Sunday, February 17, 2013

දෙවියන් වහන්ස.......





ද්‍රෝහියා
නුඹ

ගිල්වා ගඟෙහි
ආදර
පොඟවා දමා
ජීවිතය
මිරිකා ඉවත්කර

මගෙන්
මාවම

මරා නොදමා
එලෙසම
ගසා දමලා
ලෙසටම

එල්ලුවා වැලක
සුදු කොඩියක්
විලස
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැලහින්න නමින්
මා
බෞතීස්ම
කර
...............................................................




ප.ලි:-අනේ කාටහරි කියන්න පුළුවන්ද ඇයි මම ගොඩාක් කාලෙකට කලින් ෆලෝ කරපු සමහර බ්ලොග්
ආයෙමත් අලුතෙන් ෆලෝකරන්න වෙලා  තියෙන්නෙ ඇයි කියල.
මට අප්ඩේට් එන්නෙ නැහැනෙ හරියට
:‘(











Monday, February 4, 2013

උපේක්ෂාවෙන්....



හිතක ගින්දර

අවුලුවා මම
දැල්වු පහණට
ඇදෙන පළඟැටි
රෑන දෙස 
මම
බලාගෙන හිඳ
උපේක්ෂාවෙන්

රකිමි 
මුනිවත
..............................................



තවත් කණාමැදිරියෙක්
මේ දවස්වල
රෑට රෑට
කැරකෙනව ආයෙත්
මගෙ වටේට
නට නට

“හිතන් ඇති

මං රැවටෙයි
කියල
ආයෙත්“
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පස්ස පැත්තෙන්
පෙන්නන
හඳ එළියට
...............................................................






ප.ලි:- ශම්මි අක්කගෙයි මහී අක්කගෙයි බ්ලොග් වලට මට යන්න බැරියෝ......:‘(
ඇයි කියල දන්නෙ නැතෝ..........