Wednesday, January 4, 2012

"..........."



වරෙන්....
ඇවිත් යන්න මගේ
මළගමට...

දන්නව මං කොච්චර
උවමනාව තිබ්බත් උඹට
මැරෙන්න,

උඹට කලින් කොහොමත් මම
මැරෙන බව..

වැඩි ඈතක නෙමෙයි ඒ
දවස...
දන්නවද උඹ...?

මේ දවස්වල රෑට රෑට
හීනෙන් මට පේන්නෙම,
සුදු කොඩි,ගොක්කොල
බීම බෝතල්,මාරි බිස්කට්
කැරම් බෝඩ්,කාඩ් පැක්

ඇහෙන්නෙම
විලාප....

ලෑස්තිවෙන්නනම් එපා උඹ
මිනිය බදාගෙන අඬන්න
ඇහැරිච්ච ඇහැට නැති
උඹ,
පියවිච්ච ඇහැට
මොකටද....?

මතක්කරලම කාල පලයං
මගේ මළබත....

14 comments:

  1. ඇයි මේ කෝපෙන්....

    ReplyDelete
  2. @ඔබ නොදුටු ලොවක්

    හිතට ආව වචනටිකක් ලිව්ව විතරයි...අනේ මං තුන්හිතකින්වත් ඔච්චර කෝපගන්නෙ නැහැ....:)

    ReplyDelete
  3. ගොඩාක් ස්තූතී මේ පැත්තෙ ආවට...

    ReplyDelete
  4. මහගමසේකරගේ කවියක් මතක උණා මේකේ මුල හරිය කියවද්දී! :))
    කොහොම උණත් පද පේලිය හොදයි!

    ReplyDelete
    Replies
    1. @නුවන් තාරක...

      ගොඩාක් ස්තූතී....:)

      Delete
  5. සෑහෙන්න ආවේගෙකින් ලියලා වගේයි.....:))
    කොහොම උනත් පද ගැලපුම අපූරුයි.....

    ReplyDelete
  6. @කුබූ...
    ගොඩාක් ස්තූතී....:)

    ReplyDelete
  7. දැනට තියන පෝස්ට් හතරෙන් හොඳම එක !
    ආවේගයක් නැතුව මෙහෙම ලියන්න හැබෑවටම පුලුවන්ද ??

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී...සිහින අයියේ....

      ඇත්තටම ලියන්න පුළුවන්....:)
      මොකද මම මේක ලිව්වෙ කිසිම ආවේගෙකින් නෙමෙයි....

      Delete
  8. අපෝ මළ බත් නම් අජූතය.. නයිට ගන්ටනම් එන්නම්.. අහ් කැරම් බෝඩ් එකක් නම් මදි.. ඕන් පූල් බෝඩ් එකක් තිබ්බොත් එලැ ඈ.. ;) කොව්ව උනත් පට්ටම තේරුමක් එක්කලා ලියලා ට්ඣියේ.. ජයවේ...

    ReplyDelete
    Replies
    1. හිකිස්....ඔයාටනම් තව තව ඒවත් ඔනෙවෙයි මගේ හිතේ.....:p
      ගොඩාක් ස්තූතී ඔයාට...මේ පැත්තෙ ආවට....:)

      Delete
  9. අපොයි මාරි බිස්කට්ද?? වෙන මොකුත් පෙනුනෙම නැද්ද??

    ReplyDelete
  10. හිකිස්....පෙනුන පෙනුන...ඒත් මතක මෙච්චරයි.....

    ReplyDelete
  11. ඇහැරිච්ච ඇහැට නැති
    උඹ,
    පියවිච්ච ඇහැට
    මොකටද....?

    මේ ටිකට තමා කැමතිම..

    ReplyDelete