Sunday, January 29, 2012

මම මාර ආසයි...



පාළු මූසල
හිරු මළ දවසක
අන්ධකාර හවස්යාමය
එනකොටම
 සද්දෙකින් මුසල
බීරි කරගෙන
කණ්දෙක
දෙවනත් කරගෙන
අහස
නම නොදන්න
කුරුල්ලෙක් වගේ
.
.
.
.
.
.
පියාඹගෙන යන්න
...........................................



12 comments:

  1. පියාඹන්න කව්ද අකමැති....:)

    ReplyDelete
  2. එහෙම ආවොත් බය වෙන 1ක් නැද්ද??:///

    ReplyDelete
  3. ජීවිතේ සැහැල්ලුයි
    පියාඹන්න මට හිතයි
    ඒත් ගමන් මග අදුරුයි
    ආලෝකයක් නොලැබේද සිතෙයි..

    නංගියෝ පොඩි දෙයක් කියන්නම් මුකුත් හිතන්න එපා.. මේකේ "අමාවක දවස" වෙනුවට " හිරු මල දවසක" වගේ ඒ පේලිය වෙනස් උනානම් හොදයි කියලා හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ අයියේ....ගොඩාක් ස්තූතී ඔයාට...ඉන්න මං හදල දාන්නම්....

      Delete
  4. මගෙ පෝස්ට් එකක කොමෙන්ට් එකක් දැකල ප්‍රොෆයිල් එක හරහ මේ සයිට් එක හොයාගෙන ආවෙ, මීට කලින් මේ පැත්තෙ ආව කියල මතකයක් නං නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබා මාමේ...මාම පලවෙනි වතාවට තමයි ආවෙ....ගොඩාක් ස්තූතී....:)

      Delete
  5. මටත් යන්න හිතුනා අප්පා....මූසලම වෙලාවක, අඳුර කපාගෙන....:)

    ReplyDelete
  6. කාටවත් කරදරයක් බාධාවක් නොවී නිස්කලන්කේ පියාඹන්න නම් කැමතියි

    ReplyDelete