ෂා...
නියමයි එළ
වැඩක් නැහැ කියල
සනීපෙ දැනෙන
අඳ කරගත්
මොහොතේ පටන්
ඉඳිකට්ටකින් ඇනගෙන
මගේම ඇස්දෙක
මමම
මේව නොපෙනෙන්න
ගලක් අරගෙන
තලාගෙන මම
බිහිරි කරගත්ත
මගෙම කන්දෙක
මේව නෑහෙන්න
නිවන් ගියා වගේ
කපාගත්ත වෙලේ
ඉඳන්
මගේ දිව
මමම
කවදාවත් කාගෙවත්
හිතක් රිදෙන්න
වචනයක් පිට(නො)වෙන්න
පැත්තකට වෙලා
මං
ඔහේ ඉන්නව
ජීවත් වෙනවට
කාටවත්ම
බාධා නොකර
යකෝ මම මෙච්චර
ආතල් එකේ ඉන්නව
අදින් පස්සෙ නැහැනෙ
විඳවිල්ල
කියල හිතාගෙන
ඒත් මේ
හිත
විඳවන තරමක්
තාමත් ඒව
ගැනම හිත හිත
මූට මං
මොකක් කරන්නද
කොහොම තේරුම්
කරන්නද මූට
තේරුම් ගත්තට
මම
ඔන්න ගලවල
දුන්න හිත මම
පුළුවන්නම්
තේරුම් කරපන්
නැත්තන් ඈතට
විසික්කරල දාපන්
.
.
.
.
මලම කන්දොස්කිරියාවක්
මගේ හිත
මටම
.......................................................................
.......................................................................
අප්පට සිරි මොකද වුනේ.හැබැයි ඒ කියල තියෙන දේවල් කවියක් ලියන්න සිතිවිල්ලක් විතරක් තියාගන්න.ඇත්තටම ඒ විදියට හිතන්න එපා.
ReplyDeleteහැබැයි කතාව ඇත්ත.ඒ මොනවා කර ගත්තත් සිත ගැලව ගන්න බැහැ නේ.
හයියෝ ලියනව විතරයි...කීයටවත් මේව ඇත්තට කරන්ඩ යන්නෙ නැතෝ......:o
Delete:)
ReplyDeleteඇයි හලේ හිනාවෙන්නෙ....????...:)
Deleteකවියනම් අපූරුයි.. අකුරු පොඩ්ඩක් තව ලොකු කරමු නේ.. කණ්නාඩි දාලත් මට පේන්නේ නෑනේ..:)
ReplyDeleteගොඩාක් ස්තූතී අයියෝ....දැන් හරිනේද...??...:)
Deleteඅපරාදේ නෙවෙද
ReplyDeleteඇස කන දිව
සිතුවිල්ලට වහල් වී
නැති කර දැමූවේ
හැමදේම කෙරුවේ
හැහීමට වහල් වූ
හදවතම නොවෙද?
අදින් පසුවවත්
බුද්ධියටත් ඉඩ දෙන්න!
හ්ම්......හරියට හරි....
Deleteගොඩාක් ස්තූතී අයියේ.....:)
අම්මෝ ගැලෙව්වා වගේ හයි කරගන්නත් දන්නවනම් ගලවල දුන්නට කමක් නෑ.
ReplyDelete"හැමදාම වගේ ඔයාගේ කවි හිත නම් සොඳුරුයි".
හිකිස්.....
Deleteගොඩාක් ස්තූතී පැතුම්....:)
:( ඔච්චර දරුණු වෙන්න එපා තමන්ටම.ඔයිට වඩා හොදයි එක පාර මැරෙන එක
ReplyDeleteඑතකොට තමුන් කරගත්ත වැරදිවලට දඬුවම් විඳින්නෙ කව්ද....????
ReplyDeleteදුරං ගමන් ඒක චරං කියලනේ කියන්නේ!
ReplyDeleteඑනිසා තේරුම කරන්න අල්ලගන්න අමාරු වේවි(හිත)!:P
හ්ම්....ඒකනෙ හලේ......:(
DeleteThis comment has been removed by the author.
Deleteහපොයි.. කන් දෙකේ තියෙන ලෙඩ මදි වෙලාද තලාගන්න හිතුවේ... කමක් නෑ .. කවි ටික එල..
ReplyDeleteහාපෝ මේ....මතක්කරන්න එපා...තලාගන්න නෙමෙයි මැරෙන්න හිතෙන්නෙ එතකොට.....:/
Deleteතැන්කූ හලේ මේපැත්තෙ ආවට....
මාත් ආව නගේ ඔය පැත්තේ... එල කවි සෙට් එක... :)
ReplyDeleteහානේ...ගොඩාක් ස්තූතී අක්කියෝ.....
Deleteසාදරයෙන් පිලිගන්නව ඔයාව....:)
ඔයා නම් මාර නිසදැස් ලියන්නේ! නියමයි ආ!
ReplyDeleteතැන්කූ තැන්කූ හලේ....:)
Deleteමේව නොපෙනෙන්න ගැහුවා මොනිටරේ පොලවේ.. එලාස් ඈ..
ReplyDeleteහලේ යන්ඩ.....
Deleteතෑන්ක්ස් රැඩී......
මේ හිතනං හරි පුදුමයි
ReplyDeleteඅපිට ඕන දේ නෙවේ ඒකා කරන්නෙ
තැන තැන හොරෙන් ගිහින්
ලෙඩ දාගෙන ඇවිල්ලා
අපිට විදවන්න දීලා
අපිටම හිනා වෙනවනෙ
ලස්සනයි කවි ටික
ඒකනෙ අයියො බලන්නකො......:(
Deleteගොඩාක් ස්තූතී...:)
මේ ලියන නිසඳැස් වලට නමක් දෙනව නම් මේව තවත් කැපිල පෙනේවි කියල හිතනව ලස්සන නිර්මාණයක්.
ReplyDeleteමං ලියන ඒවට නමක් දෙනඑක තමයි අයියෝ මට තියෙන අමාරුම වැඩේ...:(
Deleteමොකද මං කවියක් ලියන්නවත් හිත හිත ඉන්නෙ නෑ....හිතල කවදාවත් මට ලියන්නත් බෑ...කපාරට හිතට එන වචනටික ඉක්මණට ලියාගෙන ඒක එවෙලෙම කවියක් කරන්නත් ඕනෙ....මාතෘකා හිතන්න ගියොත් පිස්සු හැදෙනව...ඒකයි නිකම්ම දාන්නෙ...
ගොඩාක් ස්තූතී ඔයාට...:)
හිත ගැන නම් කතාකරන්න එපා....!!!!! මට පුළුවන්නම් මං ගලෝලා පැත්තකින් තියනවා...
ReplyDeleteයා යා මමත් එහෙමයි......:)
Deleteෂාහ් නියමයිනේ ලස්සන අදහසක් අමුතුම විදියකට අදහස් පිටකරලා තියෙනවා....
ReplyDeleteමේ මම ආපු මුල්ම පාරද කොහෙද....ඔන්න අද ඉදන් දිගටම එන්නයි හිත...
හිත නැතිකරගන්න
හොඳම බෙහෙතක් ගන්න...
හිත කියවන්න දන්න
හොඳ කොල්ලෙක්ට දෙන්න...
හානේ....ලස්සන පිලිතුරු කවියක්.....
Deleteගොඩාක් ස්තූතී මේපැත්තෙ ආවට....සාදරයෙන් පිලිගන්නව....:)
තේරුණත් නොතේරුනාවගේ ඉන්නවද දන්නෙ නෑ ,............ඉක්මන්වෙන්න හොඳ නෑ.
ReplyDeleteඅනේ මන්ද...:)
Deletepasuthevemi
ReplyDelete