Thursday, January 26, 2012

.............................



නීරස වුවත්
කොපමණ,
පමණක් මට
සුවඳින් මන් මත්කරන
සැන්ඩි නැති 
විස්කි වීදුරුවක්
අතැතිව නිතර
හවස්යාමෙට

අනන්‍යතාවය වූ
සිගරට්ටුව රඳවා
දෙතොල්මත
පිටකරමින් විස මුසු
නිකොටින් දුම
දසත
නුඹ තරම්ම
ගුප්ත
රටා මවන

තේජාන්විත අයුරින්
හිටගෙන
එක අතක්
පිටුපසට කර
කැබින් ලාම්පු
එළිය විහිදෙන
පරණ ග්‍රෑන්ඩ්ෆාදර්
ඔරලෝසුව ගාව

හිඳින ඒ කඩවසම්
මගේ සඳ

ඉවසන්න බැරිවුනත්
  ඔහු විසින්
ටිකෙන් ටික
ඔහු මරා දැමීමම

මං ආසයි
බලන් ඉන්න
කල්පයක් හරි
ඒ තේජස

ම්හ්
තේරෙන්නෑ මට
අකුරු කරන්න
ඒ හැඟීම

පිරිමියෙක්ගෙ තේජස
ගැහැනියෙක් විඳින

..........................................................



20 comments:

  1. ඔයත් ඔය ක්‍රියා පටිපාටිය අනුගමනය කරලා බලන්න!:D
    එතකොට තේරේවි!

    ReplyDelete
  2. Replies
    1. අනන්‍යතාවය වූ
      සිගරට්ටුව රඳවා

      සිගරට්ටුවට කොහෙද අනේ අනන්‍යතාවයක් ඔන්න ඔහේ බොන්නේ නැතුව

      Delete
  3. පිරිමියෙක්ගෙ තේජස පේන්න උඩ තියෙන ඒව කරන්නම ඕනද..?

    ReplyDelete
  4. මං මාර අසාර්ථකයි අප්ප....:(

    ReplyDelete
  5. මම දැක්කා
    නුඹ බලාන ඉන්නවා
    ඈත එලවරක හිද
    ගුප්තව..

    ලස්සන අදහසක්.. අක්කද නංගිද කියලා දන්නේ නෑ ඔන්න...

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තම්.......අම්මෝ............
      ගොඩාක් ස්තූතී අයියේ.....නංගි තමයි...මම 93නේ...:)

      Delete
    2. සුකුමාල් හරිස්චන්ද්‍රJanuary 27, 2012 at 2:28 AM

      This comment has been removed by a blog administrator.

      Delete
  6. සුකුමාල් හරිස්චන්ද්‍රJanuary 27, 2012 at 1:19 AM

    පොඩි අය ලොකු දෙයක් කලාම....එකපාට තේරුම් ගන්න අමාරුයි....

    ReplyDelete
    Replies
    1. අන්න කි0ඩියක් දාලා..

      Delete
    2. ගොඩාක් ස්තූතී මගෙ ලොකූ.....

      @සමනල් පැටියා...
      නෑ අයියෙ ඒ මගෙ ලොකූ අයිය...එයාට කොහොමත් මගෙ වයසත් එක්ක මං ලියන ඒව හිතාගන්න ටිකක් අමාරුයි...මොකද එයා කවිය දිහා බලන්නෙ මුලින්ම මගෙ වයසින් නිසා....:)

      Delete
    3. සුකුමාල් හරිස්චන්ද්‍රJanuary 27, 2012 at 2:29 AM

      හ්ම්....සමනල් පැටියත් පොඩි දරුවෙක් වගෙයි.....

      Delete
    4. කව්ද දන්නෙ ඒ වගක්. මම 91. ලොකු අයියා කීයෙද?

      Delete