වරෙන්....
ඇවිත් යන්න මගේ
මළගමට...
දන්නව මං කොච්චර
උවමනාව තිබ්බත් උඹට
මැරෙන්න,
උඹට කලින් කොහොමත් මම
මැරෙන බව..
වැඩි ඈතක නෙමෙයි ඒ
දවස...
දන්නවද උඹ...?
මේ දවස්වල රෑට රෑට
හීනෙන් මට පේන්නෙම,
සුදු කොඩි,ගොක්කොල
බීම බෝතල්,මාරි බිස්කට්
කැරම් බෝඩ්,කාඩ් පැක්
ඇහෙන්නෙම
විලාප....
ලෑස්තිවෙන්නනම් එපා උඹ
මිනිය බදාගෙන අඬන්න
ඇහැරිච්ච ඇහැට නැති
උඹ,
පියවිච්ච ඇහැට
මොකටද....?
මතක්කරලම කාල පලයං
මගේ මළබත....
ඇයි මේ කෝපෙන්....
ReplyDelete@ඔබ නොදුටු ලොවක්
ReplyDeleteහිතට ආව වචනටිකක් ලිව්ව විතරයි...අනේ මං තුන්හිතකින්වත් ඔච්චර කෝපගන්නෙ නැහැ....:)
ගොඩාක් ස්තූතී මේ පැත්තෙ ආවට...
ReplyDeleteමහගමසේකරගේ කවියක් මතක උණා මේකේ මුල හරිය කියවද්දී! :))
ReplyDeleteකොහොම උණත් පද පේලිය හොදයි!
@නුවන් තාරක...
Deleteගොඩාක් ස්තූතී....:)
සෑහෙන්න ආවේගෙකින් ලියලා වගේයි.....:))
ReplyDeleteකොහොම උනත් පද ගැලපුම අපූරුයි.....
@කුබූ...
ReplyDeleteගොඩාක් ස්තූතී....:)
දැනට තියන පෝස්ට් හතරෙන් හොඳම එක !
ReplyDeleteආවේගයක් නැතුව මෙහෙම ලියන්න හැබෑවටම පුලුවන්ද ??
ගොඩාක් ස්තූතී...සිහින අයියේ....
Deleteඇත්තටම ලියන්න පුළුවන්....:)
මොකද මම මේක ලිව්වෙ කිසිම ආවේගෙකින් නෙමෙයි....
අපෝ මළ බත් නම් අජූතය.. නයිට ගන්ටනම් එන්නම්.. අහ් කැරම් බෝඩ් එකක් නම් මදි.. ඕන් පූල් බෝඩ් එකක් තිබ්බොත් එලැ ඈ.. ;) කොව්ව උනත් පට්ටම තේරුමක් එක්කලා ලියලා ට්ඣියේ.. ජයවේ...
ReplyDeleteහිකිස්....ඔයාටනම් තව තව ඒවත් ඔනෙවෙයි මගේ හිතේ.....:p
Deleteගොඩාක් ස්තූතී ඔයාට...මේ පැත්තෙ ආවට....:)
අපොයි මාරි බිස්කට්ද?? වෙන මොකුත් පෙනුනෙම නැද්ද??
ReplyDeleteහිකිස්....පෙනුන පෙනුන...ඒත් මතක මෙච්චරයි.....
ReplyDeleteඇහැරිච්ච ඇහැට නැති
ReplyDeleteඋඹ,
පියවිච්ච ඇහැට
මොකටද....?
මේ ටිකට තමා කැමතිම..