හයියෝ... දෙයියනේ කවුද හිතුවෙ මේවගේ දෙයක් වෙයි කියල....:/
හරියටම 2011.09.17 උදේ පාන්දර පහමාරට විතර..... අහම්බෙන් වගේ ට්‍රයි කරල ට්‍රයි කරල නිකා..........න් ආසාවට වගේ චූටි බ්ලොග් එකක් හැදුව....මුලින්ම “සඳරුගෙ ලොකය“ නම දාන්න හැදුවත් ඔල් රෙඩී එහෙම ලියන කෙනෙක් ඉන්නව කියල දැනගත්ත නිසා... “නිසපුගේ ලෝකය“ කියල නම දාල වැඩේ පටන්ගත්ත. හා හා පුරා කියල මම මුලින්ම ෆේස්බුක් එකේ ලියපු කවියක්මයි දැම්මෙත් ෆැන්ටසිය කියල.ඊට පස්සෙ මම මුලින්ම කමෙන්ට් එකක් කියල දැම්මෙත් පොඩි මෑන්ගෙ “ලට්ට ලොට්ට“ බ්ලොග් එකේ මග දිගට කතාවට.....අපරාදෙ කියන්න බෑ....මට වාසනාවන්ත මුල්ම කමෙන්ට් එක ලැබුනෙත් “නිසූගෙ කතා“ ලියන නිසූප අක්කගෙන්මයි....එයත් තකහනියක්ම ඇවිත් තිබුන මොකද්ද මේ එයාගෙ නමම ටිකක් කණපිට ගහල කරන වැඩේ බලන්න කියල....අනේ ඒ අක්කිය මට දිගටම ලියන්න කියල සුභ පතලත් ගියා....:) ඔයාට ගොඩාක් ස්තූතී මගෙ අක්කියෝ......
ඊට පස්සෙ අපේ පලා මල්ල ලියන පිස්ස අයියත් ආව එයාගෙ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක් දැකල “මොකද්ද මේ නිසූප පලවෙනි පාර ආවයි කියන්නෙ“ කියල.....
දෙයියනේ ගොඩක් දෙනා හිතාගෙන ඉඳල තියෙන්නෙ නිසූපයි නිසපුයි කියන්නෙ දෙන්නම එක්කෙනෙක් කියල.....:'(.ගොඩක් තැන්වල ගිහින් කමෙන්ට් එකක් දැම්මම මට රිප්ලයි එන්නෙ “ගොඩාක් ස්තූතී නිසූප අක්කේ මේ පැත්තෙ ආවට කියල“....:(
අනේ නිසූප අක්කියෝ.....මං නිසා ඔයා මොකක්හරි අපහසුතාවෙකට පත්වුනානම් මට දහස්වාරයක් සමාවෙන්න හොඳේ....මං මේ කිසිදෙයක් හිතල කලේ නෑ....(ඇඬෙනව අප්ප...:'(...)
මේක තවදුරටත් සිද්ධවුනොත් මොනවයින් මොනව වෙයිද දන්නෑ....ඒනිසා අද ඉඳල මගෙ බ්ලොග් එකේ නම “අග්නි ධාරා“ කියල වෙනස් කරනව....(හනේ ඒ නමින් කවුරුහරි ලියනවනම් දන්න කියන පිංවතෙක් මාව ඉන්ෆෝම් කලන්න හොඩේ...:(...)
කාටවත්ම කිසිම දැනුම්දීමක් නොකර හදිස්සියෙන්ම
මේ ගත්ත තීරණේ නිසා ඔයාල පත්වුන
අපහසුතාවයට...:(
මම දහස්වාරයක් සමාව ඉල්ලනව
මං
.
.
.
.
.
නිපුණි ශාස්ත්‍රී පූර්ණිමා
.................................................................
.
.
නිපුණි ශාස්ත්‍රී පූර්ණිමා
.................................................................