙහාට
පැද්දි පැද්දි
ඉන්න

ඔය මොන ක්‍රමේකින්
හරි මැරිල...
මළගේ දවසට
කොල්ලො කට්ටිය
කැරම් ගහනකොට,
ඕමි ගහනකොට
උන් කියන කතා
අහන් ඉන්න...

ඔය
සේරම අස්සෙ
මළගෙදර
වලියක් දෙකක්
යනහැටි බලන් ඉන්න

අන්තිම ගමනට
කනත්තට
මගෙම මිනිය පස්සෙන්
ඇවිදන් යන්න


“රං මම රං මම
යමං කනත්තට“


සුදු පාට අරලිය
ගහක් යට
මාව වලදාල
කට්ටියම ආපහු
යනහැටි බලන් ඉන්න
ඇවිත්
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඇවිත් කනත්තෙ
ගේට්ටුව ගාවට

....................................................................





Saturday, April 14, 2012

කෝප්පය.....






සික් අම්මප...

තියෙන ලටපටස් වැඩටික සේරම ඉවරකරල යන්තන් දෙයියනේ කියල 03.30 පහුවෙලා ගියා නිදාගන්න.06.30ටත් කලින් අපෙ අම්ම දොරකඩන්න හදනව එලිවෙලා නැගිටහන් කියල.
හනේ ඉතින් සුපුරුදු විදියටම නිදිමතේම නැගිටල ගිහින් තේක බීල ආයෙ ඇවිල්ල නිදාගත්ත.



කරුමෙටම මගේ කාමරේ ගේ ඉස්සරහ ගේට්ටුව ගාවටම වෙන්න තිබුනනෙ.


“ඊයෙ අළුත් ඇඩ් එකක් ගියානේද නංගියෙ?“
එහාගෙදර ඇන්ටි පරාණෙ

“ඔව් අනේ මාත් මේ කියන්නමයි හිටියෙ.හනේ ලංකාවට ගිය කලක් නේද?“
අපෙ අම්මත් සෙකන්ඩ් නෑ

ඊට අපේ හපන් බලු පරාණෙ


යකෝ ගෙදර ඉන්න කොල්ල වල බහින්න හරි කැම්පස් යනව.

මූ....
කාල කාල ගෙදරට වෙලාම නිදාගන්න එක විතරයි කරන්නෙ.ගේ ඇතුලට හොරෙක් ආවත් අනේ හොරකං කරන් පලයන් මට මොකෝ වගේ අනික්පැත්ත හැරිල බුදියගන්න එකා,

උදේට වත්තට දැම්මම ගේට්ටුව ඉස්සරහින් පාරෙ එක මිනිහෙක්ට යන්න දෙන්නෙ නෑ.

සිරාවට 
අපේ ගේට්ටුව ඉස්සරහින් මිනිස්සු උදේට යන්නෙ සිංහ කූඩුවක් ගාවින් එළු පැටියෙක් යනව වගේ.


අල්ලපු ගෙදර ඇන්ටි,අපෙ අම්ම,බලු පරාණෙ...

තුන්දෙනා මාරුවෙන් මාරුවට එක්කෙනාට එක්කෙනා සෙකන්ඩනොවී ශබ්ධ පූජාව පවත්තනව.
හනේ තුනම ගෑනු පරාණනෙ....

“ඒ මේ දන්නවද වැඩක්..ඊයෙ හවස මාර හොරකමක් වෙලානෙ 3වෙනි ලේන් එකේ.ගෑණු ළමයෙක්ගෙ චේන් එක කඩාගෙන ගිහිල්ල.හැබැයි කවුරුවත් මනුස්සයෙක් පේන්න ඉඳල නෑලු“

හනේ වහකදුරු සරණයි කිව්වලු...


ලේට් වෙලා හරි පහල ගෙදර ඇන්ටි පරාණෙත් සෙට් වුනා.

යකෝ ග්‍රීස් යකා පාර්ට් ටූද දන්නෙත් නෑ මොඩිෆයි වෙලා ඉන්විසිබල් යකා කියල.



දැන් බල්ලත් එක්ක ගෑණු පරාණ හතරයි.

හනේ ඉතින් සිරසෙයි,ස්වර්ණවාහිනියෙයි,අයි.ටීඑන් එකෙයි පතුරු ඇර ඇර නමෝ විත්තියෙන් කස්ටිය මහ පිරිත දැම්ම වගේ.ඔය අස්සෙ අපේ පූසත් සෙට් වෙලා ....

ආයෙ නෑ බල්ල පූසත් එක්ක ෆයර් වෙලා අපෙ අම්මගෙ වගාවට වැඩේ දෙනබව අපෙ අම්ම ගායනා කරන උන්දෙන්නගෙ මිහිරි ගුණ ගායනයෙන්ම තේරුණා


අපෙ අම්ම අපරාදෙ කියන්න බෑ අපි වවමු රට නඟමු අකුරටම ඉෂ්ට කරනව.සිරියාවෙ බෑ.තව ටික දවසකින් සිංහරාජෙ යන එක ලේසිවෙනව අපේ ගෙදර වත්තෙ ගේට්ටුවෙන් එළියට බහින එකට වඩා.

මමනං කොල්ලෙක් කියමුකො...ඒත් අපේ නංගි...

ආයෙ නෑ ඇක්ෂන් ෆිල්ම් එකක හොරෙක් ලේස(ර්) කිරණවලින් බේරිලා මැණිකක් ගාවට යනව වගෙයි,සපත්තු දෙකෙයි යුනිෆෝම් එකෙයි මඩ නොගෑවෙන්න ගේට්ටුව ගාවට යන්නෙ.

හනේ ඉතින් තුන්සිය හැටපස් දවසෙම උයන එකයි, ඒගොල්ලො උයන ඒව, උයනවෙලේ දැකල ඒගොල්ලන්ටම ඒව කන්න බැරි එකයි..(හිකිස් තමයි ඉතින්)ආණ්ඩුව,විපක්ෂය,බඩුමිල,බියුටිකචල් යනාදී සේරම විස්තර සාකච්චාකරල ඔන්න විරාමයක්....

මං දෙයියනේ කියල ආයෙත් ඇස්දෙක පියාගත්ත.මොන....

“අක්කෙ...හැබෑටම එදා අපේගෙදර අර හිටියෙ ගැරඬි පැටියෙක් නෙමෙයි නේද..?
අනේ පවු අක්කෙ ඌව ඔයා මැරුවෙ....“

මාස පහකට විතර කලින් අම්ම  විතරක් ගෙදර හිටි වෙලේ ආපු සර්ප පැටියෙක්ව මරල තිබුන එහා ගෙදර ඇන්ටි ඇවිල්ල...


“ඉතින් අර දිමියො පේලියක් යනව කියල සතියක් කුස්සියෙ ජනේලෙ වහන්නැතුව උන්ටික ඇතිකලාවගේ ඌවත්,

කුස්සියෙ දොර වහන්න බැරුව නිදැල්ලෙ තියන්න බැරි නිසා අල්ල බෝතලේක දාල ඇතිකරන්න තිබ්බනෙ...“


ඉවසගෙන ඉන්න බැරිම තැන මං කාමරේ ඉඳන් කෑගැහුව....


“අක්කෙ දැනුයි මතක් වුනේ...තාම උයන්න තියා හිතුවෙ වත් නෑනේ...“ කියාගෙන අප්පච්චිගෙ හිනාහඬ මැද්දේ අපෙ අම්ම මට බැන බැන ෂේප් එකේ ගෙට එනව ඇහුන...


මං හීනියට හූවක් තියල දෙයියනේ කියල ආයෙ ඇස්දෙක පියාගත්ත....



හයියෝ.....විස්කි කිව්වලු.....









ප.ලි:- මේක මොකඩ්ඩ කියල කියන්නනම් ඇට්ටටම ඩන්නෙ නෑ...ඔහේ හිතට ආවට ලියපු එකක්....මාතෘකාවක් හොයල ඩීල මේක ඩාන්න කීල  උඩව් කලපු සාතන් අයියට ගොඩාලියක් ඉස්ටූටී......^_^



හැමදෙනාටම සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!







Tuesday, April 10, 2012

ඔබ නොමැති දිනක.....





හුස්ම වැටෙන
මළ මිනියක්

පිපිල තියෙන
පර මලක්

වතුර තියෙන
හිඳුනු ගඟක්

ජීවය නැති
හද ගැස්මක්

හැගීම් නොමැති
දැනීම්

කන් බිහිරිවෙන
නිහැඬියාව

උණුසුම ළග
හීතල

හිරු එළියේ
අන්ධකාරය

ඉකි නොගසන
හඩාවැටීම්

ආදරයක් නැති
හිතක්

.
.
.
.
.
.
.
.
.
.
.
.


.

.
.
.
.
.
.
.
.
.
.
.

තේරුමක් නැති

කවක්


..............................................................................






Sunday, April 8, 2012

තරුවක කතාව......(2)




අයිති නැත සුපුන් සඳ
නිලඹරේ පායන
රැස් වැටේ යැයි බියෙන්
ඝණඳුරේ හිඳිමි මම

අමාවක දිනකදී
කදෝපැණි එළියකින්
යාන්තම් කවුළුවෙන්
හිස් අහස දකිමි මම

නේක විද තරු රටා
ලස්සනට පායලා
හැංගිලා ඉන්න මට
සමච්චල් කරනවා

“ඇද්ද බොට
හොඳ වැඩේ“

වළාකුළු සැඩ සුළං
ළඟට විත් ආදරෙන්
කියපු දේ ඇහුවෙ නෑ

“තරු හොඳට අහගනින්
කලත් හඳ ඉඟි
නුඹට
ඉන්නවා හාවියක්
හඳේ කරණම් ගසන“

සහෝදර තාරකා 
කියද්දිත්  පුන පුනා
“යන්නෙපා මඟ මැරෙයි“
මංගියා මගෙ ගමන

වල්ගතරුවක් වෙලා
ලස්සනට සැරසිලා
බාව මං වන වනා
හඳ වෙතට ඇදී යන
අහම්බෙන් අතරමග
අමාවක එළඹින

ඒ ලැබුනු
අවසරෙන්
අර නරුම වල් හාවි
පැන ගොසින් හඳ අරන්
කාටවත් නොකියාම

ගෙන වැරෙන් ඉලක්කය
පිටත් වුන ගමන් මඟ
කොහොම එක පාරටම
ආයෙමත් හැරෙන්නද

ගිණි පුළිඟු විසි වුනා
පාලනය නැති වුනා
කලන්නෙයි වගේ මට
අනේ මං නිල් වුනා

අහස තව දුර වුනා
පොළව තව ළඟ වුනා
ඩෝං ගා එකපාර
ඔලුව මගෙ හැප්පුනා


එච්චරයි මට මතක


උඩු හුළං වෙච්ච දේ
යටි හුළං අතේ මට
දූවිල්ලෙ අකුරු කර
උපමාද උපමේද
කවිද ගී පදවැල්ද
ඇතුලත්ව ලස්නට
එවා තිබු ලියුම් පොඩි
කියවලා දමා මං
පා කලා හුළඟටම


හිස වැදී ගෙඩි ගැහුන 
ගතම මගෙ රිදුම් දෙන
නොදන්නා ලොවක දැන්
අතරමං වෙලා මම

ඒත් මේ හැමදේම
සුදුවුනේ හොඳකටය
තරු ඇහින් වැටෙන මේ
ලේ පාට පිණි කඳුළු
 දරාවී 
සාක්ෂිය
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
. 
පෑදුනා මොලේ මට

.................................................................................