Monday, January 23, 2012

ගන්ධබ්බ....


මතකද ඔයාට 
අපේ 
පෙම් රජදහන
බොරැල්ලෙ කනත්ත

මුළු ලොකෙටම 
හොරෙන්
පෙම් කරන්න 
වෙන්වුන අපේම
තැන


කිසි කරදරයක්
නැතුව
පටලවගෙන අත්වැල්
මිනී වලවල් මැද්දෙන්
හොයාගෙන ගිහින්
හොඳට ඉඩකඩ තියෙන
ස්මාරකයක්

වාඩිවෙලා ඒ
ස්මාරකේ උඩ
පැයගානක්
වාද කර කර 
මතකද හැදුව
අපේම ලෝකයක්
මළවුන්ගේ ලෝකයේ
හිඳ

මනුස්ස ලෝකෙ
අපිට
අපිටම කියල
බිම් අඟලක්වත්
හොයාගන්න
බැරිවුන දවසක
මතකද අපි 
දෙන්නම

එකම දවසක
වෙලා දෙකකදි
ආව මෙතනට

ස්ථීර පදිංචි කාරයො
වෙලා
මේ මළවුන්ගෙ
ලෝකයෙම

එදා ඉඳල 
අපි
කාටවත් අපිව 
නොපෙනෙන
ඒත්
හැම එකාම
අපිට පේන
මේ මනුස්ස ලොකයේ
කිසි බයක් නැතුව
අත් පටලගෙන
හැම පාරක් පාරක්
ගානෙම
ඔහේ පාවෙලා ගියා
මතකද

අපිව වෙන්කරන්න 
හදපු එවුන්ගෙ
පිටිපස්සෙන් ගිහින්
උන්ට ඇද කර කර
ඇතිවෙනකම් හිනාවුනා
මතකද

දවසක්දා ඔයයි මමයි
ගෝල්ෆේස් එක ගාව
ලයිට් කනුවක් උඩ
අත් අල්ලන්
ඉඳගෙන
මුහුද දිහා බලාගෙන
නැව් ගණන් කර කර 
ඉන්නකොට

එකපාරටම

ඔයා  ඇදිල 
ගියා
කවුද මන්ද 
ජීවත්වෙන
ගෑනියෙක් ළඟට

ඔයා දැන් 
කොහෙද
ආයෙ ඉපදිලද
නැද්ද

සුදූ මං තාම
.
.
.
.

.
.
ගන්ධබ්බ
.........................................





18 comments:

  1. දෙවෙන්දරා සං කොහේ ගිහින්ද??

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ ඒ මළවුන්ගේ අවුරුදු දා නෙමෙයි අයියෝ.......:)

      Delete
  2. හම්මෝ සෑහෙන්න හිතන්න ඕන කවි පෙලක්... කොහොම උනත් ලස්සනයි.. පිළිතුරු කවියක් ලියන්න ඕන උනත් වැඩ නිසා ලියා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. ඔයා මේක කියවන්නහරි කාලය කැප කරපු එකට ගොඩාක් සතුටුයි....:)
      ගොඩාක් ස්තූතී අයියේ....

      Delete
  3. ඔව් හිතන්න ඉතුරුකරලා තියෙන කවි පෙලක්..ලස්සනයි නිපූ නගා....දිගටම ලියන්න..ඔය අත් දෙකට ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ....ඔයාටත් ජය වේවා....!!!!

      Delete
  4. අඩේ. ඒක නම් සිරා. අන්තිම ටික නම් පට්ට ම සිරා... එල එල!!

    ReplyDelete
  5. මේකට අමතරව කලින් ලියපු ඒවලත් කනත්ත තියෙනවා දැක්කා.
    අහවල් සම්බන්ධයක්ද මන්දා??

    ReplyDelete
    Replies
    1. අනෙ අම්මෝ....ලොකු සම්බන්ධයක් තියෙනව....
      මොකද කවදහරි අන්තිමටම යන්නවෙන්නෙ එතනටනෙ.....:)

      Delete
  6. මේක කාලෙකින් මට කියවන්න ලැබුණු හොඳම නිසදැස .පිළිවෙලට ගලාගෙන ගිහින් පින්තූරයට යටින් තියන අන්තිම වචනයෙන් ගැඹුරු මිනීවළක හංගලා තිබුණු දුක හිතෙන ලොකු කතාවක් එක පාරටම ගොඩ අරගෙන ආදරණීය විදිහට ඔයා අපි හැමෝම කම්පනයට පත් කරලා තියනවා . හරිම ලස්සනයි .

    තව තවත් මේ වගේ දේවල් ලියන්න ශක්තිය ලැබේවා කියලා පතනවා............

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියේ......

      Delete
  7. වෙනස්ම තේරුමක් .... ගොඩක් එල...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩක් ස්තූතී.....:)

      Delete
  8. ජීවත් වූවත්..........
    අපිත් තාම ගන්ධබ්බ............. ;)

    ReplyDelete
  9. ඔබත් එන්න මා හිඳින ඉසව්වට
    නොතේරුණත් නුඹට
    අපිට මේ මනු දිවිය
    තරම් වටින
    වෙන දෙයක් කොහෙද?
    ආදරය ඔය කොයි තරම්
    මහා විසල් මාතෘකාවක් වුණාට
    අපි කවුරුත් හරි ආත්මාර්ථකාමියි
    ඒ හන්ද ඔබ්බත් එන්න
    මා හිඳන ඉසව්වට....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී යාලූ...:)

      Delete