ඕනෙ නැහැ
මට...
බොරුවට පේන්න
ලෝකෙට
හත් අවුරුද්දක් තිස්සෙ
ප්ලෑන් කරල,
තියෙන තුට්ටුදෙකත්
නැතිකරගෙන
ගෝල්ෆේස් හෝටලේ
පැය ගානක
මඟුලක් නටන්න
අරලිය මල් වැටුන
පාර දිගේ
අපි
හැමදාම ආව ගිය
එකට යමු
රෙජිස්ටර් ඔෆිස් එකට
ඔයා කැමතිනම්
මේ දැන්ම,
ජීවිතේ පටන්ගමු
සුදූ අපි
ඇණෙන්න උන්ට
අපේ ආදරේ
තරම
නොතේරුණු හැම එකාටම
ඔනෙ නැහැ
මට
පැය ගානක
මඟුලක් නටන්න
ඕනෙ මට
සදහටම
ඔයත් එක්ක
ඔයා ළඟින්
එකට ඉඳන්
ජීවිතේ දිනන්න
ඔයා මොකද කියන්නෙ....??
ජීවිතේ දිනන්න
ඔයා මොකද කියන්නෙ....??
මම කැමතියි !
ReplyDeleteගොඩාක් ස්තූතී මගෙ ලොකූ කමෙන්ට් එකට...:)
Deleteලස්සන නිර්මාණයක්..අද ඉඳල එන්නම් මේ පැත්තටත්...ජය වේවා...!!!
ReplyDeleteගොඩාක් ස්තූතී ඔයාට...:)
Deleteඇත්තටම ඔව්නේ!
ReplyDeleteහැබැයි ඊට ලේසියි පැනල ගිය නම්!
කිසිම වියදමක් නෑනේ!:ඩී
ඉතින් අයියෝ...පැනල ගියත් කසාද බඳින්න එපැයි....:P
Delete:)
ඒකත් ඇත්ත තමයි....බොරු සෝබන සුකුරුත්තන් නෙමෙයි වටින්නේ.....
ReplyDeleteමමත් එන්නම්...:D :D
හිකිස්.....:)
Deleteහා හා...:-). මූණු පොතට සමු දීල මෙයා මේ පැත්තේ වැඩ පටන් අරන් වගේ.. :-D.. අදමයි මම මේ පැත්තේ ආවේ. ජය වේවා!!
ReplyDeleteගොඩාක් ස්තූතී මේපැත්තෙ ආවට....:)
Deleteහික්.මාත් එක්ක හිටපු එකීටනම් බඳින්නෙ මමද වෙන එකෙක්ද කියන එක ලොකු වුනේ නෑ.ලොකු උනේ ලස්සනට ලොකු තැනක වෙඩිම අරන් ෆොටෝ අල්ලලා අරව මේව කරන එක.
ReplyDeleteඑහෙම අයත් ඉන්නව තමයි ඉතින්....අවස්ථාව අනුව කොහොම කොච්චර කෙලින් තීරණ ගත්තත් ඒක හැමෝගෙම ආසාවක්...:)
Deleteගොඩක් ස්තූතී මේපැත්තෙ ආවට....
This comment has been removed by the author.
Deleteඅඩේ මගෙන් අහන් නෑනේ ඔහොම... සික්.. කෙල්ලො ආසයි නේ ඒ උනාට පොඩියට හරි වෙඩිමක් ගන්න.
ReplyDeleteඔව්...හැම කෙල්ලෙක්ම ආසයි.....
Deleteඒත් සමහර වෙලාවල්වල ඒ ආසාව කැපකරන්න වෙනව....
ඔන්න ඔහේ ඕනේ මගුලක් කියල පොඩියට හරි වෙඩිමක් ගමු කෙල්ලේ.
ReplyDeleteහිකිස්....
Deleteහරි හරි....බලමුකෝ.....:)
මේ ළඟදී අපේ එකෙක්ගේ අක්කගේ මඟුල් ගෙදරට වැඩවලට මමත් ගියා. සම්පූර්ණ වියදම ලක්ෂ 10 කට කිට්ටුයි. හවස ලියුම් කවරවල ගණන් බලද්දී ලක්ෂ එක හමාරක් විතර තිබුණා. ලක්ෂ 8 ක් විතර ඉවරයි. අපේ එකා කියනවා ලක්ෂ 10 බැංකුවේ දාලා පැනලා ගියා නම් ඉවරයි කියලා :D
ReplyDeleteහික් හික්....ඒකනි කියන්නේ.......
Deleteසඳපානේ පෝරුවේ..
ReplyDeleteඅපි දෙන්නා පාරුවේ.. හික්ස්.. :)