Monday, February 20, 2012

"..........."





ෂා...
නියමයි එළ
වැඩක් නැහැ කියල
සනීපෙ දැනෙන

අඳ කරගත්
මොහොතේ පටන්
ඉඳිකට්ටකින් ඇනගෙන
මගේම ඇස්දෙක 
මමම

මේව නොපෙනෙන්න

ගලක් අරගෙන
තලාගෙන මම
බිහිරි කරගත්ත
මගෙම කන්දෙක

මේව නෑහෙන්න

නිවන් ගියා වගේ
කපාගත්ත වෙලේ 
ඉඳන්
මගේ දිව
මමම

කවදාවත් කාගෙවත්
හිතක් රිදෙන්න
වචනයක් පිට(නො)වෙන්න

පැත්තකට වෙලා
මං
ඔහේ ඉන්නව 
ජීවත් වෙනවට
කාටවත්ම 
බාධා නොකර

යකෝ මම මෙච්චර
ආතල් එකේ ඉන්නව
අදින් පස්සෙ නැහැනෙ
විඳවිල්ල
කියල හිතාගෙන




ඒත් මේ 
හිත
විඳවන තරමක්
තාමත් ඒව
ගැනම හිත හිත

මූට මං
මොකක් කරන්නද
කොහොම තේරුම් 
කරන්නද මූට
තේරුම් ගත්තට 
මම

ඔන්න ගලවල
දුන්න හිත මම
පුළුවන්නම් 
තේරුම් කරපන්
නැත්තන් ඈතට
විසික්කරල දාපන්
.
.
.
.

මලම කන්දොස්කිරියාවක්
මගේ හිත 
මටම
.......................................................................








34 comments:

  1. අප්පට සිරි මොකද වුනේ.හැබැයි ඒ කියල තියෙන දේවල් කවියක් ලියන්න සිතිවිල්ලක් විතරක් තියාගන්න.ඇත්තටම ඒ විදියට හිතන්න එපා.

    හැබැයි කතාව ඇත්ත.ඒ මොනවා කර ගත්තත් සිත ගැලව ගන්න බැහැ නේ.

    ReplyDelete
    Replies
    1. හයියෝ ලියනව විතරයි...කීයටවත් මේව ඇත්තට කරන්ඩ යන්නෙ නැතෝ......:o

      Delete
  2. Replies
    1. ඇයි හලේ හිනාවෙන්නෙ....????...:)

      Delete
  3. කවියනම් අපූරුයි.. අකුරු පොඩ්ඩක් තව ලොකු කරමු නේ.. කණ්නාඩි දාලත් මට පේන්නේ නෑනේ..:)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ....දැන් හරිනේද...??...:)

      Delete
  4. අපරාදේ නෙවෙද
    ඇස කන දිව
    සිතුවිල්ලට වහල් වී
    නැති කර දැමූවේ

    හැමදේම කෙරුවේ
    හැහීමට වහල් වූ
    හදවතම නොවෙද?

    අදින් පසුවවත්
    බුද්ධියටත් ඉඩ දෙන්න!

    ReplyDelete
    Replies
    1. හ්ම්......හරියට හරි....
      ගොඩාක් ස්තූතී අයියේ.....:)

      Delete
  5. අම්මෝ ගැලෙව්වා වගේ හයි කරගන්නත් දන්නවනම් ගලවල දුන්නට කමක් නෑ.

    "හැමදාම වගේ ඔයාගේ කවි හිත නම් සොඳුරුයි".

    ReplyDelete
    Replies
    1. හිකිස්.....
      ගොඩාක් ස්තූතී පැතුම්....:)

      Delete
  6. :( ඔච්චර දරුණු වෙන්න එපා තමන්ටම.ඔයිට වඩා හොදයි එක පාර මැරෙන එක

    ReplyDelete
  7. එතකොට තමුන් කරගත්ත වැරදිවලට දඬුවම් විඳින්නෙ කව්ද....????

    ReplyDelete
  8. දුරං ගමන් ඒක චරං කියලනේ කියන්නේ!
    එනිසා තේරුම කරන්න අල්ලගන්න අමාරු වේවි(හිත)!:P

    ReplyDelete
  9. හපොයි.. කන් දෙකේ තියෙන ලෙඩ මදි වෙලාද තලාගන්න හිතුවේ... කමක් නෑ .. කවි ටික එල..

    ReplyDelete
    Replies
    1. හාපෝ මේ....මතක්කරන්න එපා...තලාගන්න නෙමෙයි මැරෙන්න හිතෙන්නෙ එතකොට.....:/

      තැන්කූ හලේ මේපැත්තෙ ආවට....

      Delete
  10. මාත් ආව නගේ ඔය පැත්තේ... එල කවි සෙට් එක... :)

    ReplyDelete
    Replies
    1. හානේ...ගොඩාක් ස්තූතී අක්කියෝ.....
      සාදරයෙන් පිලිගන්නව ඔයාව....:)

      Delete
  11. ඔයා නම් මාර නිසදැස් ලියන්නේ! නියමයි ආ!

    ReplyDelete
  12. මේව නොපෙනෙන්න ගැහුවා මොනිටරේ පොලවේ.. එලාස් ඈ..

    ReplyDelete
    Replies
    1. හලේ යන්ඩ.....
      තෑන්ක්ස් රැඩී......

      Delete
  13. මේ හිතනං හරි පුදුමයි
    අපිට ඕන දේ නෙවේ ඒකා කරන්නෙ
    තැන තැන හොරෙන් ගිහින්
    ලෙඩ දාගෙන ඇවිල්ලා
    අපිට විදවන්න දීලා
    අපිටම හිනා වෙනවනෙ

    ලස්සනයි කවි ටික

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අයියො බලන්නකො......:(
      ගොඩාක් ස්තූතී...:)

      Delete
  14. මේ ලියන නිසඳැස් වලට නමක් දෙනව නම් මේව තවත් කැපිල පෙනේවි කියල හිතනව ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. මං ලියන ඒවට නමක් දෙනඑක තමයි අයියෝ මට තියෙන අමාරුම වැඩේ...:(
      මොකද මං කවියක් ලියන්නවත් හිත හිත ඉන්නෙ නෑ....හිතල කවදාවත් මට ලියන්නත් බෑ...කපාරට හිතට එන වචනටික ඉක්මණට ලියාගෙන ඒක එවෙලෙම කවියක් කරන්නත් ඕනෙ....මාතෘකා හිතන්න ගියොත් පිස්සු හැදෙනව...ඒකයි නිකම්ම දාන්නෙ...
      ගොඩාක් ස්තූතී ඔයාට...:)

      Delete
  15. හිත ගැන නම් කතාකරන්න එපා....!!!!! මට පුළුවන්නම් මං ගලෝලා පැත්තකින් තියනවා...

    ReplyDelete
  16. ෂාහ් නියමයිනේ ලස්සන අදහසක් අමුතුම විදියකට අදහස් පිටකරලා තියෙනවා....

    මේ මම ආපු මුල්ම පාරද කොහෙද....ඔන්න අද ඉදන් දිගටම එන්නයි හිත...

    හිත නැතිකරගන්න
    හොඳම බෙහෙතක් ගන්න...
    හිත කියවන්න දන්න
    හොඳ කොල්ලෙක්ට දෙන්න...

    ReplyDelete
    Replies
    1. හානේ....ලස්සන පිලිතුරු කවියක්.....
      ගොඩාක් ස්තූතී මේපැත්තෙ ආවට....සාදරයෙන් පිලිගන්නව....:)

      Delete
  17. තේරුණත් නොතේරුනාවගේ ඉන්නවද දන්නෙ නෑ ,............ඉක්මන්වෙන්න හොඳ නෑ.

    ReplyDelete