Saturday, April 14, 2012

කෝප්පය.....






සික් අම්මප...

තියෙන ලටපටස් වැඩටික සේරම ඉවරකරල යන්තන් දෙයියනේ කියල 03.30 පහුවෙලා ගියා නිදාගන්න.06.30ටත් කලින් අපෙ අම්ම දොරකඩන්න හදනව එලිවෙලා නැගිටහන් කියල.
හනේ ඉතින් සුපුරුදු විදියටම නිදිමතේම නැගිටල ගිහින් තේක බීල ආයෙ ඇවිල්ල නිදාගත්ත.



කරුමෙටම මගේ කාමරේ ගේ ඉස්සරහ ගේට්ටුව ගාවටම වෙන්න තිබුනනෙ.


“ඊයෙ අළුත් ඇඩ් එකක් ගියානේද නංගියෙ?“
එහාගෙදර ඇන්ටි පරාණෙ

“ඔව් අනේ මාත් මේ කියන්නමයි හිටියෙ.හනේ ලංකාවට ගිය කලක් නේද?“
අපෙ අම්මත් සෙකන්ඩ් නෑ

ඊට අපේ හපන් බලු පරාණෙ


යකෝ ගෙදර ඉන්න කොල්ල වල බහින්න හරි කැම්පස් යනව.

මූ....
කාල කාල ගෙදරට වෙලාම නිදාගන්න එක විතරයි කරන්නෙ.ගේ ඇතුලට හොරෙක් ආවත් අනේ හොරකං කරන් පලයන් මට මොකෝ වගේ අනික්පැත්ත හැරිල බුදියගන්න එකා,

උදේට වත්තට දැම්මම ගේට්ටුව ඉස්සරහින් පාරෙ එක මිනිහෙක්ට යන්න දෙන්නෙ නෑ.

සිරාවට 
අපේ ගේට්ටුව ඉස්සරහින් මිනිස්සු උදේට යන්නෙ සිංහ කූඩුවක් ගාවින් එළු පැටියෙක් යනව වගේ.


අල්ලපු ගෙදර ඇන්ටි,අපෙ අම්ම,බලු පරාණෙ...

තුන්දෙනා මාරුවෙන් මාරුවට එක්කෙනාට එක්කෙනා සෙකන්ඩනොවී ශබ්ධ පූජාව පවත්තනව.
හනේ තුනම ගෑනු පරාණනෙ....

“ඒ මේ දන්නවද වැඩක්..ඊයෙ හවස මාර හොරකමක් වෙලානෙ 3වෙනි ලේන් එකේ.ගෑණු ළමයෙක්ගෙ චේන් එක කඩාගෙන ගිහිල්ල.හැබැයි කවුරුවත් මනුස්සයෙක් පේන්න ඉඳල නෑලු“

හනේ වහකදුරු සරණයි කිව්වලු...


ලේට් වෙලා හරි පහල ගෙදර ඇන්ටි පරාණෙත් සෙට් වුනා.

යකෝ ග්‍රීස් යකා පාර්ට් ටූද දන්නෙත් නෑ මොඩිෆයි වෙලා ඉන්විසිබල් යකා කියල.



දැන් බල්ලත් එක්ක ගෑණු පරාණ හතරයි.

හනේ ඉතින් සිරසෙයි,ස්වර්ණවාහිනියෙයි,අයි.ටීඑන් එකෙයි පතුරු ඇර ඇර නමෝ විත්තියෙන් කස්ටිය මහ පිරිත දැම්ම වගේ.ඔය අස්සෙ අපේ පූසත් සෙට් වෙලා ....

ආයෙ නෑ බල්ල පූසත් එක්ක ෆයර් වෙලා අපෙ අම්මගෙ වගාවට වැඩේ දෙනබව අපෙ අම්ම ගායනා කරන උන්දෙන්නගෙ මිහිරි ගුණ ගායනයෙන්ම තේරුණා


අපෙ අම්ම අපරාදෙ කියන්න බෑ අපි වවමු රට නඟමු අකුරටම ඉෂ්ට කරනව.සිරියාවෙ බෑ.තව ටික දවසකින් සිංහරාජෙ යන එක ලේසිවෙනව අපේ ගෙදර වත්තෙ ගේට්ටුවෙන් එළියට බහින එකට වඩා.

මමනං කොල්ලෙක් කියමුකො...ඒත් අපේ නංගි...

ආයෙ නෑ ඇක්ෂන් ෆිල්ම් එකක හොරෙක් ලේස(ර්) කිරණවලින් බේරිලා මැණිකක් ගාවට යනව වගෙයි,සපත්තු දෙකෙයි යුනිෆෝම් එකෙයි මඩ නොගෑවෙන්න ගේට්ටුව ගාවට යන්නෙ.

හනේ ඉතින් තුන්සිය හැටපස් දවසෙම උයන එකයි, ඒගොල්ලො උයන ඒව, උයනවෙලේ දැකල ඒගොල්ලන්ටම ඒව කන්න බැරි එකයි..(හිකිස් තමයි ඉතින්)ආණ්ඩුව,විපක්ෂය,බඩුමිල,බියුටිකචල් යනාදී සේරම විස්තර සාකච්චාකරල ඔන්න විරාමයක්....

මං දෙයියනේ කියල ආයෙත් ඇස්දෙක පියාගත්ත.මොන....

“අක්කෙ...හැබෑටම එදා අපේගෙදර අර හිටියෙ ගැරඬි පැටියෙක් නෙමෙයි නේද..?
අනේ පවු අක්කෙ ඌව ඔයා මැරුවෙ....“

මාස පහකට විතර කලින් අම්ම  විතරක් ගෙදර හිටි වෙලේ ආපු සර්ප පැටියෙක්ව මරල තිබුන එහා ගෙදර ඇන්ටි ඇවිල්ල...


“ඉතින් අර දිමියො පේලියක් යනව කියල සතියක් කුස්සියෙ ජනේලෙ වහන්නැතුව උන්ටික ඇතිකලාවගේ ඌවත්,

කුස්සියෙ දොර වහන්න බැරුව නිදැල්ලෙ තියන්න බැරි නිසා අල්ල බෝතලේක දාල ඇතිකරන්න තිබ්බනෙ...“


ඉවසගෙන ඉන්න බැරිම තැන මං කාමරේ ඉඳන් කෑගැහුව....


“අක්කෙ දැනුයි මතක් වුනේ...තාම උයන්න තියා හිතුවෙ වත් නෑනේ...“ කියාගෙන අප්පච්චිගෙ හිනාහඬ මැද්දේ අපෙ අම්ම මට බැන බැන ෂේප් එකේ ගෙට එනව ඇහුන...


මං හීනියට හූවක් තියල දෙයියනේ කියල ආයෙ ඇස්දෙක පියාගත්ත....



හයියෝ.....විස්කි කිව්වලු.....









ප.ලි:- මේක මොකඩ්ඩ කියල කියන්නනම් ඇට්ටටම ඩන්නෙ නෑ...ඔහේ හිතට ආවට ලියපු එකක්....මාතෘකාවක් හොයල ඩීල මේක ඩාන්න කීල  උඩව් කලපු සාතන් අයියට ගොඩාලියක් ඉස්ටූටී......^_^



හැමදෙනාටම සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!







32 comments:

  1. හිතට එන්න ඇත්තෙ ඉතිං උඹ නිදිකුම්භරය වගේ නිදන් ඉද්දි නින්ද කැඩුන හින්ද වෙන්න ඇති :)

    ReplyDelete
  2. [ගෑණු ළමයෙක්ගෙ චේන් එක කඩාගෙන ගිහිල්ල.හැබැයි කවුරුවත් මනුස්සයෙක් පේන්න ඉඳල නෑලු] -අෑ!

    ReplyDelete
    Replies
    1. හික්....ඒකනෙ අනී “යකෝ ග්‍රීස් යකා පාර්ට් ටූද දන්නෙත් නෑ මොඩිෆයි වෙලා ඉන්විසිබල් යකා කියල.“ කිව්වෙ...;)

      ඕක ඇත්තට ඇහුන වෙලාවෙ මාවත් උඩ ගියා.....

      Delete
  3. ඕපාදූප චැනල් එක නෙව මාට්ටු වෙල තියෙන්නෙ....:P

    ReplyDelete
    Replies
    1. හයියූ කීල වැඩක් නෑ අනී....:/

      Delete
  4. ඔයාට ෂුබ අලුට් අවුලුඩ්ඩක් අක්කියෝ...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා නංගි පැට්ටෝ....^_^

      Delete
  5. එසේම වේවා..

    "අපි වවං කමු" සංකල්පෙ නැගලා යනෝ වගේ නෙහ්..

    ReplyDelete
    Replies
    1. හයියූ හික් හික් කීල වැඩක් නෑ.....;)

      Delete
  6. හයියූ සල්ලි...අෆරාඩෙ හැබැයි ගෑනු දරුවගෙ මාලේ.. :)

    සුබ අලුට් අවුලුඩ්ඩක් වේවා ඈ..

    ReplyDelete
  7. නම අහල තිබ්බට අදමද කොහෙද මේ පැත්තට ආවේ. දැන් නම් ඉතිං මෙහෙ එනවා දිගටම.......

    ReplyDelete
    Replies
    1. අහ්...ගොඩාක් ස්ටූටී රෙප් මහට්ටයෝ.....^_^

      Delete
  8. " මමනං කොල්ලෙක් කියමුකො...ඒත් අපේ නංගි..."

    මේක ඇත්ත කාතාවක් කියලා හිතාගෙන කියවන් එද්දි මේක දැක්කම මම හිතුවේ මම මෙච්චර දවසක් වැරදි පාරක ගියාදෝ කියලා.. හෙහ්.. මාත් නිදිමතේ මේක කියෙවුවේ.. දැන් නම් නිදිමත ගියා මේක දැක්ක නිසා.. :)

    ReplyDelete
    Replies
    1. හික් හික්.....හයියූ.....උයාටට් වෙන වැඩ....;)

      Delete
  9. මේ ඔයා කෙල්ලෙක්ද? ,මම මෙච්චර කාලයක් හිතන හිටියේ ඔය කෙල්ලෙක් කියල ඇත්තම ජෙන්ඩර් එක මොකක්ද?

    ReplyDelete
  10. ලියනවයි කියපු කෙටි කතාවද මේ??:)
    අදහස ඉස්මතුවෙනව අඩුයි වගේ නේද නංගෝ??
    මට හිතෙන දේ කිව්වෙ:),ඊලග කතාව ඔයාගේ අඩු පාඩු හදාගෙන සුපිරියටම ලියමු :)

    ReplyDelete
    Replies
    1. හයියූ....නෑ නෑ....මේක මේ නිකන් මට හිටට ආවට ලීපු එකක්....ඒකනෙ මොකඩ්ඩ කියල කියන්න මංවට් ඩන්නෑ කිව්වෙ.....(මේක ඇත්තට වෙත්ත සිඩ්ඩියක් අනී....;)...)

      Delete
  11. හි හි ..ඔයත් කරන වැඩ අප්පා..කී දෙනෙක් බය වෙලාඩ ඔයා කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල හොයාගන්න බැරිව.. :D

    ReplyDelete
    Replies
    1. හික් හික් ඒකනෙ අක්කියො බලන්ඩකො....;)

      Delete
  12. "ඉතින් අර දිමියො පේලියක් යනව කියල සතියක් කුස්සියෙ ජනේලෙ වහන්නැතුව උන්ටික ඇතිකලාවගේ ඌවත්",

    සත්ව කරුණාව දොරේ ගලා යනවා

    ReplyDelete
  13. ම්ම් අලුත් යාලුවෙක් වගේ....:)
    සාඩලයෙන් පිලිගන්නව උයාව මෙහෙත.......^_^

    ReplyDelete
  14. මම මේක කලින් දැක්කේ නැහැනේ.....මුලින්ම මුකුත්ම තේරුණේ නැහැ.ලියලා තියන දේවල් අස්සට තව කෑලි ටිකක් දැම්මනම් නියම කතාවක් එළියට එයි වගේ......ලස්සනයි....දිගටම ලියන්න....නිසදැස් - කතා මාරුවෙන් මාරුවට ලියන්න හොඳේ...

    ReplyDelete
    Replies
    1. හයියූ....මංනං හිතාගත්තෙ ආයෙ මොකුත් නොලියම ඉන්න කියල අපප්....බලමුකො බලමුකො....
      තෑන්ක්ස් අයියෝ.....:)

      Delete
  15. සුපිරි ලිවිල්ලක් නංගියේ...! ඇත්තටමයි කියන්නේ. සබ්ජෙක්ට් එකත් පට්ට.:D

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අයියෝ......^_^

      Delete
  16. මේක කියවනකොට ඔයා කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලත් හිතුනා.. හික්ස්.. මරු ලිපිය..ලිපිය නෙවෙයි කතාව

    ReplyDelete