Monday, January 23, 2017

දෝණී..




සෑම බෝ පැලකට
හතර වට වටවූ
බෝධි කොටුවක්
හිමිවිය යුතුය


“කාලගෝල කාලගෝල
මාව දාලවත් ගියාද“
හෙම කිසිදිනක
නොකියන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.



අතු ඉති
පමණක්
ඉඳහිට,
එහෙ මෙහෙ 
යා හැක.

..........................................














හායි මෙයාලා....... ^_^
යහතින් ඉන්නවදෝ....????????




Thursday, April 10, 2014

දරාගමු අපි...

රෝහල් කොරිඩෝව පුරාවට පැතිරී තිබූ හිස්බවත්, මරණීය නිහැඬියාවත් ,සමඟ හිතේ ඇතිවූ නොපහන් හැඟීම යටපත් කරගනිමින්,මැවුම්කාර දේවතාවා  හිතින් මවාගෙන අයැදිමින් කොරිඩෝවෙහි තිබූ ආසන පෙල අසල දේවින්ද දණින් වැටී  සිටියේය.හෝරා දෙකක් පුරාවට තවමත් දැල්වෙන රතුපාට බල්බ් එළියත්, විටින් විට විවෘත වන ශෛල්‍යාගාර දොරටුවත් ,හෙදියන්ගේ නොසන්නුන් යහුසුළුවත් දේවින්දගේ බය දෙගුණ තෙගුණ කරවීය....

“අප්පච්චී......ඔයා ඇත්තටම අප්පච්චියෙක් වෙන්නයි යන්නේ“......

“මට බයයි අප්පච්චි...“

“මේ ෆ්‍රස්ට් ටයිම් නේද...?? අම්ම ටිකක් වීක් හිමෝග්ලොබින් අඩුයි.ටුවින්ස්ල නිසා ගොඩක් පරිස්සම් වෙන්න“

“කෙල්ල මොනාට හරි බයවෙලා ඉන්නෙ පුතේ....සැරින් සැරේ නින්දෙනුත් ගැස්සෙනව.නරකද පිරිතක් කියෙව්වොත්

“මල්ලි...මොනදේ සිද්ධ වුනත් කෙල්ලව පරිස්සම් කරගන්න ඕනෙ කොහොමහරි“....

සැරින් සැරේ හිතට බරක් ගෙනාපු මේ දෙබස් එක්කම හෝරා කිහිපයකට පෙර මානවී කාමරය තුල සිහිසුන්ව ඇදවැටී සිටි අයුරු එකවරම දේවින්දට මැවී පෙනෙන්නට විය

“දෙයියනේ මගෙ කෙල්ලට අනතුරක් සිද්ධවෙන්න එපා....“

කඳුළු පිරුණු දෑසින් දේවින්ද දෑත් එක්කර දෙවියන් අයැදිමින් දෑස් පියාගත් විගසම කවුරුන් හෝ තමුන්ගේ උරහිසට අත තබනවා දේවින්දට දැනුනි.

“ඩොක්ට......මගෙ වයිෆ්.....“..

දේවින්ද නැගිට ප්‍රශ්ණ කලේය

“අයි ඈම් සොරි මිස්ට දේවින්ද.වයිෆ්ව බේරගන්න පුළුවන් වුනා.....ඒත් බබාල දෙන්නා.....“

සවන් වැකුනු වදන් අදහාගත නොහැකිව දේවින්දගේ දෙපා අප්‍රාණික වී ඇද වැටුනි.

“මිස්ට දේවින්ද කලබල වෙලා වැටෙන්න එපා මේ වෙලාවෙදි...ශක්තිමත් වෙන්න බලන්න.මොකද ඔයාගෙ වයිෆ් දැන් පත්වෙලා  ඉන්න තත්වෙන් ගොඩගන්න පුළුවන් ඔයාට විතරක් නිසා.....“

වෛද්‍යවරයා ඔහුව සැනසීමට උත්සහ කලද...දේවින්දට ඒ කිසිදු වදනක් නෑසුනි......




පාර වැරදී
දෙව් ලොවට යන
මනු ලොවට විත්
මුලා වීගෙන

“අන්න මල්ලී අපේ
අම්මා“

කියා රැවටී 

ඇවිත් පසුපස
කුසට වැඩ මා
ගමන් වෙහෙසට
නින්ද යන්නැති
පැටව් දෙන්නට

මාස නවයක්
පිරී ගියමුත්
කෙහිද තව මගෙ
පැටව් දෙන්නා
සොයන්නට ඇති
නුඹත් සැමියත්
යන්න ඇති
සක් දෙවින්දා වෙත

නොවන මෙලොවට
 
අයිති හන්දා
ගෙවන්නට ණය
නොමැති හන්දා
ගෙන්න ගන්නැති
සක් දෙවින්දා
නූපන් මගේ
සුර දූතයො 
දෙන්නා

සැල කලානම්
සක් දෙවින්දන්
ඔහු අතින් වූ
අතපසුව ගැන
දිව්‍ය ලෝකේ
ඉන්න අම්මේ
කියමි නුඹ හට
මේ වදන් පෙල

මා තිඹිරි ගෙය
මැරුණ සිහිනය
වාසනා වී
නුඹේ ඇකයේ
පානවා ඇති
සිඟිති සුරතල්
නොවන් වස් දොස්
නුඹේ සෙනෙහෙට

දෙන්න මේ නම්
හරිම දඟයන්
කවයි හං කිති
බොහෝ නුඹටත්
වරම් නොලදත්
නෙතට සුරතල්
හිතින් වින්දෙමි
බොහෝ සතුටක්
.....................................................................................................



 මට හොරෙන් ඇහැ
පියුණු මොහොතක
හෝරාව විත්
මා බලන්නට
ආව විටකදි
හසුවෙලා මා
මඟ නවත්තපු
කවි කොලය දැක

“ඇයි ලියන්නේ
මෙහෙම කවි පද
තවත් අසරණ
වෙනවනේ මං“

නොකිව් මුත් නුඹ
 
මුව විවර කර
 තේරුණා නුඹ
දෑස් බැල්මෙන්

තදින් තෙරපා
තුරුළු කර මා
හිස හොවාගෙන
නුඹේ ලය මත
මුසු වෙලා මට
බැන්ද ප්‍රේමය
තාත්තෙකුගේ
කඳුළු බිඳු වැල්
වැටුනි මාගේ ‍
සබඳ දෙනෙතින්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හෙලන්නෑ මං
එකදු කඳුලක්
එයින් තව තව
රිදුම් දීලා
පණපිටින් නුඹ
දැවෙන හන්දා

හදාගමු හිත 
අප්පච්චී
.............................................................................. 


ගොඩ දවසකට පස්සෙ ආයෙමත් ලියන්නයි හදන්නෙ..
කවියනම් මම ටික කාලෙකට කලින් පෝස්ට් කරපු එකක්.. ඒත් ඒ කවිය
ගොඩදෙනෙක්ට තේරිලා තිබුනෙ නැහැ.. ඒනිසා ඒක කතාවකට ලියන්න පටන් අරගෙන
ඩ්‍රාෆ්ට්ස් වල සෑහෙන්න කාලයක් තිබුනා.. අලුතෙන් ලියන්න පටන්ගත්ත ඒව තාම
ඉවර නැහැ.. ඒනිසා ඉඩ ලැබෙන විදයට ආයෙම ක්‍රියාකාරී බ්ලොග් කාරිනියක්
වෙන්නයි හිතාගෙන ඉන්නෙ... ආයෙම ලියන්න ආසයි..
හැමදාම වගේ බලල යන්න එන්න... ^_^
ඒ වගේමයි “අග්නි ධාරා“ කියන නමට තවත් තේරුමක්ද “මරණය“ කියල
කියන තරමට මම මරණය ගැන හුඟක් ලියල තියෙනවනේ.. විරූට වුන පොරොන්දුවත්
එක්කම මේ වතාවෙ ලියන්න පටන්ගත්තම ඔන්න ඒක වෙනස්වෙනවා.. ^_^
වෙනස බලන්න දිගටම එන්න....








Monday, October 14, 2013

ඉක්මනට හොඳවෙන්න.......!!!!





ගිලන් වී අද
මගේ සිදුහත්
දරන්න බැරි
වේදනාවෙන්
පෙලී වැටෙමින්
නිදන මොහොතේ..

ඇහැට නින්දක්
නේන වග දැන
හරවගෙන හිස
නුවර පැත්තට
කොළොම්පුර සිට
කඳුළු පුරවන්,

කාලිදාසට
එන්න කී කල
ලියන්නට මා
මේඝ දූතය
...................................................................



හුළං හෙමිහට
තල්ලු දෙනකොට
වැවේ බැම්මට
රැලි කුමාරිය
ඇවිත් බිඳෙනා
හීන් රාවය...

මාලිගාවේ 
පිපි නෙළුම් මල්
සුවඳ අරගෙන
පේ වෙමින්

පෙමාදරයෙන්
හඳේ සඳරැස්
පිනි බිඳක් මත
වැටුනු එලියෙන්
පරස්සම් කර
බිඳක් අරගෙන
කදෝපැණියන්
එල්ලමින්..

සරසවන්නෙමි
මගේ හීනය
යටදි නුගපෙල
ඈත එපිටින්
නුවර වැව පිස
එන සුළං රැල්
හීත මුසුකර


පෝය දවසක
හඳේ එලියෙන්
තරු වියන යට
නුවර වැව ළඟ

හුඟක් රස්නෙට
තුරුලු වීගෙන
දෑස් දල්වා
ඉන්න හීනය
මුවින් වදනක්
කිසත් නොදොඩා


කදෝපැණියනි
අරන් පලයන්
මගේ හීනය
පරිස්සම් කර
මගේ රන්කඳ
නිදන කුටියට

මගේ උණුහුම 
නොමැති අඩුවක්
නොම කරාවී 
යහන් ඇතිරිලි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

හිරුගෙ පළවෙනි
කිරණෙ රස්නය
ඇහැට දැනෙනා
මොහොත වෙනකම්
හීනෙ ඇතුලෙම
නිදිකරාපන් 
මගේ වස්තුව
ආදරෙන්...
...........................................................................









ප.ලි:- ප්ලස්න ආන්නෙපා..... මං බබීම තමා මේක ලිව්වෙ.... ^_^





Friday, May 3, 2013

හෘද සාක්ෂියට එරෙහිව ආත්ම වංචාව......


තිස්තුන්වෙනි වතාවටත් මම වටපිට බැලුවේ කුටිය තුලට රිංගා ගැනීමට මා අසල කවුරුවත් නොමැති බව සැක හැර දැනගැනීමටය. ඉතා පරෙස්සමින් හෙමින් සීරුවෙ හඬක් නොනැඟෙන්න  පරණ ලී දොර විවෘත කලෙමි. විදුලි බුබුල දල්වා යලිත් වතාවක් බියෙන් බියෙන් මුළු කාමරය පුරාවට මගේ දෑස් ගෙන ගියෙමි.විදුලි බුබුලෙන් විහිදෙන මලානික එළියත්,හිරු එළියක් නොවැටෙන නිසාවෙන් තිබූ පුස්ගඳත්,දූවිලි තට්ටුවකින් පිරී ගිය ලී පොලවත්,මට කාමරය තුල මහත් අපහසුතාවයක් ජනිතකරවීය.
ඇඳක්,මේසයක් සමඟ පරණ තාලයේ පුටුවකුත්,කණ්නාඩියක් සහිත පෞරාණික ලී අල්මාරියකුත් හැර මෙම කාමරය පුරාවට තිබූ හිස්බව එම අපහසුතාවය දෙගුණ තෙගුණ කරවීය.

මේ එළිය මදි යැයි සිතුනු හෙයින් කලබලයෙන් මේසය වෙත ගොස් මේස  ලාච්චුව විවර කර ඉටිපන්දමක් හා ගිණිපෙට්ටියක් සොයාගත්තෙමි.වෙව්ලනා දෑතින් ඉටිපන්දම දැල්වුවෙමි.ඇසිල්ලකින් මතක්වී පසෙකින් තිබූ නානකාමරයද හොඳින් සෝදිසි කලෙමි.ඉටිපහන් එලියෙන් මැවුනු ගුප්ත සෙවනැලි මා තව තවත් බියජනක කරමින් කාමරය පුරා අද්භූත බව විහිදුවාලනලදී


“නිකම්ම එළියට අරගන්න බෑනේ..“

කඩිනමින් අල්මාරියවෙත ගිය මා, 
 කීරිගැස්සෙන සියුම් හඬක් නංවමින් අල්මාරි පියන් විවෘතකර,ඝණකම් බ්ලැන්කට්ටුවක් ගෙන  දූවිල්ලෙන් පිරුණු ලෑලි බිම මත ඇතිරුවෙමි.කලකින් ඇවිස්සුනු දූවිලි, රටා මව මවා ඔහේ අවකාශයේ පාවිය.කැස්සක් ආ නමුත්,පිටතට ශබ්ධය ඇසේ යැයි බියෙන් අයාසයෙන් එය සිරකරගතිමි.බියෙන් බියෙන් නැවතත් වටපිට බලා හීන්සීරුවෙ ගත රැඳි සීත කබාය ඉවත්කොට මම මගේ ඇඟ තුලින් ඇයව එලියට ගත්තෙමි.

දවස පුරාවටම මඟේ ඇඟතුල, නලියමින්,තෙරපෙමින්,වැලපෙමින්,විඳවමින් සිටි ඇයව,මම හීන්සීරුවෙ බ්ලැන්කට්ටුව මත දිගාකලෙමි.


“පවු අසරණී...හෙම්බත් වෙලා හොඳටම..“

දෑස් විවරකර අවට බැලීමටවත් නොහැකි තරම් ඇය දුර්වලය.යාන්තම් විවරකල දෙනෙත් තුලින් කඳුළු නොනැවතී කඳුළු ගලන්නට විය.තුවාල පාරවල්,කැපීම්,හීරීම් තුලින් නිල් වූ ඇගේ සිරුර අභියස මා දණින් ඇදවැටුනි.


“මැරියං යකෝ මැරියං......“



ආයාසයෙන් සමච්චල් මුසු සිනාබැල්මක් මාවෙත හෙලූ ඇය නැවතත් දෑස් තදින් පියාගත්තාය.බියට පත්වී දහඩියෙන් තෙත්වූ මගේ ගත වෙව්ලන්නට පටන්ගත් අතර දෑසින් කඳුළුකැට කඩාහැලෙන්නට විය.

“දෙයියනේ මේකිට මෙච්චර හයියක් කොයින්ද?“

පිළිතුරක් නොලැබෙන මුත් මම මගෙන්ම ප්‍රශ්ණ කරන්නට විය. එකවරම ඈ හුස්මගන්නා රිද්මයේ වේගය වෙනස්විය.ඔව්... ඈ පණ අදින්නට විය.

“ඇති යාන්තන් දැන්වත්....“

බිය දෙගුණ තෙගුණ වූ මම බිම වැතිරී සිටි ඇය අසලින් ඉවත් වී මේසය අසලට බිම දිගේ ඇදී ගියෙමි.මේස කකුලක් අල්ලාගෙන බිත්තියට අතක් තබා තදකරගනිමින් ඊළඟට සිදුවීමට යන දෑ දරාගැනීමට මගේ සිත ශක්තිමත් කරගත්තෙමි.....

“හරි... මං ලෑස්තියි...“  

මා ඇයට ඇසෙන්නට පැවසුවෙමි. වේගයෙන් හුස්ම ගනිමින් යලිත් මාදෙසට හිස හැරවූ ඇය ආයාසයකින් නඟනා පුරුදු සමච්චල් සිනාවම මගේ දෙසවන් තුලට රිංගවා ලේ නහරයක් නහරයක් ගානේ බියෙන් උලුප්පා දමන ලදී.... හුස්ම ගැනීමේ රිද්මය සාමාන්‍ය විය.යලිත් වරක් ඇය මා රැවැට්ටුවාය. භීතිය ජනිත කරමින් ඇගේ හිනා හඬ කාමරය තුල රැව්දෙන්නට විය. ඇය ලේසියෙන් මා අත්නොහරින බව මට වැටහුණි.

මා තවත් ප්‍රමාද වන්නේ නැත.......හිත දැඩිකොට ගත් තීරණයෙන් මා නැගී සිටියෙමි.



මතු සම්භන්ධයි.......


(ඇත්තටම මේකෙ ඉතුරුටික ලියන්නද...?? වැඩි කොටස් ප්‍රමාණෙකට යන්නෙ නැහැ. ඊළඟ කොටසින් ඉවර කරන්නයි හිතාගෙන ඉන්නෙ.කවියට තරම්නම් දක්ෂ නැහැ... ඒ වගේ මට ලියවෙන්නෙත් නැහැ.... අඩුපාඩු මොනවද, වැරදි මොනාද කියල පෙන්වල දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්....)








Saturday, March 16, 2013

අවසන් කැමැත්ත....






ශික්....
තියන්න පුළුවන් වුනානම්,
අපෙ අම්මටම
මේ
වේල් එක...

නැකතක් එහෙම
බලල
ලස්සනට....

 මොනා කරන්නද....
හදිස්සි වුනානෙ
මං....

මං මාර ලස්සනයි
හලෝ....
සිරාවටම...

නැතත් මේකප්
ඉස්ස ෆෝමලින් වලට
අල්ලයි දවස්
දෙක තුනක්
හම
යාන්තන් කලුවෙලා
විතරක්

 ඊට පස්සෙ දාපු
 සෙන්ට් එක
පට්ට ඈ....
වලත් සුවද ගහයි,
යනකම් දවස්
දෙකතුනක්....

කට්ටිය සේරම
ඇඳගෙන ඇවිත්
වයිට්ම
හරියට ප්ලෑන් කරපු
විදියටම
මගෙ වෙඩිමෙ
තීම්
කලර් එක

 සෙටිබැක් එකක් නැතත්....
මේ තියෙන්නෙ යකෝ,
ලස්සනට....
හතර වටෙන් ගහල
මල්
දාල
ලයිට්
දිලිසි දිලිසි මගෙ
මිනී පෙට්ටිය


නෙදකින් කාලකන්ණි....


යකෝ මේ මම
මැරිලත්..
ඉන්නව මාර
ආතල් එකේ
 මුන් සේරම එකට
අඬාගෙන ඇවිත්
මෙතන
කනවනෙ
සීන් එක

සතුටු වෙයල්ල
යකුනේ...
නිදහස් මං දැන්
අර මල
කාලකන්ණි
විඳවිල්ලෙන්

නොනැග්ගත් මංගල පෝරුවේ
මං...
ඉටුනොකලත් මගුල්
චාරිත්‍ර
එකක්වත්....
අවසන් ගමන්
යනව මං...
 මනමාලියෙක් වෙලා,
අපේ ගෙදරින්
නොඑන්නට ආයෙ
සදහටම...

හදාගනිල්ල හිත
වුන දේ
සේරම
හොඳට......



 හරි හරි පලයල්ල...
දැන් ගිහන් දාපල්ල
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

වට්ටක්ක
ඩාන්ස් එක...
..........................................................................

Saturday, March 9, 2013

ඇහෙනවද.......




මල නොතලා
හිත තලලා
විසික්කලා
මල තැලිලා

.......................................................................

ගෙන එ පර
මල
රාග මකරන්ද
පුරවා දමා
ඉතිරෙන්න

කෘතීමෙන් හැඩ
පාට
කවාලා නිසි
ලෙසට
තබාලා වීදියේ
කොනක
සළෙළු බඹරුන්
ඇදෙන

හෝරාව ආ විගස
මත් බඹරු
පැමිණ
රිසිසේ මලක්
උදුරන්
සුර සැප සොයා
යන

සිඹ වැරෙන්
තොල්පෙති
ඈත්කර
මල්පෙති
තඹර විල
කළඹවා
ජීවිතය
දිය කරන

පෙරලගෙන
පැද්දෙන
තාල අල්ලන
කෙඳිරිය
ඇසෙන විට
සුවයට
ඹබර නෙත්
අඩවන් වන


ඇසුනාද මා සබඳ
යටින් ඒ
කෙඳිරිය
මරණයක් අයදිමින්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සුසුම් ලන
“ගැහැනියක්“
...........................................................................






ප.ලි:- බ්ලොග් එක වෙනස්කලගන්න උඩව් කලපු සාතොටයි තරු අයියටයි
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ඈ.........^_^




Sunday, February 17, 2013

දෙවියන් වහන්ස.......





ද්‍රෝහියා
නුඹ

ගිල්වා ගඟෙහි
ආදර
පොඟවා දමා
ජීවිතය
මිරිකා ඉවත්කර

මගෙන්
මාවම

මරා නොදමා
එලෙසම
ගසා දමලා
ලෙසටම

එල්ලුවා වැලක
සුදු කොඩියක්
විලස
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැලහින්න නමින්
මා
බෞතීස්ම
කර
...............................................................




ප.ලි:-අනේ කාටහරි කියන්න පුළුවන්ද ඇයි මම ගොඩාක් කාලෙකට කලින් ෆලෝ කරපු සමහර බ්ලොග්
ආයෙමත් අලුතෙන් ෆලෝකරන්න වෙලා  තියෙන්නෙ ඇයි කියල.
මට අප්ඩේට් එන්නෙ නැහැනෙ හරියට
:‘(











Monday, February 4, 2013

උපේක්ෂාවෙන්....



හිතක ගින්දර

අවුලුවා මම
දැල්වු පහණට
ඇදෙන පළඟැටි
රෑන දෙස 
මම
බලාගෙන හිඳ
උපේක්ෂාවෙන්

රකිමි 
මුනිවත
..............................................



තවත් කණාමැදිරියෙක්
මේ දවස්වල
රෑට රෑට
කැරකෙනව ආයෙත්
මගෙ වටේට
නට නට

“හිතන් ඇති

මං රැවටෙයි
කියල
ආයෙත්“
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පස්ස පැත්තෙන්
පෙන්නන
හඳ එළියට
...............................................................






ප.ලි:- ශම්මි අක්කගෙයි මහී අක්කගෙයි බ්ලොග් වලට මට යන්න බැරියෝ......:‘(
ඇයි කියල දන්නෙ නැතෝ..........



Friday, January 25, 2013

සැනසුම් සුසුම්........




සරාගී සිත
විරාගීකර
දැහැන් ගතකර
මෝක්ෂ සුවයට
හිතයි මනසයි
එකතු නොවුනට
අමාවක දා
සිදුවු වරදට


කෝටියක් ගන්ධබ්බ
සිතුවිලි
පාවුනත් හිත්
අහස් මඬලේ
ගැබ් දරන්නට කවියකින්
පිං
මදිවුනාටද
රිදුනෙ මෙතරම්



.......................................................................


ලියා අවසන 
ඒ කව
කඩා දමමින් 
පෑන් තුඩ
සුසුම් හෙලුවා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කන්‍යාවියක්
.........................................................................







Monday, January 14, 2013

උන්මාද ආදරී.....





හූ තියා ගත්තා
ඇය
ඇයටම

ඔහු විසින්
නිරුවත් කල
ඇගේ ආත්මයේ
නිරුවත
දැක
.........................................................


ආදරේ මායාව
මුසුකල
නුඹේ වල්මත්
චපලකම
විදහා ගිය
මොහොතක
මුවින් නැඟුනා වූ
“ආහ්“
ස්වරය

සුනුවිසුණු කලා
ජීවිතය

පවුකාර යැයි
මම
ගල් ගසන
නුඹ
අරුණෝද
නැඟුනු විට
දකීවී
නිරුවත

එවිට මාගේ
නිසල දේහය
අසාවී පැණයක්
නුඹෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සාන්තුවර ලෝගුව
පෙඟෙන්න ගැලුව

ලේ
මදිද....??
................................................................


Thursday, December 27, 2012

හූනාගේ කවිය




“නැවතීගෙන
හිතේ කොණක
රිදුම් නොදී
දෑස්වලට
ආව ගියෝ එකෙක්
වෙන්න
මෙරුන්ට මං
හරි ආසයි“
............................................


ලියා අවසන
ඒ කව
නෙත යොමා

කැටපතට,
පසුව ඇති බැව්
දැන
රෑ

දහයෙ කණිසම
පිටත් වූවා
අඳුරෙම
වල්කම් හුළඟෙ
පාවෙන

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මොනර කොල
අල්ලන්න
..................................................

Monday, November 26, 2012

දැනුම් දීමක්.......



 


කමෙන්ට්ස් දාන ඇනෝ සහෝදරයටයි කියන්නේ......

ඇනෝ සහෝදරවරු කීපදෙනෙක් මගෙ බ්ලොග් එකේ කමෙන්ට්ස් දාල තිබ්බත්,මේ කියන්නෙ කාටද කියල ඒ අදාල ඇනෝ දන්නව.......

කලුගල් කියන ජාතිය කවදාවත් දියකරන්න බෑ.....කාගෙවත් දුකකටවත් කඳුළු වලටවත්.ඒත් ඔයා එකපාරක් කලුගලකට ආදරේ කරන්න ඇවිත්,හිත රිද්දගත්ත නිසා බොහොම කරුණාවෙන් කියන්නෙ...පාඩුවෙ ඉන්න දෙන්න.මට ඔයාගෙ හෙවනැල්ලක්වත් දකින්න නෙ නෑ.

කලු ගල්වල ඔලුව හප්පගන්න එපා....රිදෙන්නෙ මට නෙේ....


දෙයක් කිව්වම විශ්වාස කරන්න පුළුවන්නම් විශ්වාස කරන්න....බැරිනම් නිකන් ඉන්න....

ඇත්ත කියන්නෙ මොකද්ද කියල දවසකඔයාට තේරෙයි....හැබැයි අන්න එදාට මීට වඩා ගොඩාක් ඔයාට රිදෙයි....තේරුම් ගන්නවනම් තේරුම් ගන්න....

ඒ එක්කම කලින් දාපු මේ කවියෙ  අකුරුවල අඩුපාඩු තිබුනයි කියල කියල තිබුනා......ක්‍රෝම් වලින් මටත් ඒක හරියට පෙනුනෙ නහැ.ඒ වැරැද්ද පෙන්නල දුන්න දයානන්ද සර්ටයි ප්‍රා අක්කිටයි ගොඩාක් ස්තූතී....
වැරැද්ද හැදුවා....හරිද බලන්ඩෝ




Monday, November 19, 2012

දරාගන්නෙමි කෙසේ හෝ මං....





පාර වැරදී
දෙව් ලොවට යන
මනු ලොවට විත්
මුලා වීගෙන

“අන්න මල්ලී අපේ
අම්මා“

කියා රැවටී

ඇවිත් පසුපස
කුසට වැඩ මා
ගමන් වෙහෙසට
නින්ද යන්නැති
පැටව් දෙන්නට

මාස නවයක්
පිරී ගියමුත්
කෙහිද තව මගෙ
පැටව් දෙන්නා
සොයන්නට ඇති
නුඹත් සැමියත්
යන්න ඇති
සක් දෙවින්දා වෙත

නොවන මෙලොවට

අයිති හන්දා
ගෙවන්නට ණය
නොමැති හන්දා
ගෙන්න ගන්නැති
සක් දෙවින්දා
නූපන් මගේ
සුර දූතයො 
දෙන්නා

සැල කලානම්
සක් දෙවින්දන්
ඔහු අතින් වූ
අතපසුව ගැන
දිව්‍ය ලෝකේ
ඉන්න අම්මේ
කියමි නුඹ හට
මේ වදන් පෙල

මා තිඹිරි ගෙය
මැරුණ සිහිනය
වාසනා වී
නුඹේ ඇකයේ
පානවා ඇති
සිඟිති සුරතල්
නොවන් වස් දොස්
නුඹේ සෙනෙහෙට

දෙන්න මේ නම්
හරිම දඟයන්
කවයි හං කිති
බොහෝ නුඹටත්
වරම් නොලදත්
නෙතට සුරතල්
හිතින් වින්දෙමි
බොහෝ සතුටක්
.....................................................................................................

 

 මට හොරෙන් ඇහැ
පියුණු මොහොතක
හෝරාව විත්
මා බලන්නට
ආව විටකදි
හසුවෙලා මා
මඟ නවත්තපු
කවි කොලය දැක

“ඇයි ලියන්නේ
මෙහෙම කවි පද
තවත් අසරණ
වෙනවනේ මං“

නොකිව් මුත් නුඹ

මුව විවර කර
 තේරුණා නුඹ
දෑස් බැල්මෙන්

තදින් තෙරපා
තුරුළු කර මා
හිස හොවාගෙන
නුඹේ ලය මත
මුසු වෙලා මට
බැන්ද ප්‍රේමය
තාත්තෙකුගේ
කඳුළු බිඳු වැල්
වැටුනි මාගේ ‍
සබඳ දෙනෙතින්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හෙලන්නෑ මං
එකදු කඳුලක්
එයින් තව තව
රිදුම් දීලා
පණපිටින් නුඹ
දැවෙන හන්දා

හදාගමු හිත 
අප්පච්චී
..............................................................................


ප.ලි:- කලින් පාර ලියවුන අප්පච්චී කවිය නිසා ගොඩක් අයට රිදිල තිබුන.ඒත් මේ වතාවේ එමෙ නොවේවා කියල ප්‍රාර්ථනා කරනව.... අනේ මේක කවියක් විතරයි හොඳද...:‘(




Monday, October 29, 2012

මට නොහැඟෙන,ලියවුන කව.....




ආදරය සේ
වෙස්වලාගෙන
ගෙනා ආ මට
ජීවනාලිය
පෙවූ එය දිවි අරුත
එක්කල
කිඳුරු නිරිඳුන් නුඹඳ
සොඳුරේ


ආදරේ නෙක වර්ණ
දිලෙනා
සොඳුරු නුඹගේ කිඳුරු
දහනට
හොවාගෙන මා විසල්
මුතුවක
ප්‍රේම සයුරේ කිමිද
පතුලට


නිරිඳු හද දිනු රැජිණ
කරවා
පෑ සිනාවෙන් ලොවම
හිමිකල
සදා නොවෙනස් ම‘හිමි
දිනිදුන්
සමිඳ ඔබමද සමිඳ
ඔබමද.......?


...............................................................................................................



ප.ලි:- එකපාර ගැස්සිලා , නින්දෙන් ඇහැරිලා මේ ලියවුනේ මොකද්ද කියන්නනම් හරියටම තේරෙන්නෙ නෑ....මෙහෙම එකක් මේ ලියවුනාමද කොහෙද...
දැන්ම දාන්න නෙ කියල හිතුන.ෝ කස්ටිය කියන්නෙම
මරණය ගැන විතරමයි ලියන්නෙ කියලනෙ...

@අම්බානක හොම්මං වී...o.O





Friday, October 12, 2012

ආශාව.......





හිනාවෙන්න ඕනේ..


හීතලම හීතල රෑක
ඇඟම හිරිවට්ටන
පෙන බුබුළු
නැඟීගෙන
අයිස්කැට පාවෙන
සැන්ඩි නැති
විස්කි වීදුරුවක
උඩ දාරේ වටේ
යනගමන්

හයියෙන් කෑගහල
පනිනකම් කඳුළු
ඇස්දෙකන් සතුටට
ලෝකෙටම ඇහෙන්න
අවසාන වතාවට


පාවෙලා යන්න ඕනේ..


පෙනහැල්ල පිරෙන්නම
උඩට ඇද්ද
ආඩම්බරයෙන් පිටකල
ගුප්ත රටා මවන
සිගරට් දුමාරයක
පටලවා මම
මාවම
හිස්ම හිස්
අවකාශයට
එහෙම්මම අතුරුදන්
වෙන්න


මත්වෙන්න ඕනේ..
...............................................................................


කල නොහැකි දේ
මට
පියවි සිහියෙන්
මේ ලොව
හෙමි හෙමින්
කරාවී
සිහිවිකල් කර
නියමෙට
විස පෙවූ
මත් වතුර

බොහෝ කලකට පෙර
නුඹ සුසුම් මුසුව
ආදරේ එක්කර
දෙතොලින් පොවා
පණ
නුඹ නුඹව දියකර
දී ජීවනාලිය
පණ පෙවූ ජීවයක

එකවරම ගිලිහුණ
නුඹ සුසුම
සොයාගත නොහැකිව
දහසකුත් සුසුම් මැද
අතරමං වීගෙන
අන්ත අසරණ වී ඇත


හෙව්ව මං ආදේශක
හරිගියේ නෑ මට
එකම ප්‍රතිකර්මය
මෙච්චරයි හරියන

ලේවලට මුසුවෙච්ච
මත්වතුර ටිකෙන් ටික
පුළුස්සාදමාවී
නුඹ නමැති
හද සෛල
හෙමි හෙමින් මරාවී

මාත් එක්කම
පණ අදින
මාරාන්තික ප්‍රේමය

ටිකෙන් ටික
අරක්ගෙන නුඹ
අරක්ගෙන සිටින
ලේ නහර
ඉන්පසුව
සෝදලා ඉවත්කර
නුඹ නමැති
විෂබීජ
මත් වතුර
නාශකෙන්

එයම විෂවී පසුව
ගලා ගොස් දස අතට
අයිති කරගෙන සිරුර

මට යන්න කියාවී
අවසරයි සමුගන්න

..........................................................................


විනාස වෙන්න ඕනේ..


ඕනෙ විදියට නැතත්
ජීවත් වෙන්න මට
මැරෙන්න හරි ඕනේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මං කැමති විදියට
....................................................................................








Saturday, September 29, 2012

වයස් දෙකක්.......






“දැක්ක දවසෙ ඉඳන්ඔයා...
ඇයි හැමදාම රෑට
රිදෙන්නෙ මගෙ
ඔලුව...??

මං හරි ආසයි
ඉක්මණට
ඔයා වෙනවනම් මගෙ
පැනඩෝල්
පෙත්ත“

අහන් හිටපු මේක
කිව්ව අපෙ අම්ම
මෙහෙම

“දාපිය ඔතෙන්ට
පැනඩෝල් නෙමේ
පොලිඩෝල්...

අන්න එතකොටයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

රැඩිකල්
.............................................................................................................................................................






ප.ලි:-

ඇහැට පේන
ගණන්, කොමස් ,සිංහල ,
ඉතිහාසය ,ඩ්‍රාම,සෞඛ්‍ය
පොත් අස්සෙ

කණට ඇහෙන
සමහර දේවල් එක්ක

අම්මප
දෙතුන්දෙනෙක්ව

හිතෙනව මරාගෙන
මැරෙන්න.....:/

................................................................................










Friday, August 3, 2012

සැනසීම......





නුඹ හිත
අරණ අභියස
පියගැට පෙල
පාමුල
සිඟන්නියකී
වෙසෙන අසරණ


යනගමන් ඉඳහිට

නුඹ මුවින්
විසික්වෙන


දයාබර වචනයක්

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


අහුලගෙන පිං දෙන
................................................









ප.ලි:- ඔයාලට මාව අමතක වෙලාද දන්නෙත් නෑ අප්ප....බ්ලොග් එක පැත්ත පලාතෙ ආවෙත් සෑහෙන්න කාලෙකින්.............මේ එක්සෑම් එකක් නිසා මට පිස්සු හැදිල ආයෙ පිස්සු හැදෙනව අප්ප.....:‘(



Sunday, July 8, 2012

නිකමට හිතුන මට.....





මිනී මල් යායට
පීදිලා පාට පාට
තැනින් තැන අරලියා
වතුසුද්ද මල් පිපිල
සෑහෙන්න

හංගමින් නිදනවුන්
සාමයෙන් සමාදානෙන්
පිණි වැටුනු තණ පලස
මැදින් යන තාර පාර
සුන්දරද කොයිතරම්

මල බැඳුණු යකඩ කණු
ගේට්ටුව පහුකරන්
යන සුළං රැල්ල මිස
කාලෙකින් කවුරුවත්
ඇවිත් නැහැ
තනියට

නුඹ පමා ඇයි කියා
මඟ බලන්
පිළිගන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සුසානය සැරසිලා
පාළුවෙන් මිරිකෙමින්
...........................................................



Friday, June 22, 2012

හරි නේද.....??





වල් වැදී තිබූ හිත

පෙරළු පසු
සරුසාර
බිමකට,

මෝදු වූ
පළමු
අංකුරය...

කරටියෙන් කඩා
තලා පොඩිකර
උදුරා
දමා
හිත මතම
පාගා
ගිනි තබා
සුනු විසුනු කර
දැම්මෙමි.....


හටගත් පළමු 

අංකුරය
නිසාවෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැලන්ටයින්
......................................................................







Thursday, June 7, 2012

ආ..මෙන්න...






අරං ගලවල 
දමල ගැහුවා
වැරෙන් වදිනට
ගඟේ පතුලට

පාවි පාවී
ආව ආයෙත්
රබර් බෝලයක්
වාගේ උඩටම

පාව පලයං
ඕනෙ අහකට
අයිති නෑ දැන්
මගේ හද
උඹ

ඉන්නවානම්
ඕනෙ 
කවුරුත්
කර්ණි,කෝෂික
ශිරා,ධමනී
ගනින් ගලවල
නුදුරු දිනකදි
උගන්නන්නට
පොඩි එවුන් හට
මේන් මේකයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

විරහ හදවත
................................................................