Sunday, April 8, 2012

තරුවක කතාව......(2)




අයිති නැත සුපුන් සඳ
නිලඹරේ පායන
රැස් වැටේ යැයි බියෙන්
ඝණඳුරේ හිඳිමි මම

අමාවක දිනකදී
කදෝපැණි එළියකින්
යාන්තම් කවුළුවෙන්
හිස් අහස දකිමි මම

නේක විද තරු රටා
ලස්සනට පායලා
හැංගිලා ඉන්න මට
සමච්චල් කරනවා

“ඇද්ද බොට
හොඳ වැඩේ“

වළාකුළු සැඩ සුළං
ළඟට විත් ආදරෙන්
කියපු දේ ඇහුවෙ නෑ

“තරු හොඳට අහගනින්
කලත් හඳ ඉඟි
නුඹට
ඉන්නවා හාවියක්
හඳේ කරණම් ගසන“

සහෝදර තාරකා 
කියද්දිත්  පුන පුනා
“යන්නෙපා මඟ මැරෙයි“
මංගියා මගෙ ගමන

වල්ගතරුවක් වෙලා
ලස්සනට සැරසිලා
බාව මං වන වනා
හඳ වෙතට ඇදී යන
අහම්බෙන් අතරමග
අමාවක එළඹින

ඒ ලැබුනු
අවසරෙන්
අර නරුම වල් හාවි
පැන ගොසින් හඳ අරන්
කාටවත් නොකියාම

ගෙන වැරෙන් ඉලක්කය
පිටත් වුන ගමන් මඟ
කොහොම එක පාරටම
ආයෙමත් හැරෙන්නද

ගිණි පුළිඟු විසි වුනා
පාලනය නැති වුනා
කලන්නෙයි වගේ මට
අනේ මං නිල් වුනා

අහස තව දුර වුනා
පොළව තව ළඟ වුනා
ඩෝං ගා එකපාර
ඔලුව මගෙ හැප්පුනා


එච්චරයි මට මතක


උඩු හුළං වෙච්ච දේ
යටි හුළං අතේ මට
දූවිල්ලෙ අකුරු කර
උපමාද උපමේද
කවිද ගී පදවැල්ද
ඇතුලත්ව ලස්නට
එවා තිබු ලියුම් පොඩි
කියවලා දමා මං
පා කලා හුළඟටම


හිස වැදී ගෙඩි ගැහුන 
ගතම මගෙ රිදුම් දෙන
නොදන්නා ලොවක දැන්
අතරමං වෙලා මම

ඒත් මේ හැමදේම
සුදුවුනේ හොඳකටය
තරු ඇහින් වැටෙන මේ
ලේ පාට පිණි කඳුළු
 දරාවී 
සාක්ෂිය
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
. 
පෑදුනා මොලේ මට

.................................................................................










32 comments:

  1. ලොකු දෙයක් පරක්කුවෙලා හරි.¿

    ReplyDelete
  2. හම්මෝ කවියේ දිග.....
    අර නරුම වල් හාවි කරපු වැඩේ නම් ඇත්තටම කැතයි තමයි.
    (මං හිතන්නේ දුකට තරුව කඩා වැටිලා. එහෙම නේද.?)

    අන්තිමට තරුවට මොලේ පෑදුන එකනම් කොච්චර දෙයක්ද?
    හැම දේම සිද්ද වෙන්නේ හොඳකටමනේ.

    ReplyDelete
    Replies
    1. යා යා ඩැට්ස් ටෘ අනී.......^_^

      Delete
  3. මම නම් කැමති මොලේ පෑදුන කෑල්ලට :)

    ReplyDelete
  4. සන්තෝසයි! රතු පාටට වැටෙන්නේ අයි බ්‍රෝ කලර් එකේ පාට ද මන්දා! ලස්සන නිර්මාණයක්!

    ReplyDelete
    Replies
    1. හික්....;)
      ගොඩාක් ස්ටූටී අනී.....^_^

      Delete
  5. අද නම් කවියේ ලොකු වෙනසක් තියෙනව!:)
    සැහෙන්න හොදයි!
    අසාවෙන් කියෙව්වා!:)
    කදෝපැණිය කියන්නෙ මොකටද??:-/

    ReplyDelete
    Replies
    1. කදෝපැණය කියන්නෙ කණාමැඩිරිය අනී......^_^
      තැන්කූ කැන්කූ

      Delete
  6. ඇත්තටම කියන්න වචන නෑ..නියමයි නංගා..

    ReplyDelete
    Replies
    1. ගොඩාලියක් ස්ටූටී අක්කෝ.....^_^

      Delete
  7. අමාවක දිනේදී
    හිස් අහස පෙන්නුව
    කදෝ පැණියාට වෙඩිතබා
    එල්ලලා මරමුද?

    ReplyDelete
  8. මොලේ පෑදුනා කිවුවනේ.. ඒ නිසා ඉතින් මුකුත් නොකියා ඉන්නම්..

    ReplyDelete
  9. ශාහ්... නියමයි.. ලොකුම ලොකු දිග කතාවක්.. ලස්සන පද ටිකකින්, නොදැනීම කියලා.. මරේ මරු!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අක්කෝ...^_^

      Delete
  10. කලු වලාවේ රිදී ඉරක් . .

    ඔලුව පැලී හෝ මොලේ පෑදීම කොයි තරම් දෙයක්ද . . :D

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිලිගන්නව දුකා අයියෙ මේපැත්තට......:)

      හික් හික් ඒකනෙ බලන්නකෝ...... :D

      Delete
  11. එල එල නියමා....යි.
    මොලෙත් පෑදිලාලුනෙ :)

    ReplyDelete
    Replies
    1. හික් හික් තැන්කූ තැන්කූ....^_^

      Delete
  12. මම නං කියන්නේ ඔය කොහේවත් යන හාවියන්ට දිනුම දෙන්න එපා. හාවියෝ වගේද වල්ගා තරු!!!

    ReplyDelete
    Replies
    1. ඉටින් වල්ගටලුව කඩන්වැටිල ඉවලනෙ හලේ......:(

      Delete
  13. නඟා දැන් හෙන පරිණත වෙලා වගේ.......මොළේ තිබ්බයි පෑදෙන්න.........:P

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච ඩෙයක් නෙමෙයි පිස්සෝ......:/

      Delete
  14. ඇත්තටම ඔයාගේ ඔලුව කොහේ හරි වැදුනද? ඒත් කමක් නැහැ මොලේ පැදුනා නේ.

    ReplyDelete
    Replies
    1. ඊ......ගර්.........මගෙ ඔලුව කොහෙවට් වැඩුනෙ නෑ හලේ......:(

      Delete
    2. ඔයාගේ ඉතිං ඔලුව ගොඩාක් රිදෙනවද?. මොනවා උනත් වැඩිය බලන ඉන්න හොඳ නැහැ.

      Delete
    3. ඊ....ඇයි ඔයා බේයි ඩාන්නඩ....අනී මේ....
      මේ මංගැන නෙමෙයි හලේ ටියෙන්නෙ හයියෝ ඔයානම්...:(

      Delete
  15. අකීකරු වී ආ නිසා මගේ මොලේ පෑදුනා
    මං ඒ නිසා ආයෙත් අකීකරු වෙනවා.
    අකීකරු වෙලා
    මේ පාරත් ඔලුව ඇනගන්නවා
    :P
    ඔන්න අපේ නිසදෙස්‌ හිකිස්‌.

    ReplyDelete