Friday, January 20, 2012

තියෙනවද හයියක්...?


ඕනෙ නැහැ
මට...
බොරුවට පේන්න
ලෝකෙට
හත් අවුරුද්දක් තිස්සෙ
ප්ලෑන් කරල,
තියෙන තුට්ටුදෙකත්
නැතිකරගෙන
ගෝල්ෆේස් හෝටලේ
පැය ගානක
මඟුලක් නටන්න

අරලිය මල් වැටුන
පාර දිගේ
අපි
හැමදාම ආව ගිය

එකට යමු
රෙජිස්ටර් ඔෆිස් එකට
ඔයා කැමතිනම්
මේ දැන්ම,

ජීවිතේ පටන්ගමු
සුදූ අපි
ඇණෙන්න උන්ට

අපේ ආදරේ
තරම
නොතේරුණු හැම එකාටම

ඔනෙ නැහැ
මට
පැය ගානක
මඟුලක් නටන්න
ඕනෙ මට
සදහටම
ඔයත් එක්ක
ඔයා ළඟින් 
එකට ඉඳන්
ජීවිතේ දිනන්න

     ඔයා මොකද කියන්නෙ....??


20 comments:

  1. සුකුමාල් හරිස්චන්ද්‍රJanuary 20, 2012 at 4:27 AM

    මම කැමතියි !

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ ලොකූ කමෙන්ට් එකට...:)

      Delete
  2. ලස්සන නිර්මාණයක්..අද ඉඳල එන්නම් මේ පැත්තටත්...ජය වේවා...!!!

    ReplyDelete
  3. ඇත්තටම ඔව්නේ!
    හැබැයි ඊට ලේසියි පැනල ගිය නම්!
    කිසිම වියදමක් නෑනේ!:ඩී

    ReplyDelete
    Replies
    1. ඉතින් අයියෝ...පැනල ගියත් කසාද බඳින්න එපැයි....:P
      :)

      Delete
  4. ඒකත් ඇත්ත තමයි....බොරු සෝබන සුකුරුත්තන් නෙමෙයි වටින්නේ.....
    මමත් එන්නම්...:D :D

    ReplyDelete
  5. හා හා...:-). මූණු පොතට සමු දීල මෙයා මේ පැත්තේ වැඩ පටන් අරන් වගේ.. :-D.. අදමයි මම මේ පැත්තේ ආවේ. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මේපැත්තෙ ආවට....:)

      Delete
  6. හික්.මාත් එක්ක හිටපු එකීටනම් බඳින්නෙ මමද වෙන එකෙක්ද කියන එක ලොකු වුනේ නෑ.ලොකු උනේ ලස්සනට ලොකු තැනක වෙඩිම අරන් ෆොටෝ අල්ලලා අරව මේව කරන එක.

    ReplyDelete
    Replies
    1. එහෙම අයත් ඉන්නව තමයි ඉතින්....අවස්ථාව අනුව කොහොම කොච්චර කෙලින් තීරණ ගත්තත් ඒක හැමෝගෙම ආසාවක්...:)

      ගොඩක් ස්තූතී මේපැත්තෙ ආවට....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. අඩේ මගෙන් අහන් නෑනේ ඔහොම... සික්.. කෙල්ලො ආසයි නේ ඒ උනාට පොඩියට හරි වෙඩිමක් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්...හැම කෙල්ලෙක්ම ආසයි.....
      ඒත් සමහර වෙලාවල්වල ඒ ආසාව කැපකරන්න වෙනව....

      Delete
  8. ඔන්න ඔහේ ඕනේ මගුලක් කියල පොඩියට හරි වෙඩිමක් ගමු කෙල්ලේ.

    ReplyDelete
    Replies
    1. හිකිස්....
      හරි හරි....බලමුකෝ.....:)

      Delete
  9. මේ ළඟදී අපේ එකෙක්ගේ අක්කගේ මඟුල් ගෙදරට වැඩවලට මමත් ගියා. සම්පූර්ණ වියදම ලක්ෂ 10 කට කිට්ටුයි. හවස ලියුම් කවරවල ගණන් බලද්දී ලක්ෂ එක හමාරක් විතර තිබුණා. ලක්ෂ 8 ක් විතර ඉවරයි. අපේ එකා කියනවා ලක්ෂ 10 බැංකුවේ දාලා පැනලා ගියා නම් ඉවරයි කියලා :D

    ReplyDelete
    Replies
    1. හික් හික්....ඒකනි කියන්නේ.......

      Delete
  10. සඳපානේ පෝරුවේ..
    අපි දෙන්නා පාරුවේ.. හික්ස්.. :)

    ReplyDelete