නීරස වුවත්
කොපමණ,
පමණක් මට
සුවඳින් මන් මත්කරන
සැන්ඩි නැති
විස්කි වීදුරුවක්
අතැතිව නිතර
හවස්යාමෙට
අනන්‍යතාවය වූ
සිගරට්ටුව රඳවා
දෙතොල්මත
පිටකරමින් විස මුසු
නිකොටින් දුම
දසත
නුඹ තරම්ම
ගුප්ත
රටා මවන
තේජාන්විත අයුරින්
හිටගෙන
එක අතක්
පිටුපසට කර
කැබින් ලාම්පු
එළිය විහිදෙන
පරණ ග්‍රෑන්ඩ්ෆාදර්
ඔරලෝසුව ගාව
හිඳින ඒ කඩවසම්
මගේ සඳ
ඉවසන්න බැරිවුනත්
ඔහු විසින්
ටිකෙන් ටික
ඔහු මරා දැමීමම
මං ආසයි
බලන් ඉන්න
කල්පයක් හරි
ඒ තේජස
ම්හ්
තේරෙන්නෑ මට
අකුරු කරන්න
ඒ හැඟීම
පිරිමියෙක්ගෙ තේජස
ගැහැනියෙක් විඳින
..........................................................
ඔයත් ඔය ක්‍රියා පටිපාටිය අනුගමනය කරලා බලන්න!:D
ReplyDeleteඑතකොට තේරේවි!
හිකිස්....:)
Deleteමෙන්න වැඩක් :P
ReplyDeleteඇයි අනේ.....?
Deleteඅනන්‍යතාවය වූ
Deleteසිගරට්ටුව රඳවා
සිගරට්ටුවට කොහෙද අනේ අනන්‍යතාවයක් ඔන්න ඔහේ බොන්නේ නැතුව
හික්ස්...:)
Deleteපිරිමියෙක්ගෙ තේජස පේන්න උඩ තියෙන ඒව කරන්නම ඕනද..?
ReplyDeleteඅයියෝ.....නෑ......:(
Deleteමං මාර අසාර්ථකයි අප්ප....:(
ReplyDeleteඑහෙම කියන්න එපා..
Deleteඅනේ...........මංද.....:/
Deleteමම දැක්කා
ReplyDeleteනුඹ බලාන ඉන්නවා
ඈත එලවරක හිද
ගුප්තව..
ලස්සන අදහසක්.. අක්කද නංගිද කියලා දන්නේ නෑ ඔන්න...
ඇති යාන්තම්.......අම්මෝ............
Deleteගොඩාක් ස්තූතී අයියේ.....නංගි තමයි...මම 93නේ...:)
This comment has been removed by a blog administrator.
Deleteපොඩි අය ලොකු දෙයක් කලාම....එකපාට තේරුම් ගන්න අමාරුයි....
ReplyDeleteඅන්න කි0ඩියක් දාලා..
Deleteගොඩාක් ස්තූතී මගෙ ලොකූ.....
Delete@සමනල් පැටියා...
නෑ අයියෙ ඒ මගෙ ලොකූ අයිය...එයාට කොහොමත් මගෙ වයසත් එක්ක මං ලියන ඒව හිතාගන්න ටිකක් අමාරුයි...මොකද එයා කවිය දිහා බලන්නෙ මුලින්ම මගෙ වයසින් නිසා....:)
හ්ම්....සමනල් පැටියත් පොඩි දරුවෙක් වගෙයි.....
Deleteකව්ද දන්නෙ ඒ වගක්. මම 91. ලොකු අයියා කීයෙද?
Deleteලොකූ 88ටේ...:)
Delete