Tuesday, April 10, 2012

ඔබ නොමැති දිනක.....





හුස්ම වැටෙන
මළ මිනියක්

පිපිල තියෙන
පර මලක්

වතුර තියෙන
හිඳුනු ගඟක්

ජීවය නැති
හද ගැස්මක්

හැගීම් නොමැති
දැනීම්

කන් බිහිරිවෙන
නිහැඬියාව

උණුසුම ළග
හීතල

හිරු එළියේ
අන්ධකාරය

ඉකි නොගසන
හඩාවැටීම්

ආදරයක් නැති
හිතක්

.
.
.
.
.
.
.
.
.
.
.
.


.

.
.
.
.
.
.
.
.
.
.
.

තේරුමක් නැති

කවක්


..............................................................................






44 comments:

  1. මටත්නම් තේරුනේ තේරුමක් නැති කවක්, ඒත් ලස්සන වචන ටිකක් ;)

    ReplyDelete
    Replies
    1. හී හී තැන්කූ.....;)
      (මාට්ලුකාව වෙනස් කලෝ.....)

      Delete
  2. ඔහෙට මක්කා කියන්නද කියලා තේරෙන්නෑ.
    ඔහේනං පට්.. නෑ එක්කො ඕන්නෑ.

    ReplyDelete
    Replies
    1. අන්න අන්න තිං බාගෙට කීල නවට්ටන්න ඔට්ටු නෑ හලි.....
      බැනිල්ලක් වුනට් සම්පූල්නයන්ම කියන්ඩ හලේ....:/

      Delete
  3. පරස්පර විරෝධී වචන ටිකක් ඒත් හිතට දැනෙන කවියක් :)

    ReplyDelete
  4. තේරුමක් නැති කවක්! මොකද අපි ඉන්නෙ කාාටවත් ඔ්නවට නෙවෙයි!

    ReplyDelete
  5. පරස්පරය ඇතුළෙ ගොඩක් ලස්සන දේවල් තියෙනවා.ඔයා ඒවා හරිම අපූරුවට මතු කරලා.නියමයි.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ පැටියෝ....^_^

      Delete
  6. පොඩි අමුතු කික් එකක් තියනවා අෆ්ෆා...නියමයි :)

    ReplyDelete
  7. තේරුමක් නැති කවේ තේරුම් ගන්න ගොඩක් දේවල් තියනවා කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  8. මුල ටික කියවගෙන යද්දී අන්තිම පදේ නම් මටත් හිතුනා..
    පරස්පරය කියන්නේ භාවිත කළ යුතු සහ කළ හැකි, එහෙත් භාවිත නොකෙරෙන දෙයක්..
    එල!

    ReplyDelete
  9. බොහොම ස්තුතියි..

    ReplyDelete
  10. \\..තේරුමක් නැති
    කවක්..\\
    තේරුම්ගන්න අමාරු කවක්!:)

    ReplyDelete
  11. තේරුමක් නැති කවියක් නේන්නම්.. මට නම් තේරුණේ ණෑ... :)

    ReplyDelete
  12. කියවගෙන කියවගෙන ගියා අන්තිම පේළියේදි වෙනසක් ඈති කියලා......තිබ්බා නේන්නම් බලාපොරුත්තු නොවු ආකාරයට, අමුතුම අමුතු වෙනසක්...:D ලස්සන වචන ටිකක් අග්නි ධාරා...:)

    ReplyDelete
  13. අනේ තේරුනේ නැහැ.හැබැයි වචනනම් ලස්සනයි. //කන් බිහිරිවෙන
    නිහැඬියාව//

    ReplyDelete
  14. මුල ඉදන්ම කියවන් ගියා මොකක්ද මේකෙ තේරුම කියල හිත හිතා.....

    ඒත් අන්තිමට ගියාමනෙ දැක්කෙ තේරුම- "තේරුමක් නැති කවක්"
    ඇත්තටම නිර්මානශිලියි...

    ReplyDelete
  15. හැමදාමත් එකම ජාතියේ කවි කියවන අපිට වෙනස් කවියක් දීලා නේද? අපූරූ නිර්මාණශීලී අදහසක්!

    ReplyDelete
    Replies
    1. ගොඩාලියක් ස්ටූටී අයයෝ....^_^

      Delete
  16. හී.. හී..... හලේ...... මැට්ටි ...., ලියල ඉවල වුනාමද දැක්කේ තෙලුමක් නෑ කියල.... හී.. හී... (තලා වුනාද " මැට්ටි " කිවුවට? තලා වෙන්න එපා ඔඳේ , ආදලේටනේ කිවුවේ !! )

    තෙලුමක් තියන ඒවා තීනෝ..... යුලේකා... යුලේකා......!!!

    හැඟීම් නොමැති
    දැනීම්

    උණුසුම ළග
    හීතල

    ඉකි නොගසන
    හඩාවැටීම්

    ආදරයක් නැති
    හිතක්

    මේවා නම් වෙන්න පුළුවන්නෙ සත්තලනේ...

    සුදු නංගියෝ , ලැබුවා වූ නව වසර,නිරෝගිමත්, හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන,සතුට සමගිය පිරි සුබම සුබ නව වසරක් වේවා ......!!! :)

    ReplyDelete
    Replies
    1. හලේ හලේ තැන්කූ අයියෝ....^_^
      ඔයාතත් පවුලෙ සියලුම ඩෙනාතත් සුබම සුබ අවුලුඩ්ඩක් වේවෝ.....!!!!

      Delete
  17. පට්ට නෙගටිව්නෙ...

    ReplyDelete
  18. මම කියන්න ගිය එක යක්ෂයා කියලනේ. දුක කියන්නේ වෙනම කතාවක්, හැබැයි කවුරුවත් නැති වුනා කියලා තමන්ගේ වටිනාකමක් නෑ කියල හිතන එක මෝඩ කමක්.

    ReplyDelete
    Replies
    1. හයියූ මං මලට් කවියනම් නවටින්නෙ නෑ අනී.....^_^

      Delete
  19. නියම සෙට් එක.... කොහොමද හිතුණේ ??

    ReplyDelete
    Replies
    1. ඔහේ හිතුන....ඒනිසා ලිව්ව.....:)

      Delete