පාර වැරදී
දෙව් ලොවට යන
මනු ලොවට විත්
මුලා වීගෙන
“අන්න මල්ලී අපේ
අම්මා“
කියා රැවටී
ඇවිත් පසුපස
කුසට වැඩ මා
ගමන් වෙහෙසට
නින්ද යන්නැති
පැටව් දෙන්නට
මාස නවයක්
පිරී ගියමුත්
කෙහිද තව මගෙ
පැටව් දෙන්නා
සොයන්නට ඇති
නුඹත් සැමියත්
යන්න ඇති
සක්
දෙවින්දා වෙත
නොවන මෙලොවට
අයිති හන්දා
ගෙවන්නට ණය
නොමැති හන්දා
ගෙන්න ගන්නැති
සක් දෙවින්දා
නූපන් මගේ
සුර දූතයො
දෙන්නා
සැල කලානම්
සක් දෙවින්දන්
ඔහු අතින් වූ
අතපසුව ගැන
දිව්‍ය ලෝකේ
ඉන්න
අම්මේ
කියමි නුඹ හට
මේ වදන් පෙල
මා තිඹිරි ගෙය
මැරුණ සිහිනය
වාසනා වී
නුඹේ
ඇකයේ
පානවා ඇති
සිඟිති සුරතල්
නොවන් වස් දොස්
නුඹේ සෙනෙහෙට
දෙන්න මේ නම්
හරිම දඟයන්
කවයි හං කිති
බොහෝ නුඹටත්
වරම් නොලදත්
නෙතට සුරතල්
හිතින් වින්දෙමි
බොහෝ සතුටක්
.....................................................................................................
මට හොරෙන් ඇහැ
පියුණු මොහොතක
හෝරාව විත්
මා බලන්නට
ආව විටකදි
හසුවෙලා මා
මඟ නවත්තපු
කවි කොලය
දැක
“ඇයි ලියන්නේ
මෙහෙම
කවි පද
තවත් අසරණ
වෙනවනේ
මං“
නොකිව් මුත් නුඹ
මුව විවර කර
තේරුණා නුඹ
දෑස් බැල්මෙන්
තදින් තෙරපා
තුරුළු කර මා
හිස හොවාගෙන
නුඹේ ලය මත
මුසු වෙලා මට
බැන්ද ප්‍රේමය
තාත්තෙකුගේ
කඳුළු බිඳු වැල්
වැටුනි මාගේ
සබඳ
දෙනෙතින්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හෙලන්නෑ මං
එකදු කඳුලක්
එයින් තව තව
රිදුම් දීලා
පණපිටින් නුඹ
දැවෙන හන්දා
හදාගමු හිත
අප්පච්චී
..............................................................................
ප.ලි:- කලින් පාර ලියවුන අප්පච්චී කවිය නිසා
ගොඩක් අයට රිදිල තිබුන.ඒත් මේ වතාවේ
එමෙ නොවේවා කියල ප්‍රාර්ථනා කරනව....
අනේ මේක කවියක් විතරයි හොඳද...:‘(