Friday, October 12, 2012

ආශාව.......





හිනාවෙන්න ඕනේ..


හීතලම හීතල රෑක
ඇඟම හිරිවට්ටන
පෙන බුබුළු
නැඟීගෙන
අයිස්කැට පාවෙන
සැන්ඩි නැති
විස්කි වීදුරුවක
උඩ දාරේ වටේ
යනගමන්

හයියෙන් කෑගහල
පනිනකම් කඳුළු
ඇස්දෙකන් සතුටට
ලෝකෙටම ඇහෙන්න
අවසාන වතාවට


පාවෙලා යන්න ඕනේ..


පෙනහැල්ල පිරෙන්නම
උඩට ඇද්ද
ආඩම්බරයෙන් පිටකල
ගුප්ත රටා මවන
සිගරට් දුමාරයක
පටලවා මම
මාවම
හිස්ම හිස්
අවකාශයට
එහෙම්මම අතුරුදන්
වෙන්න


මත්වෙන්න ඕනේ..
...............................................................................


කල නොහැකි දේ
මට
පියවි සිහියෙන්
මේ ලොව
හෙමි හෙමින්
කරාවී
සිහිවිකල් කර
නියමෙට
විස පෙවූ
මත් වතුර

බොහෝ කලකට පෙර
නුඹ සුසුම් මුසුව
ආදරේ එක්කර
දෙතොලින් පොවා
පණ
නුඹ නුඹව දියකර
දී ජීවනාලිය
පණ පෙවූ ජීවයක

එකවරම ගිලිහුණ
නුඹ සුසුම
සොයාගත නොහැකිව
දහසකුත් සුසුම් මැද
අතරමං වීගෙන
අන්ත අසරණ වී ඇත


හෙව්ව මං ආදේශක
හරිගියේ නෑ මට
එකම ප්‍රතිකර්මය
මෙච්චරයි හරියන

ලේවලට මුසුවෙච්ච
මත්වතුර ටිකෙන් ටික
පුළුස්සාදමාවී
නුඹ නමැති
හද සෛල
හෙමි හෙමින් මරාවී

මාත් එක්කම
පණ අදින
මාරාන්තික ප්‍රේමය

ටිකෙන් ටික
අරක්ගෙන නුඹ
අරක්ගෙන සිටින
ලේ නහර
ඉන්පසුව
සෝදලා ඉවත්කර
නුඹ නමැති
විෂබීජ
මත් වතුර
නාශකෙන්

එයම විෂවී පසුව
ගලා ගොස් දස අතට
අයිති කරගෙන සිරුර

මට යන්න කියාවී
අවසරයි සමුගන්න

..........................................................................


විනාස වෙන්න ඕනේ..


ඕනෙ විදියට නැතත්
ජීවත් වෙන්න මට
මැරෙන්න හරි ඕනේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මං කැමති විදියට
....................................................................................








46 comments:

  1. බීල ප්‍රශ්න විසඳන්න බෑ බන්... ;)

    ReplyDelete
    Replies
    1. හික් යා යා.....මුකෝ බව්වම ප්ලස්නෙ මටක නානේ.....;)

      Delete
  2. මොනා වුනත් ලස්ස්නයි නංගො..... මාත් නම් ආසයි ජිවත් වෙන්න හරි මැරෙන්න හරි මම අසා විදිහට...

    ඕනෙ විදියට නැතත්
    ජීවත් වෙන්න මට
    මැරෙන්න හරි ඕනේ
    මං කැමති විදියට..............

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්....අනේ මන්ද අයියෝ.......

      ගොඩාරියක් ස්තූතී ඔයාට.......

      Delete
  3. මේක කියවගෙන යනකොට හිතුනේ මේ මගේ පොඩි දුවද ලියල තියෙන්නේ කියලයි.හරිම නිර්ව්‍යාජයි.ලස්සනයි හිතට තදටම වැදුණා.මම දුව ගැන කිව්වේ මේ නිසා මෙතෙන්ට ගොඩවෙලා බලන්නකෝ.
    මේ කෙල්ල මගේ ජීවිතේම වෙනස් කරනවා

    ReplyDelete
    Replies
    1. උදේපාන්දර කිසමදෙයක් කියාගන්න බැරිවුනා අන්කල්....ඇඟම හිරිවැටිල ගියා ඒ පෝස්ට් එකට...

      Delete
  4. ඕනෙ විදියට නැතත්
    ජීවත් වෙන්න මට
    මැරෙන්න හරි ඕනේ
    මං කැමති විදියට..

    උත්සහ කරොත් කැමති විදිහට ජීවත් වෙන්නත් බැරි නෑ. හැබැයි ලේසි නෑ.
    කැමති විදිහට ජීවත් උනොත්.. මැරෙන්න අමාරුත් නෑ..

    ReplyDelete
    Replies
    1. කොච්චර උත්සහ කලත් ජීවිතේ අපිට ලැබෙන්නැති දේවල් තියෙනව අයියෝ.....:‘(

      Delete
  5. ඇත්ත ඇත්ත....
    මයි කාර් මයි පැට්‍රෝල් කියලා, තමන්ට ඕනේ දේ ඒ විදිහට :)

    ආ... අග්ලියෝ..
    අර තෑගි බැනර් එක අයින් කරමු. දැන් ඒක ඉවරනෙ.සහයෝගෙට ස්තූතියි ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. @සජා..
      අඩේ ඒක නැවටිලාඩ...?? මං ඩන්නෙට් නෑ......

      @හිතූ අක්ක
      හී හී....^_^

      Delete
  6. හැමදාමත් වගේ අදත් මරණය ගෑවිච්චි කවියක්.... ඒත්, අමුතුම ගතියක් තියෙන අදහසක් අග්නියෝ!!! වෙනස්!!! අපි ආස විදියට ලෝකෙ හැමදේම වෙනවානම් කොහොමට තියෙයිද හෆ්ෆා...

    ReplyDelete
    Replies
    1. ඒට් ඒම වෙන්නෑනෙ අක්කෝ....ඒකලෙ ඩුක...:/

      ස්තූතී මගෙ අක්කෝ.....

      Delete
  7. බේබදු වෙලානේ.ඔහොම නං බෑලු. හි හි හි.මොනව වුණත් ෆැන්ටසිය ඉහළයි.ජය!!!

    ReplyDelete
    Replies
    1. බලමුකො ඒමවට් පුළුවන්ඩ කීල.... ;);)

      ස්තූතී මගෙ අයියෝ....

      Delete
  8. බබී කොල්ලො ලියන කවියක්නෙව ලියල තියෙන්නේ....ඒ ලියන එකත් උපරිමෙන්ම ලියලා...

    ඕන් මන්ගානෙ පරසතු මලක්.. එක්කො දෙකක්ම දෙනවා එච්චරට සුපිරි

    ReplyDelete
  9. මම නම් කැමතියි බීල ප්‍රහ්න විසඳගන්න!:)

    ReplyDelete
  10. අද වෙනදට වඩා හරිම වෙනස් විදියක්...නමුත් එකම මාතෘකාව....පද බැදීම ලස්සනයි...අග්නි කෙල්ලේ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අක්කෝ.....^_^

      Delete
  11. :/
    සැන්ඩි නැති විස්කි
    පාවෙන අයිස් කැට
    ආස නැති සිගරට් දුම..
    මට දුකය..
    උඹට ආතල් ය...

    ReplyDelete
    Replies
    1. හලි පවුනේ.......අපි අඬමු හලේ....:(

      Delete
  12. බීලා බීලා ඔයාට ‘සිරෝසීස්‘ හැදෙයි අරිද?

    ReplyDelete
    Replies
    1. ඒකෙන් මැලෙනවලු නේඩ අනී.....????

      Delete
  13. මැරෙන කතාමයි......................................................

    ReplyDelete
    Replies
    1. ජීවත් වෙනවනෙ අක්කෝ......ඒකයි.....:)

      Delete
  14. ආතල් එකට බිව්වට,ප්‍රශ්න විසඳන්න බීලා බෑ බං කෙල්ලේ.

    ReplyDelete
  15. අග්නි කාලෙකට පස්සෙ ලස්සන අරුත් බර කවියක් ලියලා. බොන අය ගැන කොහොමද මෙච්චර හොඳට කවි ලියන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ දන්නෑ සර්...කොහෙන් කොහොම ලියවෙනවද කියල....
      ගොඩාක් ස්තූතී...

      Delete
  16. මට නම් කිසි අවුලක් නැහැ වයිෆ් බොනවට
    සෝ අපෙ අදහස් එකයි. :D

    ReplyDelete
    Replies
    1. මලා....එහෙමඩ.....නෑ ඔයාගෙ වයිෆ් බොනවට ඔයා කැමති වුනාට මං බබී කැමටි නෑ....ඒ නිසා අපේ අඩහස් එකයි නෙමේ...

      Delete
  17. බොන එකයි, ‍බොන්නේ ඇයි කියලයි දන්නේ බොන එකාම විතරයි..!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්....බීල නෑනේ...ඒනිසා ඇත්තටම දන්නෑ....:(

      Delete
  18. අග්නි කියන එකේ තේරුම මරණය ද? ලියුවොත් මරණයක් ගැන..

    ReplyDelete
    Replies
    1. හී...සා සෝයි අනේ....අග්නි ධාරා...= මරණයි.....^_^

      Delete
  19. අනේ මන්ද බං. මොන දේ වුනත් සතුටින් ඉඳපන්, ඒ ඇති.

    ReplyDelete
    Replies
    1. මොනදේ වුනත් ඉන්නව තමා අයියෝ....මොකෝ ඕනෙයි කියල මැරෙන්නද...:(

      Delete
  20. සික් මට කවි ලියන්න බැහැනේ නැත්තම් මම කවියකින්ම අහනවා මොකෝ සද්ද නැත්තේ කියලා.ඒ වුනාට මම දන්නවා ඕ ලෙවල් කියලා එහෙකුත් තියෙනවනේ නේද ඔයාට.ඒක හොඳට ඉවර කරන්න මන් සුභ පතනවා.ඒත් ඒක ඉවරවෙනකන් ඔයා මෙහෙම හිටියොත් තව ගොඩක් කල් යයිනේ ආයේ කවි ලියන්න?.

    ReplyDelete
    Replies
    1. කවිනම් කවද කොහොම ලියන්න බැරිද අප්ප.....
      කවි ලියන්න හැමෝටම පුළුවන්....හැමෝගෙම ඇතුලෙ කවියෙක් ඉන්නව...කරන්න ඕනෙ එයාව එළියට ගන්න එක විතරයි....:)

      Delete