Sunday, July 8, 2012

නිකමට හිතුන මට.....





මිනී මල් යායට
පීදිලා පාට පාට
තැනින් තැන අරලියා
වතුසුද්ද මල් පිපිල
සෑහෙන්න

හංගමින් නිදනවුන්
සාමයෙන් සමාදානෙන්
පිණි වැටුනු තණ පලස
මැදින් යන තාර පාර
සුන්දරද කොයිතරම්

මල බැඳුණු යකඩ කණු
ගේට්ටුව පහුකරන්
යන සුළං රැල්ල මිස
කාලෙකින් කවුරුවත්
ඇවිත් නැහැ
තනියට

නුඹ පමා ඇයි කියා
මඟ බලන්
පිළිගන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සුසානය සැරසිලා
පාළුවෙන් මිරිකෙමින්
...........................................................



77 comments:

  1. හැබැයි බොරැල්ල කනත්තට නං ඔය කතාව අදාල වෙන්නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත.......... හැබැයි හැම කනත්තකම තියෙන හුදකළාව බොරැල්ල කනත්තෙත් අඩුනැතිව තියෙනව ..... අද්දැකීමෙන් කියන්නෙ!!!!!

      Delete
    2. මිත්‍රයා බොරැල්ල කිට්ටුවනං පොඩ්ඩක් කලුවර වැටුනම ගිහිල්ල බලන්නකෝ ඒ හරියෙ තියරිය

      Delete
  2. නෑ........? එහෙම හිතුනද? :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. යා යා හිටුනනෙ ඒම්මම...
      සේම්ටු යූ ඩලා.....^_^

      Delete
  3. ලිව්වොත් මරණයක්. හයියෝ වෙන දෙයක් ඇත්තෙම නැද්ද ?.

    ඒ වුනාට හම්බෝ පාලු සොහොන් පිට්ටනියක් කියන්නේ කතා කීයක උල්පතක්ද. මට මැවී මැවී පේනවා.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ ඇරෙන්න වෙන මොකුත් ලියන්නෙත් නෑ ලියවෙන්නෙත් නෑ....^_^

      ඒකනෙ ඒකනෙ......හා හා බලාගෙන තනිමය ගෙදර යන්න එපැයි...

      Delete
  4. අනේ අම්මප අක්කට හිතුනොත් හිතෙන්නේ ඔහොම එකක්ම තමයි :ප
    හිත නිදහස් කොරගන්න කියාපු තැන...

    ReplyDelete
  5. කවිය ලස්සනම ලස්සනයි... හුඟක් පද ලස්සනයි මගේ අනාගත කවියකට හොරකම් කරන්න හිතෙන තරමට.....

    ඒත් හැබෑ ජීවිතේදිනම් ඔච්චර අසුභවාදී වෙන්න එපා

    ReplyDelete
    Replies
    1. අයියූ නෑ අයියෝ කවි ඉටලයි......

      ඒත් ඒ කවිවලින් දැනෙන දේට මං ගොඩක් ආදරෙයි....වෙන කිසිමදේකට වඩා...

      Delete
  6. ඇයි මේ මරණය, මීනි මල්, මිනී පෙට්ටි ගැනම ලියන්නේ??

    ReplyDelete
    Replies
    1. කවුරුවත් ලේසියෙන් ලියන්නෙ නෑනේඩ....අනේමන්ඩ අප්ප මට ලියවෙන්නෙම මේවනේ...:/

      Delete
  7. මරණය ගැනම ලියන නිසා මම දන්න රෝගයක් ගැන ටිකක් ලියන්නම්. ;)

    Symptoms of Depression;-

    * Loss of interest or pleasure
    * Feeling or worthlessness,
    * Thought of death / suicidal Ideation

    ඔයාට ඇතැයි කියල හිතෙන ලක්ෂන ටික විතරයි දැම්මේ. පොඩ්ඩක් පරිස්සම් වෙන්න හොදේ :-0

    ReplyDelete
    Replies
    1. මලා ඔව්වනම් නෑ...........:O

      අනේ බුදු අයියෝ මෙව්ව ලියනව විතරායී.....................

      Delete
  8. හරි හරි ඒවානේ හිතෙන්නේ. හීනෙන් ගොක් කොළ වගේ පේනවද :D

    ReplyDelete
    Replies
    1. කලුමෙ කියන්නෙ ආසාවට එකක් පේන්නෑනෙ අප්ප...:/

      Delete
  9. මේකිට කියලා වැඩක් නෑ. අර එකක කිව්වා වගේ හයියෙන් එන කෝච්චියකට දුවලා ගිහිං හැප්පියන්. එතකොට හැමදාමත් ඔය ආස කරන තැනට වෙලා ඉන්න පුළුවන්. මාර ආතල් එකක් දැනෙයි.

    ReplyDelete
    Replies
    1. හයියූ ශාන්ටී ඩලුවා ශාන්ටී.....මෙව්ව ලිව්වට මං බබී මේම නෑ හලේ....^_^

      Delete
  10. ඔය කියන තැනට මටත් ඉක්මනින් යන්න ඇත්නම්...

    ReplyDelete
    Replies
    1. අනී මන්ඩ අප්ප....ලිව්වට තිං මත ඩැන්ම යන්න ඕනෙනම් නා....:)

      Delete
  11. මාත් මේ අහන්නමයි හිටියේ..ඇයි මේ හැමදේම එපා වෙලා වගේ..හ්ම්...ඔව් ඉතින් වැඩිය කවුරුත් කතා නොකරන පැත්තක්නේ..ඒකෙ වැරුද්දකුත් නෑ. එත් හැමදාම........

    ReplyDelete
    Replies
    1. අනේ මත එපාවෙලා නැතෝ.....මෙව්ව ලියනව ඉටලයි අප්ප...:)

      Delete
  12. අනේ මන්දා...
    හ්ම්ම් පව් කනත්ත
    හැමදාම පාලුවෙන් නේ ඒත්.....
    අනේ මන්දා

    ReplyDelete
    Replies
    1. ඒකනි අනී කියන්නෙ පවු නේඩ......:(

      Delete
  13. කැරකොප්පුව /කනත්ත /සුසානය /සුසාන භූමිය /මිනි පිට්ටනිය /සොහොන් පිටිය
    ඔය ටික විතරයි මතක !!!

    ReplyDelete
    Replies
    1. හික් හික්....ආසම වතන සෙත් එකක්...^_^

      (හැබැයි තිං හොම්මංවලත බයයි...ඒක වෙනම කතාවක්...:/)

      Delete
  14. ඔයාට ටිකක් විතර පිස්සු නේද?...

    ReplyDelete
    Replies
    1. ඔයා අලුත් නාලුවෙක් වගේ....ඒකනි තිකක් පිත්තුඩකියල ඇව්වෙ....සාඩලයෙන් පිලිගන්නව ඔයාව...

      තිකක් නෙමේ හලේ මං බබීත හොඩටම පිත්තු...^_^

      Delete
  15. ලස්සනයි යාළු !

    ReplyDelete
  16. ඔයා ලියන්නේ හුග දෙනෙක් දකින නැති පැත්තක යථාර්තයක් ගැන ඒ හින්දම මන් මාර අසයි නංගෝ ලස්සනයි මන් ගොඩක් රස වින්දා............

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතී අයියෝ......^_^

      Delete
  17. කනත්තක අන්දරය

    කේසෙනම් පවසන්ද

    මිල මුදල් පසුපසින්

    හඹා යන මිනිසුන්ට...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :)

      Delete
  18. කාලෙකින්කවුරුත්ආවේනෑකිව්වේ,
    පාළුකනත්තක්වගේ??

    ReplyDelete
  19. නිසඳැස අපූර්ව ආකාරයෙන් ලියල තියෙනවා. ලස්සනයි. ඒත් මේ කවියේ "නුඹ පමා ඇයි කියා
    මඟ බලන් පිළිගන්න" මේ ටිකෙන් අවසන් කළානම් නියමයි. "සුසානය සැරසිලා පාලුවෙන් මිරිකෙමින්" මේ ටික අවහ්‍ය වෙන්නෙ නැහැ මොකද කවියේ අදහස තියෙන නිසා කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතී සර්......අඩුපාඩු පෙන්නල දිරිමත් කරනවට...:)

      Delete
  20. කවිය හරිම ලස්සනයි නංගා....

    මටත් දැන්නම් නිකමට හිතෙනවා පාළු සුසානය සැරසිලා ඉන්නවා කියලා..බලන්නවත් යන්න ඔනී ඒ පැත්තේ..(හේ..හේ..)

    ReplyDelete
    Replies
    1. අපූ අපූ ටව කල් ටියෙනෝ.......:O

      ගොඩාක් ස්තූතී අක්කියෝ....

      Delete
  21. ඇයි බං සොහොන් ගැන ඇරෙන්න වෙන ලියන්නම දෙයක් නැද්ද?? කවිය ලස්සන වුනත් මේකට කැමති නම් නෑ....

    ReplyDelete
    Replies
    1. ඩෙයියනේ අයියො තිං මට ලියවෙන්නෙ මෙව්ව ඉටලනේ....:(

      Delete
  22. අග්නියාව බලන්න අවා විතරයි මදැයි දැක්කදේ.... කොහොම වුනත් අවලස්සන දෙයක් ගැන ලස්සනට ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හපුයි...බයවෙන්න එපෝ......සාඩලයෙන් පිලිගන්නව යාලූ ඔයාව....^_^

      Delete
  23. මීනී මල් වට කරං
    මග බලන් ඇතිය නුඹ
    සමන් මල් සුවදට අරං
    තවම පෙට්ටියේ නිදන මම
    ඉවසන්න මොහොතකට
    සමුදෙන්න ලෝකයට
    නුදුරු හෙට දිනට මම
    එමිය නුඹගෙ තනි රකින්නට........

    ReplyDelete
  24. Completely different.. As usual :) Great

    ReplyDelete
    Replies
    1. තැන්කූ වෙලිමච් අනී..............^_^

      Delete
  25. අදත් මරණයක්.. බෑනේ ඉතින් කරන්න..

    ReplyDelete
    Replies
    1. ඒකනි බෑනෙ හලේ කලන්න......

      (රාසින්:- හැබෑට මුකඩ්ඩ අයියො කලන්න බැලි.....???)

      Delete
  26. කනත්තෙන් එළියට එන්නෙ කවද්දි අග්නි...එළියට ආවත් අපිට බයයි...ඉන්නකොට ඊටත් වැඩිය බයයි..

    ඇත්ත කාටවත් හිතෙන්නෙම නැති මාතෘකාවක්....

    ReplyDelete
    Replies
    1. හපුයි ඒකෙන් එලියත එන්නෑ....පවුනෙ ඔයාල....^_^

      ස්ටූටී අක්කෝ.....

      Delete
  27. නියමයි අග්නියො..:)) ඊලඟ මාතෘකාව 'මෘතශරීරාගාරය' ද​?

    ReplyDelete
    Replies
    1. එලකිරි සමඟ සැන්ඩ්විච් කිව්වලු.....නියමයිනෙ ෆා අක්කි....^_^

      හිතල බලන්නෝනේ.......නියම මාට්ලුකාව...

      Delete
  28. මෙයා දන්නේ මරණයට සම්භන්ද සිද්දියෙන් . ඒත් නියමයි.

    ReplyDelete
    Replies
    1. හික් හික්....තැන්කූ අසර් අයියෝ...^_^

      Delete
  29. මේ කවි පෙළ අමුතු උනත් සුන්දරව හිතනවා නම් එතන ටිකක් සුන්දර දසුනක් මවා ගන්න එක උනත් ඒ තරම්ම අමාරු නෑ. මිනි, සොහොන් වගේ ඒවා ගැන අපේ හිත හිතන්නේ ටිකක් අපුලෙන් හින්දයි මේ අවුල.

    ඒ මට දැනෙන විදිය.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියෝ....හැමෝටම එහෙම නෑ...ඒත් මේක චූටි උත්සහයක් විතරයි....:)

      Delete
  30. මේක නිසා උඹේ හැකියාව හෑල්ලු වෙලා කවි ඒකාකාරී වෙනව කියල උඹට හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ෂාන් මට ලියවෙන දේ ඇරෙරන්න බලෙන් කවදාවත් හිතල කිසිමදෙයක් ලියන්න යන්නෙ නෑ මං..එහෙම ලිව්වත් වැඩක් නෑ.....ලියවෙන දෙයක් දානව අප්ප..එච්චරයි...:)

      අර මං හැමදාම කියනව වගේ මෙව්වෑ දිගක් පලලක් හොයන්න යන්න එපා බං....^_^

      Delete
  31. මොකද සද්දයක් නැත්තේ?
    මෙයා බැඳලා වත්ද? හෑ...

    ReplyDelete
    Replies
    1. ඇහ්...මලා...පිස්සුඩ හලේ ටාම දහඅටයි....:O

      අර එක්සෑං කියල එකක් ටියෙනවනෙ හලේ.....:/
      හැබැයි මං බබී ටාම ඕලෙවල්....සෙකන්ඩ්ෂයි කලන්නෙ...

      Delete
    2. හ්ම්ම් හැමදෙයක්ම හොඳට කරගන්න ඒවා සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

      Delete
  32. "ආවා බලන්නට සොහොනක් හින්දා මහා රැ නිදි නොමරා
    බුදු අම්මෝ මේවා කියලා ඔයත් මාව හොදටම බයම කරා
    දුකේදී නම් මටත් සදාතනික නින්දේ සුව ඉදලා හිටලා ඕනී කරා
    අපිත් එහේ ගියේ නැත්තම් එන්නම්කෝ ආපහු සොයලා අග්නි ධාරා..."

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී යාලූ......සමාවෙන්න පරක්කු වුනාට....
      සාදරයෙන් පිලිගන්නව ඔයාව මේපැත්තට....:)

      Delete
  33. අම්මෝ ආවෙත් අදමයි..බයකුත් ආව.ලස්සනයි ලස්සනයි අග්නි ධාරා...

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න පරක්කු වුනාට........සාදරයෙන් පිලිගන්නව යාලු එයාව මේපැත්තට...:)

      Delete
  34. Replies
    1. හී....උයා ඩන්නවනෙ බබා අක්කි ගැන....^_^

      Delete
  35. ඔයාගේ බ්ලොග් එක පැත්තේ ආවේ අදමයි.. ආවට පස්සෙ හිතුනා අපරාදේ මන් එන්න පරක්කු වුනේ කියලා.. ඒ තරමටම ඔයාගේ නිර්මාණ ලස්සනයි.. දැන් ඉතින් මුල ඉඳන්ම කියවන්න ඕනේ.. හැම එකටම නම් කමෙන්ට් කරන්න වෙන එකක් නෑ.. ඒත් හැම එකක්ම කියවනවා අනිවාර්යයෙන්ම..ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී යාලූ.....සාදරයෙන් පිලිගන්නව ඔයාව....:)

      Delete