මතකද ඔයාට
අපේ
පෙම් රජදහන
බොරැල්ලෙ කනත්ත
මුළු ලොකෙටම
හොරෙන්
පෙම් කරන්න
වෙන්වුන අපේම
තැන
කිසි කරදරයක්
නැතුව
පටලවගෙන අත්වැල්
මිනී වලවල් මැද්දෙන්
හොයාගෙන ගිහින්
හොඳට ඉඩකඩ තියෙන
ස්මාරකයක්
වාඩිවෙලා ඒ
ස්මාරකේ උඩ
පැයගානක්
වාද කර කර
මතකද හැදුව
අපේම ලෝකයක්
මළවුන්ගේ ලෝකයේ
හිඳ
මනුස්ස ලෝකෙ
අපිට
අපිටම කියල
බිම් අඟලක්වත්
හොයාගන්න
බැරිවුන දවසක
මතකද අපි
දෙන්නම
එකම දවසක
වෙලා දෙකකදි
ආව මෙතනට
ස්ථීර පදිංචි කාරයො
වෙලා
මේ මළවුන්ගෙ
ලෝකයෙම
එදා ඉඳල
අපි
කාටවත් අපිව
නොපෙනෙන
ඒත්
හැම එකාම
අපිට පේන
මේ මනුස්ස ලොකයේ
කිසි බයක් නැතුව
අත් පටලගෙන
හැම පාරක් පාරක්
හැම පාරක් පාරක්
ගානෙම
ඔහේ පාවෙලා ගියා
මතකද
අපිව වෙන්කරන්න
හදපු එවුන්ගෙ
පිටිපස්සෙන් ගිහින්
උන්ට ඇද කර කර
ඇතිවෙනකම් හිනාවුනා
මතකද
දවසක්දා ඔයයි මමයි
ගෝල්ෆේස් එක ගාව
ලයිට් කනුවක් උඩ
අත් අල්ලන්
ඉඳගෙන
මුහුද දිහා බලාගෙන
නැව් ගණන් කර කර
ඉන්නකොට
එකපාරටම
ඔයා ඇදිල
ගියා
කවුද මන්ද
ජීවත්වෙන
ගෑනියෙක් ළඟට
ඔයා දැන්
කොහෙද
ආයෙ ඉපදිලද
නැද්ද
සුදූ මං තාම
.
.
.
.
.
.
.
.
.
.
ගන්ධබ්බ
.........................................
.
ගන්ධබ්බ
.........................................
දෙවෙන්දරා සං කොහේ ගිහින්ද??
ReplyDeleteනෑ නෑ මේ ඒ මළවුන්ගේ අවුරුදු දා නෙමෙයි අයියෝ.......:)
Deleteහම්මෝ සෑහෙන්න හිතන්න ඕන කවි පෙලක්... කොහොම උනත් ලස්සනයි.. පිළිතුරු කවියක් ලියන්න ඕන උනත් වැඩ නිසා ලියා ගන්න බෑ..
ReplyDeleteඔයා මේක කියවන්නහරි කාලය කැප කරපු එකට ගොඩාක් සතුටුයි....:)
Deleteගොඩාක් ස්තූතී අයියේ....
ඔව් හිතන්න ඉතුරුකරලා තියෙන කවි පෙලක්..ලස්සනයි නිපූ නගා....දිගටම ලියන්න..ඔය අත් දෙකට ජය වේවා!!
ReplyDeleteගොඩාක් ස්තූතී අයියෝ....ඔයාටත් ජය වේවා....!!!!
Deleteඅඩේ. ඒක නම් සිරා. අන්තිම ටික නම් පට්ට ම සිරා... එල එල!!
ReplyDeleteගොඩක් ස්තූතී......
Deleteමේකට අමතරව කලින් ලියපු ඒවලත් කනත්ත තියෙනවා දැක්කා.
ReplyDeleteඅහවල් සම්බන්ධයක්ද මන්දා??
අනෙ අම්මෝ....ලොකු සම්බන්ධයක් තියෙනව....
Deleteමොකද කවදහරි අන්තිමටම යන්නවෙන්නෙ එතනටනෙ.....:)
මේක කාලෙකින් මට කියවන්න ලැබුණු හොඳම නිසදැස .පිළිවෙලට ගලාගෙන ගිහින් පින්තූරයට යටින් තියන අන්තිම වචනයෙන් ගැඹුරු මිනීවළක හංගලා තිබුණු දුක හිතෙන ලොකු කතාවක් එක පාරටම ගොඩ අරගෙන ආදරණීය විදිහට ඔයා අපි හැමෝම කම්පනයට පත් කරලා තියනවා . හරිම ලස්සනයි .
ReplyDeleteතව තවත් මේ වගේ දේවල් ලියන්න ශක්තිය ලැබේවා කියලා පතනවා............
ගොඩාක් ස්තූතී අයියේ......
Deleteවෙනස්ම තේරුමක් .... ගොඩක් එල...
ReplyDeleteඔයාටත් ගොඩක් ස්තූතී.....:)
Deleteජීවත් වූවත්..........
ReplyDeleteඅපිත් තාම ගන්ධබ්බ............. ;)
:)
Deleteඔබත් එන්න මා හිඳින ඉසව්වට
ReplyDeleteනොතේරුණත් නුඹට
අපිට මේ මනු දිවිය
තරම් වටින
වෙන දෙයක් කොහෙද?
ආදරය ඔය කොයි තරම්
මහා විසල් මාතෘකාවක් වුණාට
අපි කවුරුත් හරි ආත්මාර්ථකාමියි
ඒ හන්ද ඔබ්බත් එන්න
මා හිඳන ඉසව්වට....
ගොඩාක් ස්තූතී යාලූ...:)
Delete