Wednesday, February 8, 2012

"..........."





දුයිෂෙයින්
අසනු මැන
ලැබී ඇත දෙවෙනි
වරම නුඹට

එපා දැන දැන
යනන් දෙන්න
මේසැරෙත්
අලිතීනායිට

දමා ආදරෙන් ඇතිකල
පොප්ලර් දරුවන්

බැහැ ඉන්න නුවර
මොස්කව්
 හද ගැස්ම 
තියෙන තුරු

අයිලයේ මතකයන්
මුසුවෙලා වාතයට
මගෙ හුස්ම 
හිරකරන

.....................................................




18 comments:

  1. මේක ගුරු ගීතයෙ අතුරු කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අනේ....මටත් හිතුන ඔහේ ලිව්ව....:)

      Delete
  2. අපූරුයි.. පිළිතුරු කවක් ලියන්න අදනම් විදිහක් නැත..

    ReplyDelete
    Replies
    1. අනේ කමක් නෑ අයියේ....ආව එකටම ගොඩක් ස්තූතී.....

      Delete
  3. ගුරුගීතය මම කැමතිම පොතක්...

    මෙච්චර දවසක් හිතන් හි‍ටියෙ නිසපු, නිසූපා දෙන්නම එක්කෙනෙක් කියලනෙ.. :)
    මේ පැත්තට නම් මම එවෙන එකක් නෑ.. මොකද කවි නිසදැස් එක්ක තියෙනව ජන්මාන්තර වෛරයක් වගේ එකක් මේ වෙද්දි... මේකත් කියෙව්වෙ දුයිෂෙන් කියන නම තිබුන හින්ද.. කවි සහ නිසඳැස් නොවන දවසට අනිව කියවනව :)

    ReplyDelete
    Replies
    1. හපොයි දෙයියනේ.....ඔයා ඒතරමටම ආදරේ කලාද කව නිසඳැස්වලට ජන්මාන්තර වෛරයක් ඇතිවෙන්නතරම්..?????....:O

      ගොඩාක් ස්තූතී මේපැත්තෙ ආවට...සාදරයෙන් පිලිගන්නව....:)

      Delete
  4. ගුරු ගීතය!
    මම කියවපු හොදම පොතක්!:)

    ReplyDelete
  5. හැම නිසැදසකම තියන පොදු ගතිගුණ අතහැරලා අලුත් ලස්සන දෙයක් කරල තියනව . අපි කැමතියි අලුත් දේවල් වලට .ඔබට ජය !

    ප.ලි : දෙතුන් පාරක්ම අතටම ලැබිලත් මම ගුරු ගීතය කියවලා නැහැ.ඒක නිසා කියන දේ හරියටම තේරුම් ගන්න අමාරුයි .අවාසනාව තමයි .

    ReplyDelete
    Replies
    1. අනේ කොහොමහරි කියවන්න අයියේ...ගොඩාක් ලස්සන පොතක්....
      ගොඩක් ස්තූතී මේපැත්තෙ ආවට...

      Delete
  6. ලස්සන නිසදැසක්! ලස්සනයි නිපූ!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතී අයියේ.....:)

      Delete
  7. ඉතින් මොස්කවු ඉන්න්නෙ නැතිව මෙහෙට එන්ටලාකො.....

    ReplyDelete
    Replies
    1. හලේ අැත්තටම එන්න පුළුවන් වුනානම්....:(

      Delete
  8. හැම කෙනාම කියනවා ගුරු ගීතය ලස්සනයි කියල. ඇත්තද බලන්න මමත් ඉස්කෝලේ යනකාලේ පුස්තකාලෙන් පොත අමාරුවෙන් හොයාගෙන කියවන්න ගත්තා. මාස 6 ක් ම ගුරු ගීතය පොත් මේසේ පොත් අස්සේ තිබිල අපහු ගිහින් බාර දුන්න නොකියවම. ඉතින් මට මේ කවිය වැටහෙනවා හොරයි.

    (උඩින් කමෙන්ට් කරපු අමිලත් මගේ බෝට්ටුවේම කියල දැන ගත්තේ දැන්නේ)

    ReplyDelete
  9. දෙවතාවක් කියෙවුවා තේරුනේ නැහැ වගේ.. මං ගොනෙක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ එහෙම නෑ.....මේක ඒ ඇසුරෙන් කරපු නිර්මානයක් විතරයි....
      කැමති කෙනෙක්ට කැමති විදිහකට තේරුම්ගන්න පුළුවන්....:)
      ස්තූතී මේපැත්තට ආවට...සාදරයෙන් පිලිගන්නව......

      Delete