Tuesday, March 27, 2012

Decent රස්තියාදුකාරයා






කවුරු මොනව කොහොම

කිව්වත්
දැම්මත් මොන
සෙල්ලං

රචනාවක් පොතක්
එහෙම නැත්තන්
කලත් චිත්‍රපටියක්
නිසදැසකට
ගත්තත්

කවි මැණික් ගලෙන්
ඔළුව පලන්න
රත්තරන් කවි නූලකින්
බෙල්ල හිර කරන්න 
දක්ෂ

කවිය
ආශ්වාස කරන
බේසමෙත් තල්මස්සු
දකින
කවියෙන්ම හුස්ම දෙන්න
දන්න

විහින් රස්තියාදුව
ආරූඪ කරගත්ත

නිල්ම නිල්පාට
මුහුද වගේ
නිහඬ

ඕනෙ කෙනෙකුට
සතුටු වෙන්න
හිත මුහුදු වෙරළක්
කරගත්ත

මගේ Decent
රස්තියාදුකාරයාව
ගන්න බැහැ 
“කවියකට“
හිර කරන්න බැහැ
පද හතරකට
නිර්වචනයක් දෙන්න
බැහැ
.
.
.
.
.
.
.
.
.
.

                                          
.
.
.
.
.
.
.
.
.
.

ජීවිතේට
.............................................................





Sunday, March 25, 2012

පැණයක්...






හොරකම් කර මා

හදවත
අසරණ කර නිකැලැල්
පෙම
සන්තක කර
පිවිතුරු කම

මිනී වලක
හැංගුවාට

පලායන්න හැකිවේවිද
මිනී වලෙන් 
 එළියට  පැන 
වියරු වැටී පලි
ඉල්ලන
අවනත නැති
.
.
.
.
.
.
.
.
.

.
.
.
.
.
.
.
.
.
.
ආත්මයෙන්
?????????????????????????????
.........................................................................................









යාලුවනේ...
හලේ ඔයාලගෙන් තූති උපඩෙසක් ඕනේ......:)
මං කතාවක් පටන්ගන්න තාම ඉක්මන් වැඩීද.....?







Tuesday, March 20, 2012

සුනාමි....





මෙතුවක් කල්
ලස්සනට ජීවමානව
සංවර්ධනය වෙමින්
තිබුනු මගේ
හදවතට

 දවසක් දා
හදිස්සියෙන්
නොහිතපු 
මොහොතක
ඇවිත් ගියා
සුනාමියක්

සුන්බුන් දිහා
බල බල
සුනු විසුනු වෙලාගිය
මගේ ලස්සන
හදවතේ
කෑලි එකතු කර කර
මං දැන් අසරණව
ඇවිදිනව
මගේ හිත
උඩම

කිසි දෙයක්
නොවුන වගේ
හෙමින් ඇවිත්
වෙරළ සිපගන්න
නිසංසල මුහුද දිහා
බලාගෙන

විදේශ ආධාර
ඇවිත්
මං දන්නෙත්
නැහැ

මං තාමත්
නිසොල්මනේ
මුහුද දිහා
බලාගෙන

මාස ගානකින්
ආයෙත් සේරම 
යථා තත්වෙට
පත්කරල

විදේශ ආධාර

මං දන්නෙත්
නැහැ

මං තාමත්
නිසොල්මනේ
මුහුද දිහා
බලාගෙන

දැන් හිතේ
පාලනය
සම්පූර්ණයෙන්ම
කරගෙන යනව
විදේශ ආධාර
හරිම ලස්සනට,
කලින් තිබුනටත් වඩා
වැඩියෙන්

මං පොඩ්ඩක්
ඇහැ අරගෙන
මොහොතකට
සයුරෙන්
හැරිල බැලුව
මගෙ හිත දිහා

කදුළු ආව
ඇස් දෙකට
ඒතරම් ලස්සනයි
.
.
.
.
.
.
.
.
.
.
.
.

 සංවර්ධිතයි
දැන් මගේ
හිත
...........................................................




Friday, March 16, 2012

බලන් ඉන්නව......





ආසයි මං

දාන්න  මොන්ටිසෝරියක්
හරි පුදුම
ඉස්කෝලෙ වගේ,
නැතත් කෝච්චි පෙට්ටි
පංතිවලට

කන්දෙන් යමක්
මුහුදෙන් යමක්
නැතත් උන්ට
පොල් රොටි කෑල්ලක් හරි,
මගේ අතින්
හදල කවන්න


ඒත්...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
තනියම බෑ දුයිෂෙයින්
ඔයත් එන්න
ඉක්මණටම
...................................................................










Monday, March 12, 2012

ආදර ගින්න....(1)



බැහැ ගන්න

පාර්ශවයක්
හදවතට එකඟව
දික්කරන්න ඇඟිල්ලක්
වැරදි කාරයින් ලෙස


සම සමව 
හොඳ නරක
බොහෝ විට වැඩි නරක
දෙපාර්ශවයේම
එදිනෙදා අප 
දකින

හැංගිච්ච උත්තරීතර
ආදර කතා නැත
කරළියට
ඒ මන්ද යැයි
නොහැඟෙයි තවම
මට

විත්තිය,පැමිණිල්ල
දෙපාර්ශවයෙන්ම
එහෙත් පිළිගත්
දණ්ඩනීති සංග්‍රහයක්
නොමැත මේ 
මිහිපිට

එකම ඳඩුවම
(තියෙනවුන් හට හෘද සාක්ෂියක්)
විඳවිල්ල ලතැවිල්ල
පසුතැවිල්ල

නැතිවුන්ට හසුවී
හෘද සාක්ෂියක්
එපා මරහඬ දෙන්න
ඉවසීමෙන් ලැබේවි
කෙදිනක හෝ
.
.
.
.
.
.
.
.
.
.
සැනසීම
..............................................................







Wednesday, March 7, 2012

උපහාර වේවා.....!




මුං 


උපත ලබන්නෙත්
වැඩියෙන්ම ආදරේ කරන්නෙත්
අම්මාට

පස්සෙන් යන්නෙත්
ආදරේ කරන්නෙත්
චාටර් වෙන්නෙත්
වීරයො වේනෙත්
දාගෙන වලි
මරාගන්නෙත්
අන්තිමේදි කසාද බඳින්නෙත්
කෙල්ලෙක්ව

ඇගේ තියෙන
සේරම දිරිය
දියකරන්නෙත්
ඇස්දෙක වගේ 
බලාගන්නෙත්
මැණිකක් රකිනා
නා රජිඳෙක් සේ
රකින්නෙත්
පණ වගේ ආදරේ
කරන්නෙත්
“මහ ඉහලින්“
ආඩම්බර වෙන්නෙත්
දූ ගැන

එහෙව් ඈයන්ට

“ගලේ ගහපිය
මරා දාපිය“
කියන්න තරමට
මුංට
එපා වුනත්
ගෑනු ජාතිය
තියේද එක
දවසක්
ජීවිතෙන් ගන්න
.
.
.
.
.
.
.
.
ගැහැනියෙක් 
තොර..??
...................................................................








ප.ලි:- මේකෙන් සෑම පිරිමියෙක්ම සහ ගැහැනියෙක්ම  නිරූපණය නොවන බව කරුණාවෙන් සලකන්ඩෝ....:)


මේ උපහාරය උත්තරීතර කාන්තාවන්ට,


“වැදූ මවයි අහස් කුසයි කවදාවත්
හොඳක් අහන්නේ නැත“.
එමෙන්ම
“පිරිමියෙකුගේ ජීවිතය
අපායෙන් ‍දෙව් ලොවක් කරනන්නටත්
දෙව්ලොවෙන් අපායක්
කල හැක්කේද
ගැහැනියෙක්ට පමණි...“


සුභ කාන්තා දිනයක් වේවා....!!!!




Tuesday, March 6, 2012

ඉල්ලීම....(1)




ඔයා ඉස්සරහ
හුරතල් වෙන්න තියා
කෙලින් ඔයාගෙ ඇස්දෙක 
දිහා බලාගෙන
මට හිතුනම ආසාවට
අතකින් අල්ලගෙන
ඔයාගෙ,
පණ බයයි 
තාම මම

අන්න ඒනිසයි
ඔයාගෙ ඇස්
ඉස්සරහට 
ආවත්
මඟහැරල යන්නෙ
මං

තේරුම් ගන්න 
සුදූ
මගෙ මුළු ලෝකෙම
ඔයා

මං දන්නව
මාව ඔයාගෙ ඔය
අයිස් වගේ හීතල
අත් දෙකට අරගෙන
ආදරෙන් තුරුළු කරගන්න
ඔයා මොනතරම් 
ආසද කියල

ඊටත් වඩා ඒකට
මම ආසයි කියල
ඔයා හොඳටම 
දන්නව

ඒත් මට 
ඒකට
තව ටිකක් කල්
ඕනෙ සුදූ

මොකද මගෙ
පෙම්වතා වුණු ඔයා
.
.
.
.
.
.
.
.
මාරය නිසා
......................................................