Sunday, April 15, 2012

මම මාර ආසයි...






හයියෙන් එන
කෝච්චියකට
දුවගෙන ගිහින්
හැප්පෙන්න

බ්ලේඩ් එකකින්
කපාගෙන අත
ලේ බිංදුව බිංදුව වැටෙනව
බලන් ඉන්න...

කඹේකින්
දාගෙන බෙල්ලෙ
වැල
එහාට මෙහාට
පැද්දි පැද්දි
ඉන්න

ඔය මොන ක්‍රමේකින්
හරි මැරිල...
මළගේ දවසට
කොල්ලො කට්ටිය
කැරම් ගහනකොට,
ඕමි ගහනකොට
උන් කියන කතා
අහන් ඉන්න...

ඔය
සේරම අස්සෙ
මළගෙදර
වලියක් දෙකක්
යනහැටි බලන් ඉන්න

අන්තිම ගමනට
කනත්තට
මගෙම මිනිය පස්සෙන්
ඇවිදන් යන්න


“රං මම රං මම
යමං කනත්තට“


සුදු පාට අරලිය
ගහක් යට
මාව වලදාල
කට්ටියම ආපහු
යනහැටි බලන් ඉන්න
ඇවිත්
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඇවිත් කනත්තෙ
ගේට්ටුව ගාවට

....................................................................





78 comments:

  1. සහෝදරී ගැන හෙන ආඩම්බරයි ආ.

    ReplyDelete
    Replies
    1. ඇහ්....ඒමඩ....ඒ මොකෝ ඒ....??

      තෑන්කූ තැන්කූ රැඩී......^_^

      Delete
  2. කනත්ත තියෙන්නේ කොහෙද කියල කියන්න ඉස්සර වෙලාම... :)

    ReplyDelete
  3. එලනෙ... උඹ මලහම නම් සෑහෙන හොල්මන් කතා අහන්න ලැබෙයි වගේ... :)

    ReplyDelete
    Replies
    1. හිකිස්...මොකක්....???...:)

      Delete
    2. මේකි මලත් බ්ලොගේ පෝස්ට් වැටෙන එකනම් මට ශුවර්...

      Delete
  4. මැරුණම බුකියේ ස්ටේටස් එකක් දාන්ඩ ඈ...අපිට ඕමි ගහන්න එන්න :-)

    ReplyDelete
    Replies
    1. හික් හික්....හලි මං නාලුවෙක්ත කීල ටියන්නම්කො...;)

      Delete
  5. අපෝයි! මාර ආසවල් නෙ ඔයාට තියන්නේ....ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරන්නවත් බෑරි තරමට...:D

    ReplyDelete
  6. මැරුණම අර මනෝකායෙන් පාවි පාවි ඉන්න ගමන් ඔයන සීන් ඔක්කොම බලාගන්ඩ පුළුවන්.. හැබැයි අර හයියෙන් එන කෝච්චියකට දුවගෙන ගිහින් හැප්පෙන්න එක නම් ටිකක් බරපතලයි... වැරදිලාවත් කෝච්චිය පෙරලුණොත් එහෙම..බඩුම තමා..හැක් හැක්..

    ReplyDelete
  7. ඇයි අපි ඇවිත් දානේ කන හැටි බලන්න කැමති නැද්ද?හික්ස්

    ReplyDelete
  8. අපිට ලගදීම දානයක් සෙට් වෙන හැඩයි..:D
    මේවා මේ විහිළුවටවත් කියන්න හොද දේවල්ද නංගියෝ මේ ලියන්නේ..:/
    මොනවා උනත් නියම කවි ටික වෙනද වගේම.ජය..!!!

    ReplyDelete
    Replies
    1. හයියූ.....හික් හික්...තැන්කූ මගෙ අක්කෝ...:*

      Delete
  9. මම නම් මළගේ පැත්ත පලාතේ එන්නේ නෑ... අන්තිමට හොල්මනක් වෙලා පසෙන් ආවම ඒකෙත් කරදර අපිට..

    ReplyDelete
    Replies
    1. මේ ජීවට් වෙලා ඉඩිඩ්ඩිවට් කාගෙවත් පස්සෙන් නොගිය මම හොම්මං වෙලා නනවඩ අනී....:/

      Delete
  10. ශහ්.. මටත් ඔහොම ආසවක් තියෙනවානෙ..:D

    ReplyDelete
  11. කුඩු ගහලද ඉන්නෙ??
    :p

    ReplyDelete
  12. :D අලේ.. ඔය කොයිපැත්තෙද..
    හීනෙන්වත් ඔය පැත්තටනම් එන්නෙ නෑ නංගියෝ... :D

    ReplyDelete
    Replies
    1. ඇහ්....ඒවුනාත හැමෝතම කවඩහලි නන්න වෙනවනෙ...:(

      Delete
  13. හ්ම්ම්.... මොනවා වුනත් දානේටනං අපිත් සෙට් වෙනවා!!! :)))

    ReplyDelete
    Replies
    1. හික් හික්....හාකු හාකු....:))

      Delete
  14. හම්මටසිලි.....මටත් ඔය ආසාවම තියනවා......දාන්න පහක්....

    ReplyDelete
    Replies
    1. හිහි මේමත් ආසාවල්...නංගියො මම එන්නද අඬන්න....

      Delete
    2. හයියූ.....අදන්නනම් එපා.....:(

      Delete
  15. පොඩ්ඩක්වත් කැමති නැහැ නගෝ මේ කවියට මම :/

    මැරෙන කතා කියන්නේ? මේවගේ ජිවිතයක් ලබන්න අපි කොච්චර වාසනාවන්තද , දුක් විඳින මිනිස්සු දිහා බැලුවාම :(

    ReplyDelete
  16. හැම දාම වගේ වෙනස් තේමාවකින් අමුතු ලියවිල්ලක්. මරු...

    ReplyDelete
  17. හම්මෝ තියන ආසාවල්.

    මම නම් මල ගෙදරක ගියාම ඉස්සෙල්ලම බලන්නේ මිනිය තියන තැන උඩ වියන. මම ඇත්තටම උඩ බලල පොඩ්ඩක් හිනා වෙනවා. හිනාව කිව්වට මහා හයියෙන් නෙමේ. (මද සිනහවක්) මොකද මම හිතනවා මරුන කෙනාගේ ආත්මය එතන ඉඳන් යන එන අය දිහා බලන් ඉන්නවා ඇති කියල. මට පෙන්නේ නැති වුනාට මම හිතනවා එයට මාව පේනවා කියල.

    ReplyDelete
  18. මටත් ඔය ආසාවල් තියෙනවා ඒත් අම්මට දුකක් දෙන්නේ කොහොමද? අනේ මන්දා එක්කෝ මලාට පස්සේ මුකුත් පෙන්නේ නැති හින්ද මැරෙන්නමයි හිතෙන්නේ.

    ReplyDelete
  19. ඇත්තටම කනත්තෙ ගේට්ටුව ලඟට ඇවිත් මොකද කරන්නෙ?අපිව බය කරනවද.. :(

    ReplyDelete
    Replies
    1. නෑ හලේ....උයාල ආපහු නන හැටි බලන් ඉන්නව.....^_^

      Delete
  20. සුපිරිමයි... මම පමා වෙලා නොවැ..

    ජයෙන් ජය !

    ReplyDelete
    Replies
    1. හයියූ කමක් නෑ අනී......ඒම හලි ආවනේ......
      තැන්කූ තැන්කූ....උයාතත් ජයෙන් ජය...!

      Delete
  21. හත් ඉලවුවට ගහපු කලාබරේ කිවුවලු... කැරකෙන දඟර හුලන් කියලත් කිවුවලු ... බිබිලි නඟින බෙලිකටු කියලත් කිවුවලු ඕන් ඇ.... මාත් ආතයි ඒමම ඔයත් එක්ක ඒ තේලම බලන්න .හා ද?

    ReplyDelete
    Replies
    1. හික් හික්...හාකු හාකු.....හයියූ මෙයානම්.......:)

      Delete
  22. මරු කවි ටික නංගි ඔයත් වෙනස් විදියකට හිතනවද කොහෙද මම වගේ.... හිකිස්‌... හැබැයි එහෙම හිටන අයට සමහර උන් කියන්නේ පිස්සෝ කියල... බලාගෙන පස්රිස්සමින් හොදේ...

    ReplyDelete
    Replies
    1. අලෝ අලෝ...අලුට් නාලුවෙක්.....සාඩලෙන් පිලිගන්නව මේ පැත්තට අයියෝ...^_^

      හයියූ මං හොල්මනත කෝමට් පිස්සු අනී....ඒනිසා කමක් නා....;)

      Delete
  23. හෆොයි මං මේ ආවා විතරයි. මෙයා මේ හෝමන් ගැන කයලා බය කරනව නෙ.. ආයෙ එන්න එපා කියලාද මංදා නොකියා කියුවෙ?
    : P

    ReplyDelete
    Replies
    1. ඇහ්.....හයියූ....ඒම කලන්නෙපා ඉතිං මං පවුනෙ හලේ.....:(

      සාදරයෙන් පිලිගන්නව යාලූ....ඔයාව මේපැත්තට...:)

      Delete
  24. හලේ... මමත් හලි ම ආස මාට්ටුකාවක් ටමයි ඔල්මං කීන්නේ, ඔයාටවත් බැලිද ඔල්මනක් වෙලා මට ඇවිට් පෙනී ඉන්න... අපූරු අදහස්නේ ඔයාට එන්නේ!

    ReplyDelete
    Replies
    1. ඇහ්....මං කාවවට් බයකලන්න ආස නෑ හලේ.....:/

      තැන්කූ තැන්කූ අයියෝ....^_^

      Delete
  25. මම කිව්වේ.... උඹට නම් පිස්සු නංගියේ.

    කවිය නම් සුපිරියි, කියන්න දෙයක් නෑ.

    "කඹේකින්
    දාගෙන බෙල්ලෙ
    වැල
    එහාට මෙහාට
    පැද්දි පැද්දි
    ඉන්න"

    ඒ ටික තමයි මම ආසම.

    ReplyDelete
  26. hari mamuthui eyage weda

    ReplyDelete
    Replies
    1. ඒකනි ඒකනි හලි අමුටුයි......;)

      Delete
  27. හැම හීනෙම සැබෑ කර ගන්න අස වුනාට මේ හීනෙ නම් සැබෑ කර ගන්න එපා අක්කේ .............
    ලස්සනයි මාත් ආසයි පැද්දී පැද්දී ඉන්න නම් ලනුවක් දාගෙන පොඩි ගතියක් තියනවා එකෙත් ...........

    ReplyDelete
    Replies
    1. හපුයි...ඒම කලන්න ටියා හිටන්නෙවට් නෑ....:)

      ඔයා අලුත් යාලුවෙක් වගේ....සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට.....:)

      Delete
  28. මේ මොකෝ මෙහෙම කියන්නේ. ඔන්න ඔහේ මලාම කියන්ඩ ඈ. මම් දානෙට එන්නම්

    ReplyDelete
    Replies
    1. හයියූ...මේක කවියක් විටලයි අයියෝ......;)

      Delete
  29. ලස්සනම ලස්සනයි අග්නි.... කවියනම් ඇස්වල පෙනිපෙනි කියවෙනවා.....හැබැයි ජීවිතය නැතිකර ගත්තොත් ආයෙ නම් මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නෙනම් නෑ කියල බුදු හාමුදුරුවො කියල තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. හපුයි....මංනම් ඔව්ව කලන්න නන්නෙ නෑ අක්කියෝ...
      ගොඩාක් ස්ටූටී ඔයාට...^_^

      Delete
  30. මේවා හරිම භයානක ආසාවල් නොවැ :D

    ReplyDelete
  31. මම හරිම ආසයි ඔයාගේ බ්ලොග් එකට ..:)

    ReplyDelete
    Replies
    1. ගොඩාලියක් ස්ටූටී යාලූ...සාඩලයෙන් පිලිගන්නව ඔයාව....^_^

      Delete
  32. අම්මෝ හෙන රැඩිකලයෙක් නේද මේ...

    ReplyDelete
  33. මොංගල් ද ? කොහොමද කියන්නේ මළාට පස්සේ ඔය දේවල් බලං ඉන්න ලැබෙනවා කියල ? මැරෙන විදිය හා කරුම තමා මරණින් පස්සේ මොකද වෙන්නේ කියල කියන්නේ. සමහරවිට ඔහොම බලං ඉන්න ලැබෙන්නත් පුළුවන්. නැත්තන් දිවය ලොකයක්? අපායක්? නැත්තම් මේ තියෙනවා වගේම කාලකන්ණි ජීවිතයක්? මොන විදියේ වෙයි කියලද හිතන්නේ ?
    "දුවන මුවන් දැක නොදමන් නෙළු පළා..."

    ReplyDelete
    Replies
    1. දෙයි හාමුදුරුවනේ මේක කවියක් විතරයි........................-_-

      Delete
  34. යමන් මාත් හවුල් වෙනවා ^_^

    ReplyDelete