හිනාවෙන්න ඕනේ..
හීතලම හීතල රෑක
ඇඟම හිරිවට්ටන
පෙන බුබුළු
නැඟීගෙන
අයිස්කැට පාවෙන
සැන්ඩි නැති
විස්කි වීදුරුවක
උඩ දාරේ වටේ
යනගමන්
හයියෙන් කෑගහල
පනිනකම් කඳුළු
ඇස්දෙකන් සතුටට
ලෝකෙටම ඇහෙන්න
අවසාන වතාවට
පාවෙලා යන්න ඕනේ..
පෙනහැල්ල පිරෙන්නම
උඩට ඇද්ද
ආඩම්බරයෙන් පිටකල
ගුප්ත රටා මවන
සිගරට් දුමාරයක
පටලවා මම
මාවම
හිස්ම හිස්
අවකාශයට
එහෙම්මම අතුරුදන්
වෙන්න
මත්වෙන්න ඕනේ..
...............................................................................
කල නොහැකි දේ
මට
පියවි සිහියෙන්
මේ ලොව
හෙමි හෙමින්
කරාවී
සිහිවිකල් කර
නියමෙට
විස පෙවූ
මත් වතුර
බොහෝ කලකට පෙර
නුඹ සුසුම් මුසුව
ආදරේ එක්කර
දෙතොලින් පොවා
පණ
නුඹ නුඹව දියකර
දී ජීවනාලිය
පණ පෙවූ ජීවයක
එකවරම ගිලිහුණ
නුඹ සුසුම
සොයාගත නොහැකිව
දහසකුත් සුසුම් මැද
අතරමං වීගෙන
අන්ත අසරණ වී ඇත
හෙව්ව මං ආදේශක
හරිගියේ නෑ මට
එකම ප්රතිකර්මය
මෙච්චරයි හරියන
ලේවලට මුසුවෙච්ච
මත්වතුර ටිකෙන් ටික
පුළුස්සාදමාවී
නුඹ නමැති
හද සෛල
හෙමි හෙමින් මරාවී
මාත් එක්කම
පණ අදින
මාරාන්තික ප්‍රේමය
ටිකෙන් ටික
අරක්ගෙන නුඹ
අරක්ගෙන සිටින
ලේ නහර
ඉන්පසුව
සෝදලා ඉවත්කර
නුඹ නමැති
විෂබීජ
මත් වතුර
නාශකෙන්
එයම විෂවී පසුව
ගලා ගොස් දස අතට
අයිති කරගෙන සිරුර
මට යන්න කියාවී
අවසරයි සමුගන්න
..........................................................................
විනාස වෙන්න ඕනේ..
ඕනෙ විදියට නැතත්
ජීවත් වෙන්න මට
මැරෙන්න හරි ඕනේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මං කැමති විදියට
....................................................................................
..........................................................................
විනාස වෙන්න ඕනේ..
ඕනෙ විදියට නැතත්
ජීවත් වෙන්න මට
මැරෙන්න හරි ඕනේ
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මං කැමති විදියට
....................................................................................
බීල ප්‍රශ්න විසඳන්න බෑ බන්... ;)
ReplyDeleteහික් යා යා.....මුකෝ බව්වම ප්ලස්නෙ මටක නානේ.....;)
Deleteමොනා වුනත් ලස්ස්නයි නංගො..... මාත් නම් ආසයි ජිවත් වෙන්න හරි මැරෙන්න හරි මම අසා විදිහට...
ReplyDeleteඕනෙ විදියට නැතත්
ජීවත් වෙන්න මට
මැරෙන්න හරි ඕනේ
මං කැමති විදියට..............
හ්ම්ම්ම්ම්ම්....අනේ මන්ද අයියෝ.......
Deleteගොඩාරියක් ස්තූතී ඔයාට.......
මේක කියවගෙන යනකොට හිතුනේ මේ මගේ පොඩි දුවද ලියල තියෙන්නේ කියලයි.හරිම නිර්ව්‍යාජයි.ලස්සනයි හිතට තදටම වැදුණා.මම දුව ගැන කිව්වේ මේ නිසා මෙතෙන්ට ගොඩවෙලා බලන්නකෝ.
ReplyDeleteමේ කෙල්ල මගේ ජීවිතේම වෙනස් කරනවා
උදේපාන්දර කිසමදෙයක් කියාගන්න බැරිවුනා අන්කල්....ඇඟම හිරිවැටිල ගියා ඒ පෝස්ට් එකට...
Deleteඕනෙ විදියට නැතත්
ReplyDeleteජීවත් වෙන්න මට
මැරෙන්න හරි ඕනේ
මං කැමති විදියට..
උත්සහ කරොත් කැමති විදිහට ජීවත් වෙන්නත් බැරි නෑ. හැබැයි ලේසි නෑ.
කැමති විදිහට ජීවත් උනොත්.. මැරෙන්න අමාරුත් නෑ..
කොච්චර උත්සහ කලත් ජීවිතේ අපිට ලැබෙන්නැති දේවල් තියෙනව අයියෝ.....:‘(
Deleteඇත්ත ඇත්ත....
ReplyDeleteමයි කාර් මයි පැට්‍රෝල් කියලා, තමන්ට ඕනේ දේ ඒ විදිහට :)
ආ... අග්ලියෝ..
අර තෑගි බැනර් එක අයින් කරමු. දැන් ඒක ඉවරනෙ.සහයෝගෙට ස්තූතියි ඈ...
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හික්ස්ස්ස්... ;)
Delete@සජා..
Deleteඅඩේ ඒක නැවටිලාඩ...?? මං ඩන්නෙට් නෑ......
@හිතූ අක්ක
හී හී....^_^
හැමදාමත් වගේ අදත් මරණය ගෑවිච්චි කවියක්.... ඒත්, අමුතුම ගතියක් තියෙන අදහසක් අග්නියෝ!!! වෙනස්!!! අපි ආස විදියට ලෝකෙ හැමදේම වෙනවානම් කොහොමට තියෙයිද හෆ්ෆා...
ReplyDeleteඒට් ඒම වෙන්නෑනෙ අක්කෝ....ඒකලෙ ඩුක...:/
Deleteස්තූතී මගෙ අක්කෝ.....
බේබදු වෙලානේ.ඔහොම නං බෑලු. හි හි හි.මොනව වුණත් ෆැන්ටසිය ඉහළයි.ජය!!!
ReplyDeleteබලමුකො ඒමවට් පුළුවන්ඩ කීල.... ;);)
Deleteස්තූතී මගෙ අයියෝ....
බබී කොල්ලො ලියන කවියක්නෙව ලියල තියෙන්නේ....ඒ ලියන එකත් උපරිමෙන්ම ලියලා...
ReplyDeleteඕන් මන්ගානෙ පරසතු මලක්.. එක්කො දෙකක්ම දෙනවා එච්චරට සුපිරි
ටැංකූ අනී....................^_^
Deleteමම නම් කැමතියි බීල ප්‍රහ්න විසඳගන්න!:)
ReplyDeleteඅර මොකෝ අනී....??
Deleteඅද වෙනදට වඩා හරිම වෙනස් විදියක්...නමුත් එකම මාතෘකාව....පද බැදීම ලස්සනයි...අග්නි කෙල්ලේ
ReplyDeleteගොඩාක් ස්තූතී මගෙ අක්කෝ.....^_^
Delete:/
ReplyDeleteසැන්ඩි නැති විස්කි
පාවෙන අයිස් කැට
ආස නැති සිගරට් දුම..
මට දුකය..
උඹට ආතල් ය...
හලි පවුනේ.......අපි අඬමු හලේ....:(
Delete:)
ReplyDelete:)
Deleteහීන ගොඩක් ඉහි ඉහි
ReplyDeleteඇඬෙනව හලේ....:‘(
Deleteබීලා බීලා ඔයාට ‘සිරෝසීස්‘ හැදෙයි අරිද?
ReplyDeleteඒකෙන් මැලෙනවලු නේඩ අනී.....????
Deleteමැරෙන කතාමයි......................................................
ReplyDeleteජීවත් වෙනවනෙ අක්කෝ......ඒකයි.....:)
Deleteආතල් එකට බිව්වට,ප්‍රශ්න විසඳන්න බීලා බෑ බං කෙල්ලේ.
ReplyDelete;) ;)හී............^_^
Deleteඅග්නි කාලෙකට පස්සෙ ලස්සන අරුත් බර කවියක් ලියලා. බොන අය ගැන කොහොමද මෙච්චර හොඳට කවි ලියන්නේ..
ReplyDeleteඅනේ දන්නෑ සර්...කොහෙන් කොහොම ලියවෙනවද කියල....
Deleteගොඩාක් ස්තූතී...
මට නම් කිසි අවුලක් නැහැ වයිෆ් බොනවට
ReplyDeleteසෝ අපෙ අදහස් එකයි. :D
මලා....එහෙමඩ.....නෑ ඔයාගෙ වයිෆ් බොනවට ඔයා කැමති වුනාට මං බබී කැමටි නෑ....ඒ නිසා අපේ අඩහස් එකයි නෙමේ...
Deleteබොන එකයි, බොන්නේ ඇයි කියලයි දන්නේ බොන එකාම විතරයි..!
ReplyDeleteහ්ම්ම්ම්ම්....බීල නෑනේ...ඒනිසා ඇත්තටම දන්නෑ....:(
Deleteඅග්නි කියන එකේ තේරුම මරණය ද? ලියුවොත් මරණයක් ගැන..
ReplyDeleteහී...සා සෝයි අනේ....අග්නි ධාරා...= මරණයි.....^_^
Deleteඅනේ මන්ද බං. මොන දේ වුනත් සතුටින් ඉඳපන්, ඒ ඇති.
ReplyDeleteමොනදේ වුනත් ඉන්නව තමා අයියෝ....මොකෝ ඕනෙයි කියල මැරෙන්නද...:(
Deleteසික් මට කවි ලියන්න බැහැනේ නැත්තම් මම කවියකින්ම අහනවා මොකෝ සද්ද නැත්තේ කියලා.ඒ වුනාට මම දන්නවා ඕ ලෙවල් කියලා එහෙකුත් තියෙනවනේ නේද ඔයාට.ඒක හොඳට ඉවර කරන්න මන් සුභ පතනවා.ඒත් ඒක ඉවරවෙනකන් ඔයා මෙහෙම හිටියොත් තව ගොඩක් කල් යයිනේ ආයේ කවි ලියන්න?.
ReplyDeleteකවිනම් කවද කොහොම ලියන්න බැරිද අප්ප.....
Deleteකවි ලියන්න හැමෝටම පුළුවන්....හැමෝගෙම ඇතුලෙ කවියෙක් ඉන්නව...කරන්න ඕනෙ එයාව එළියට ගන්න එක විතරයි....:)
ම්ම් ම්ම්....
ReplyDelete