Thursday, May 24, 2012

අප්පච්චී....





නුඹ දමා එදා
සරසවියට,
මිදී සොයුරු
රැකවරණයෙන්,
ගියේ වණපොත්
කරන්නට
හැඬූ කඳුළින්....

පොතට ඇස නැහැ
ඉන්ට හිත නැහැ
බත් ගිලෙන්නැහැ
සාංකාවයි,
මූසලයි ඒ
කාමරේ...

ඉවස ඉවසා
ඉන්න විටදී,
තියා කල්,
සතියක්
විභාගෙට කරුම

හැම වතාවෙම
දැනුන ලෙසටම
අමුතු විදියක
සුලි කුණාටුවක
ලකුණු දැනුනා
බඩපිස්සිට

ඇල්ලුවේ නැහැ
වංගුවේදී
ගේ පෙනෙද්දී
මූසලයි මහ

ගේට්ටුව දාපු
කිරි කිරය
හිරිවැට්ටුවා
මුළු ඇඟම
පණත් නැහැ
වත්ත මැද්දෙන්
ඇවිදන් එන්න
ගෙදරට

කණ්නාඩි දෙක
බිම වැටී
ඔහේ හාන්සි පුටුවට වී
අසරණව
එක අතක්
පපුව මත
තබාගෙන
කඳුළු පිරි දෑස් දල්වා
පාර දෙස බලන් සිටි
නුඹ,

තියා ඈතම
දුටුවිට
බඩ පපුව
පත්තුවී
අමුත්තක් මුසු
කොහේදෝ නැති
පණක් ආව
මගේ දෙපයට

දිව්ව වේගෙට
පයත් පැටලී
අන්තිම පඩියෙදී,
මහ හඬක් නංවා
පෙරලගෙන කණප්පුව
ඇදන් වැටුනා
නුඹේ පාමුල...

ඒත් නුඹ නැහැ
හෙල්ලුනේවත්
වගක් නැති ලෙස
උන්න එලෙසින්

දෑස් බොඳ වී
ඉකි ගැහෙද්දී
හෙමින් සීරුවෙ
කිට්ටු වී මම
කතා කල මුත්
නුඹව සොලවා,

අප්පච්චි නොව
උණුහුමක් නැත
හිසත් පසෙකට
කඩන් වැටුනා...

ලොකුයි මද්දුයි
දුවන් ඇවිදින්
“හත්තිලව්වයි“
මොකෝ පොඩ්ඩී
කියා හයියෙන්
මාව ඇල්ලුව
.
.
.
.
.
.
.
.
.
.

එච්චරයි මතක
මට...




72 comments:

  1. දුකායී.... කඳුළු වලින් ඇස් පිරුණා

    ReplyDelete
  2. ජීවිත මග පෙන්නලා
    එහි දුරක් යන්න කියලා
    මම අපහු හැරිලා බලද්දි
    නුඹ යන්න ගිහින්..
    මගෙන් දුරක
    බොහෝ ඈත..

    සසර ගමනක
    කෙලවරක
    නුඹත් මමත්
    ආයෙම හමු නොවන්න..

    ReplyDelete
  3. හ්ම්ම්ම්..අපේ තාත්තත් එහෙම හදිසියෙම ගියා..මීට අවුරුදු 7 කට කලින්...:(

    ReplyDelete
  4. සෑහෙන දුකයි අග්නියො.. නෙත් වලට කදුළු පිරුනා ...:(

    ReplyDelete
  5. මට මේක ගොඩක් සංවේදියි. මව දල ගිහින් අවරුද්දයි තාත්තා ........මට මේක කියවපුවම නෙතු කදුලක් එක්ක සංවේදී මතක් ගොඩක් අවදි වුණා ලස්සනයි නඟා.....
    සුදු මල් පොකුරක් අතින් දරා නුබේ සොහොන ලග තනිවී රහසේ සැලෙනා කදුලැලි පිසදා සිහි කරනෙමි මගේ පියාණෙනි ............
    බාල වියේ ඔබේ තුරුලේ සැනසී සෙනෙහස් ඔරුවේ සිතුවිලි අතරේ මා තනි කෙරුවේ නැවත නොයෙන්නට ගිය ගමනේ .......




    පිපි පරවුණු
    මුදු කුසුම නුබ
    යායම සුවද කෙරු ...........

    ReplyDelete
  6. දුකයි හොදට ලියල තියෙනවා...

    ReplyDelete
  7. කියන්න දෙයක් හිතා ගන්න බැරි උනත් මුකුත් නොකිය යන්නෙ කොහොමද?? අපේ තාත්ත ගිහින් දැන් අවුරුදු 6ක්..

    සිතට දැනෙනා සෙනෙහෙ සුවඳත්
    ඉතිරි කර ගිය මතක අහුරත්
    බොහෝ කල් සිට ලඟින් නැති මුත්
    සිහි කෙරේ ඔබෙ මතක තවමත්

    මුකුත්ම අදහසක් හිතට එන්නෙ නෑ... තව කියන්න දෙයක් නෑ..

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් බං...ආයෙ ලියන්නෑ....:‘(

      Delete
    2. පිස්සුද බං..? විකාර නැතුව ලියපං.. අකමැතිනම් අපි කියවන්නෙ නෑනෙ.. සිරාවට ලස්සනයි මේක..

      Delete
  8. කිසිවක් පැවසීමට සිත නොදේ.. :(

    ReplyDelete
    Replies
    1. කමක් නෑ අයියො...කමෙන්ට්ස් ටික ඩැකල මාවට් ගල්වෙලා ඉන්නෙ....:(

      Delete
  9. අවසානෙ‍ට නම් ඇහැ‍ට කදුලකුත් ආවා.හුගක් දුක සංවේදී කවියක් අග්නි ධාරා....

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මගෙ අක්කියෝ....:(

      Delete
  10. දුකයි මට... හරිම සංවේදී....

    ReplyDelete
    Replies
    1. ආයෙ ලියන්නෑමයි අයියෝ...මේවගේ කවි...:(

      Delete
  11. ලියපු රටාවයි කවියයි දෙකම හිතට දැනෙනවා!

    ReplyDelete
  12. ලස්සන කවියක් අග්නි සිවේදී වැඩිකමටදෝ කදුලුත් පිරැණා ඇස් දෙකට..හැම වචනයක්ම කියවද්දි රූපරාමු හිතේ ඇදෙනවා...හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මටත් මේ කිසිමඩෙයක් හිටාගන්න බැලුව අප්ප ඉන්නෙ....:(

      Delete
  13. Dukayi..... Wena mukuth kiyanna wachana enne na... Ea taramata sanwediyi... :(

    ~~~~***Daga Malla***~~~

    ReplyDelete
  14. ඒ උනාට මමදැන් ඔයත් එක්ක තරහා වෙලා ඉන්නේ... ඔය නිකමටවත් අපිව බලල යන්න එන්නේ නැහැනේ දැන්.

    ReplyDelete
    Replies
    1. අනී මඩ අප්ඩේට් එන්නෙ නෑ අයියො....ඉන්ඩ මං ආයෙට් ෆලෝ කලන්නම්....:(
      ටලාවෙන්න එපා හලේ.....:‘(
      ටව ඩෙටුන්ඩෙනෙක්ටම ඔය සිඩ්ඩිය වුනා....

      Delete
  15. කෙල ගිලෙන්නෙත් නැතුව ගියා..

    ReplyDelete
  16. හරිම දුකයි!!! ඇත්තටම දුකයි!! මම මෙහෙම දෙයක් කවියකින් ලියන්න තියා හිතන්නවත් බයයි!!!! ඇත්තටම පපුව හිරිවැටුනා..:(

    ReplyDelete
  17. හරි අපූරු නිර්මාණයක්.. ලස්සනයි......

    ReplyDelete
  18. ලස්සනයි...

    ReplyDelete
  19. මට නම් අප්පච්චි කෙනෙක් නැහැ එයා නැති වෙලත් හුගක් කල්.ඒත් මෙහෙම දේවල් නම් කාටවත් වෙන්න නරකයි.

    ReplyDelete
    Replies
    1. මං ආයෙ මේම ඒව ලියන්නෙට් නෑ අයියෝ.....:‘(

      Delete
  20. අදනම් ඔයාගේ කවිය කියවලා ගොඩාක් දුක හිතුනා සංවේදී විදියට ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද අයියෝ මට මාර අප්සෙට්...:‘(

      Delete
  21. මේක ඔයාගේ අත්දැකීමක්ද?

    ReplyDelete
    Replies
    1. අනේ නැහැ අක්කියෝ......:‘(

      Delete
    2. නංගියේ මම මෙහෙම කියුවා කියලා තරහා වෙන්න එපා. මේ අත්දැකීමක් නෙමෙයිලුනේ. ඒ කියන්නේ නංගිගේ තාත්තා ජිවතුන් අතරේ.. නංගෝ තාත්තා කෙනෙක් කියන්න කියලා නිම කරන්න බැරි සම්පතක්, අම්මා වගේමයි තාත්තා කියන කෙනා මටනම් මගේ ජිවිතේ මම වැඩිපුරම ගරු කරන කෙනා.. මම දන්නවා අනිත් හැමෝමත් එහෙමයි. ඔයාත් එහෙම ඇති. ඇයි නගෝ තාත්තා ජිවතුන් අතරේ ඉඳලත් තාත්තා කෙනෙක් නැති වෙන දෙයක් ගැන කවියක් ලියන්න හිත හදාගත්තේ කොහොමද කියලා මටනම් හිතා ගන්න බෑ. මගේ තාත්තා නැති නිසා මට මේ කවිය ගොඩාක් දැනුනා. මම හිතුවෙම නංගිගේ තාත්තාත් නැහැ කියලා. විහිළුවටවත් එහෙම දෙයක් හිතන්නවත් උත්සහ කරන්න එපා නගෝ. මේ ලෝකේ හැම මිනිහෙක්ම මැරෙනවා තමයි. ඒ උනත් මට මගේ නැතිවුණු තාත්තා නැති වෙලා කියලා හිතෙන්නේ නැහැ. එත් ඔයා?
      අපේ ජිවිතයක් දුන්නු කෙනාව හිතින්වත් අකුරුවලින්වත් මරන්න එපා.

      Delete
    3. ඔයාගේ කවි ගොඩාක් ලස්සනයි නගෝ.ඔයා අමුතු විදියට හිතන කෙනෙක්. එත් හිතන්න ඔයාගේ තාත්තා මේ කවිය දැක්කොත් කොච්චර දුක හිතෙයිද එයාට? හිතන්න. මට හිතෙන දේයි මම කියුවේ. මේක දැක්ක වෙලේ මට පුදුම දුකක් හිතුන නංගිගේ තාත්තත් නැතුව ඇති කියලා.

      Delete
    4. මට තේරෙනව අක්කියෝ....සමාවෙන්න....:(

      Delete
  22. අපේ අප්පච්චිත් මෙහෙම යන්න ගියේ මම පොඩි කාලේදී. බොක්කටම වැදුනා මේක නම් ...

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න අයියෝ......:‘(

      Delete
  23. ලස්සන කතාවක් කවියක් කරලා. කියවගෙන යද්දී ඒ කතාව හිතේ ඇඳිලා පෙනුන. ගොඩක් ලස්සනයි. අප්පච්චි පව්.

    ReplyDelete
  24. විකාරය් නෙව අග්නි අක්කේ මේක කියෙව්වම නම් ගල් හිතක් උනත් පට්ටෙටම උණු වෙනවා :(
    මටත් නිකන් මොකද්ද මොකද්ද උනා වගේ :/

    ReplyDelete
    Replies
    1. මටට් හිටාගන්න බෑ ඩැන්නම් මොනා වෙලාඩ කීල මට...:‘(

      Delete
  25. කියන්න වදන් නැත... :-)

    එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  26. මැරෙන සීන්ම තමා මේකි ලියන්නේ.. මගුල

    ReplyDelete
  27. සිද්ධිය මැවිලා පේන විදියට ලියල. ඒත් වර්ණා කිව්වා කතාවට මමත් එකඟයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියො...මටත් තෙරුණා මං වැරඩී කියල...:(

      Delete
  28. මේකට නම් මොකක් කමෙන්ට් එකක් විදියට දාන්නද කියලතමා මාත් මේ කල්පනා කරන්නේ..
    පණ නම් තන අග පිණිබිඳූ වැන්නේ කියල කියල තියනවනේ

    ReplyDelete
  29. ටි.බී. ඉලංගරත්න මහත්තයා ලියපු විලම්බීත, තිලක, තිලක සහ තිලකා තුන් ඈදුණු නවකතාවේ පළමු පොත වන විලම්බීත පොතේ තිලකගේ අප්පච්චීගේ වියෝව විස්තර කෙරෙන්නේත් මේ හා සමාන ආකාරයකට. කියවලා බලන්න පොත හොයාගන්න පුලුවන් කමක් තියෙනවා නම්

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් කියවපු කතාමාලාවක්......:)
      ගොඩාක් ස්තූතී අයියෝ...........

      Delete
  30. දුක හිතෙන කතාවක්නේ හලෝ.

    ReplyDelete
  31. හ්ම්ම්....:( වෙනස් වගේම ලස්සන පද ඇමුණුමක්....

    ReplyDelete
  32. හෆොයි...හලි දුකයි ...දුක හිතිලා තවත් දුක හිතෙන දුකම දුක කවියක්...ඉහි ඉහි... :'(

    ReplyDelete