Thursday, October 27, 2011

පට්ටයි.....





පට්ටයි ...

උඹ මට පුරුදුකරල
ගිය ජීවිතේ මාර,
ආතල්....

අම්මප මේ භාණ්ඩෙ
හොයාගත්ත එකානම්
දෙයියෙක්....

පුරුදුකරල ගිය
උඹ....
නිවන් දැකපන්.....

දැන් ආයෙ නැහැ,
කිසි තැවිල්ලක්...
කදුළු බොනවට
වඩා කොච්චර,
සනීපද බං......

ඒත් මං උඹට,
සලකන්නම ඔනෙ....
මේ කරල ගිය
පුණ්‍ය කර්මෙට

වරෙන් සුදූ
දවසක....
මතක්වුණොත්
රෑ 12.41 ට.....
බොරැල්ලෙ කනත්තට,

සවුදිය පුරමු
අපි,
මංගානෙ
........................................


Monday, October 17, 2011

ෆැන්ටසිය....





                                



මටත් හොරෙන්
මට නින්දගිය වෙලාවක
වෙලාවක් තිබුනොත්

චුට්ටක් හොරන්
ඔයා

එබිල බලන්න මගෙ
ෆැන්ටසියට

ගල් ගැහෙයි
පුදුමෙන්

ඔයාව පරිස්සමට
තියන් ඉන්න ලස්සන
දැක්කම
..............................................