Monday, November 26, 2012

දැනුම් දීමක්.......



 


කමෙන්ට්ස් දාන ඇනෝ සහෝදරයටයි කියන්නේ......

ඇනෝ සහෝදරවරු කීපදෙනෙක් මගෙ බ්ලොග් එකේ කමෙන්ට්ස් දාල තිබ්බත්,මේ කියන්නෙ කාටද කියල ඒ අදාල ඇනෝ දන්නව.......

කලුගල් කියන ජාතිය කවදාවත් දියකරන්න බෑ.....කාගෙවත් දුකකටවත් කඳුළු වලටවත්.ඒත් ඔයා එකපාරක් කලුගලකට ආදරේ කරන්න ඇවිත්,හිත රිද්දගත්ත නිසා බොහොම කරුණාවෙන් කියන්නෙ...පාඩුවෙ ඉන්න දෙන්න.මට ඔයාගෙ හෙවනැල්ලක්වත් දකින්න නෙ නෑ.

කලු ගල්වල ඔලුව හප්පගන්න එපා....රිදෙන්නෙ මට නෙේ....


දෙයක් කිව්වම විශ්වාස කරන්න පුළුවන්නම් විශ්වාස කරන්න....බැරිනම් නිකන් ඉන්න....

ඇත්ත කියන්නෙ මොකද්ද කියල දවසකඔයාට තේරෙයි....හැබැයි අන්න එදාට මීට වඩා ගොඩාක් ඔයාට රිදෙයි....තේරුම් ගන්නවනම් තේරුම් ගන්න....

ඒ එක්කම කලින් දාපු මේ කවියෙ  අකුරුවල අඩුපාඩු තිබුනයි කියල කියල තිබුනා......ක්‍රෝම් වලින් මටත් ඒක හරියට පෙනුනෙ නහැ.ඒ වැරැද්ද පෙන්නල දුන්න දයානන්ද සර්ටයි ප්‍රා අක්කිටයි ගොඩාක් ස්තූතී....
වැරැද්ද හැදුවා....හරිද බලන්ඩෝ




Monday, November 19, 2012

දරාගන්නෙමි කෙසේ හෝ මං....





පාර වැරදී
දෙව් ලොවට යන
මනු ලොවට විත්
මුලා වීගෙන

“අන්න මල්ලී අපේ
අම්මා“

කියා රැවටී

ඇවිත් පසුපස
කුසට වැඩ මා
ගමන් වෙහෙසට
නින්ද යන්නැති
පැටව් දෙන්නට

මාස නවයක්
පිරී ගියමුත්
කෙහිද තව මගෙ
පැටව් දෙන්නා
සොයන්නට ඇති
නුඹත් සැමියත්
යන්න ඇති
සක් දෙවින්දා වෙත

නොවන මෙලොවට

අයිති හන්දා
ගෙවන්නට ණය
නොමැති හන්දා
ගෙන්න ගන්නැති
සක් දෙවින්දා
නූපන් මගේ
සුර දූතයො 
දෙන්නා

සැල කලානම්
සක් දෙවින්දන්
ඔහු අතින් වූ
අතපසුව ගැන
දිව්‍ය ලෝකේ
ඉන්න අම්මේ
කියමි නුඹ හට
මේ වදන් පෙල

මා තිඹිරි ගෙය
මැරුණ සිහිනය
වාසනා වී
නුඹේ ඇකයේ
පානවා ඇති
සිඟිති සුරතල්
නොවන් වස් දොස්
නුඹේ සෙනෙහෙට

දෙන්න මේ නම්
හරිම දඟයන්
කවයි හං කිති
බොහෝ නුඹටත්
වරම් නොලදත්
නෙතට සුරතල්
හිතින් වින්දෙමි
බොහෝ සතුටක්
.....................................................................................................

 

 මට හොරෙන් ඇහැ
පියුණු මොහොතක
හෝරාව විත්
මා බලන්නට
ආව විටකදි
හසුවෙලා මා
මඟ නවත්තපු
කවි කොලය දැක

“ඇයි ලියන්නේ
මෙහෙම කවි පද
තවත් අසරණ
වෙනවනේ මං“

නොකිව් මුත් නුඹ

මුව විවර කර
 තේරුණා නුඹ
දෑස් බැල්මෙන්

තදින් තෙරපා
තුරුළු කර මා
හිස හොවාගෙන
නුඹේ ලය මත
මුසු වෙලා මට
බැන්ද ප්‍රේමය
තාත්තෙකුගේ
කඳුළු බිඳු වැල්
වැටුනි මාගේ ‍
සබඳ දෙනෙතින්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හෙලන්නෑ මං
එකදු කඳුලක්
එයින් තව තව
රිදුම් දීලා
පණපිටින් නුඹ
දැවෙන හන්දා

හදාගමු හිත 
අප්පච්චී
..............................................................................


ප.ලි:- කලින් පාර ලියවුන අප්පච්චී කවිය නිසා ගොඩක් අයට රිදිල තිබුන.ඒත් මේ වතාවේ එමෙ නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.... අනේ මේක කවියක් විතරයි හොඳද...:‘(