Monday, March 12, 2012

ආදර ගින්න....(1)



බැහැ ගන්න

පාර්ශවයක්
හදවතට එකඟව
දික්කරන්න ඇඟිල්ලක්
වැරදි කාරයින් ලෙස


සම සමව 
හොඳ නරක
බොහෝ විට වැඩි නරක
දෙපාර්ශවයේම
එදිනෙදා අප 
දකින

හැංගිච්ච උත්තරීතර
ආදර කතා නැත
කරළියට
ඒ මන්ද යැයි
නොහැඟෙයි තවම
මට

විත්තිය,පැමිණිල්ල
දෙපාර්ශවයෙන්ම
එහෙත් පිළිගත්
දණ්ඩනීති සංග්‍රහයක්
නොමැත මේ 
මිහිපිට

එකම ඳඩුවම
(තියෙනවුන් හට හෘද සාක්ෂියක්)
විඳවිල්ල ලතැවිල්ල
පසුතැවිල්ල

නැතිවුන්ට හසුවී
හෘද සාක්ෂියක්
එපා මරහඬ දෙන්න
ඉවසීමෙන් ලැබේවි
කෙදිනක හෝ
.
.
.
.
.
.
.
.
.
.
සැනසීම
..............................................................







44 comments:

  1. අඩු වැඩි වශයෙන්
    හොඳ නරක
    අපි දකින කෝණයට
    සාපේක්ෂව...

    ReplyDelete
  2. මං හිතුව මේක ඉවසීම 2 නැත්නම් සැනසීම 1 වේවිද කියල......කොහෙද මුකුත් නැති එකක්නෙ......නිර්මාණය නම් ලස්සනයි........

    ReplyDelete
    Replies
    1. මලලසේකරයි කිව්වමයි මතක් වුනේ....මේක ආදර ගින්න 1...............
      තැන්කූ ඈ.....:)

      Delete
  3. හිස් වූ මාතෘකා
    රීඩරෙන් පෙනෙන
    මූසිකය ඒ අසලකට
    ලං කරන්නට හිත නොදෙන
    මාතෘකා නොමැති
    අපූරු පදවැල් ගොතන
    බ්ලොග් කාරියන් හට පනවන්ට
    නැතිද දඩුවමක්
    බ්ලොග් අවකාශයේ?

    ReplyDelete
    Replies
    1. හික්ස් දැන් දැම්මෝ...........
      ගැත්තාට සමාවේවා..............:)

      Delete
  4. :O මම මේක කලින් කියවන එද්දී මාතෘකාවක් තිබේ නෑ..දැන් තියනවා.:) වෙනද වගේම කවි පෙළ නම් සුපිරියි නංගා..:)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අක්කියෝ....:)

      Delete
  5. ඉවසීමෙන්.. සැනසීම..

    උපරිමයි නංගියෝ..! :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අක්කියෝ....:)

      Delete
  6. එල්ලා මරා දමපං මා
    නුඹේ කෘර හෘද රාජ්ජේ
    ඉවසුවත් මා
    නූඹ දීද සැනසීමක් මට
    ජූරියත් නුඹ නම්
    විත්තියත් නුඹම නම්
    නුඹේ උසාවියේ
    නිවුරදි වැරදිකරු මා
    දීපං ඉතිං
    උපරිම දඩුවම්
    තවත් විදින්නට
    දුකක් නොමෑත මට
    වීදවුවා මං නුඹ නිසා
    උගුල්ලාපං මේ ඇස්
    තී දෙස
    සෙනෙහෙන් බැලූ නිසා
    කපාපං මේ දෑත්
    තී සෙනෙහෙන්
    වැලදගත් නිසා
    පලාපන් මෙ දෙතොල්
    නුඹව සිපගත් නිසා.........

    ReplyDelete
    Replies
    1. හලේ සොලි
      මම ඔයාගෙ පොස්ට් එක කියවලා නමෙන්ට් එකක් විදියට ලිවිවම ඒක දිග වුනා,
      පොඩි කේස් එකකුත් තියෙනෝ ඔය ඉවසීමෙන් සැනසීම ලැබේ එක්ක,
      මොකද ඉවසලා මට කෙල වුනා

      Delete
    2. හලේ කමක් නෑ හලේ....වලඩින අයට තමයි කවඩ හලි හලියටම හලියන්නෙ...:)

      Delete
    3. හලේ ඕම ඉන්ඩ එපා හලේ.....:/
      අමාලුවෙන් හලි හිනාවෙලා ඉන්ඩ....:)

      Delete
  7. ඉවසන දනා රුපු යුදයට ජයකොඩිය කියනවනේ....

    තේරුම් ගන්න ගොඩාක් වෙලා ගියා මට නම්

    ඒක නම් මගේ වැරද්දක්

    ReplyDelete
    Replies
    1. පහුවෙලා හරි තේරුණානෙ හලේ......:)

      Delete
  8. (තියෙනවුන් හට හෘද සාක්ෂියක්)
    අන්න එතන තමයි අවුල තියෙන්නෙ, ඔය කියන එක කීදෙනාටද තියෙන්නෙ.අහ් තව එකක්
    'ඉවසීමෙන් සැනසීම ලැබේ' ඕක අද කාලෙට ගැලපෙන කතාවක් නෙමේ, ඕක නිකම්ම නිකන් ලස්සන වචන සෙට්එකක් විතරයි.

    ReplyDelete
    Replies
    1. මං එහෙම හිතන්නෙ නෑ රැඩී....:)

      Delete
    2. නංගිට තාම වයසමදි ඕවා තේරෙන්න..:-P

      Delete
    3. වෙන්නැති රැඩී.....ඒත් මොන වයසට ආවත්,මං මේ මගෙ චූටි වයසින් ඉගෙනගත්ත පාඩම් කවදාවත් අමතක කරන්නෙ නෑ.....:)

      Delete
  9. ලස්සනයි..

    බ්ලොග් එකේ නමේ හැටියටම බ්ලොග් එකත් වෙනස් කරලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. හී............
      ගොඩාක් ස්තූතී අයියෝ......:)

      Delete
  10. මෙන්න ගිනිගන්නවෝ!:p

    ReplyDelete
    Replies
    1. කෝ කෝ හලේ වතුර ගහන්ඩෝ.....;)

      Delete
  11. හැමදාම වගේ කියනවට වඩා හිතන්න දෙයක්. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ.....:)

      Delete
  12. අටලෝ දහම ගැන හොඳ අවබෝධයක් එන්නේ ලව් කරද්දි....හැම දෙයක්ම දරාගෙන තමන්ට තමන්ව තියාගෙන හිටියොත් අඩුගානේ ජීවිතේ හරි ඉතුරුවෙනවා අන්තිමට එහෙම නැත්තම් විඳවන්නයි පසුතැවෙන්නයි වෙන්නේ...මේ ලියන ඉස්ටයිල් එක නම් පට්ට

    ReplyDelete
    Replies
    1. හලේ හලේ තැන්කූ අයියෝ.....:))))))))

      Delete
  13. අග්නි දාර කවුද බලන්න ගොඩ වැදුනමනේ දන්නෙ මේ නිසපු දැරිවි කියලා... හික් හික්...

    නංගි ඔයාගෙ බ්ලොග් එකේ සයිඩ් බර් එකේ ෆොන්ට් කලර් එක වෙනස් කරන්න... පේන්නෙ නෑ...

    ReplyDelete
  14. ඔහ්....හරි අයියේ....ගොඩාක් ස්තූතී....:)

    ReplyDelete
  15. වාව්... මාර ගති තීම් එක..:D නමටම ගැලපෙනවා..

    කවියත් සුපිරියි!!!

    ReplyDelete
  16. ඔයා හරි ධරුනු කෙනෙක් වගේ නිකං ගින්දර වගේ.කවියත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හෑ...ඒමඩ....හලේ මන්ඩා.....^_^
      තැන්කූ අයියෝ.....:)

      Delete
  17. මෙන්න බොලේ වටේ පිටේ හැමතැනම ගිනිගන්නවා... නමයි බ්ලොගයි කවියි ඔක්කොම ගින්දර.... ෆට්ටයි නඟා...

    ReplyDelete
    Replies
    1. හලේ තැන්කූ තැන්කූ අක්කියෝ....^_^

      Delete
  18. ඔය තියෙන්නෙ.....
    ගොඩක් ලස්සනයි අදහස...
    මම මේ බැලුවෙ මේක මට මිස් උනේ කොහොමද කියලා..ඒත් මේක දාල තියන දින වල හැටියට මට මිස් නොවෙන්න හේතුවකුත් නෑ..කොහොම හරි ලින්ක් එක දීලා මේ පැත්තට එක්ක ආවට ස්තූතියි...

    ReplyDelete