Saturday, January 21, 2012

කවි හිත.....



මරල දැම්ම
ඔව්...
දන්න කියන
සේරම වැඩ දාල

එහෙම හිතාගෙන
යන්න නැගිට්ට,

මෙන්න යකෝ...

ආයෙ නැගිටිනව

මොන කරුමයක්ද
මන්ද...

තැලුව..
ගලක තියල
ඒත් නැගිටිනව

වෙඩි තිබ්බ..
ඒත් හුස්ම ගන්නව

කෑලි කෑලි
වෙන්න පොල් ගැහුව
ඒත් හාවෙනව

හරි...
උඹ මරන්න බෑ...
දැනගත්ත,

හිටපිය
මම මැරෙනව

“බ්හෑංග්“...

මම වෙඩි
තියාගත්ත...

මගේ ඇස්
පියවෙනකොටත්
උඹ,
හු..ස්..ම..ග..න්..න..ව

                                                                                                           

7 comments:

  1. සමහරු ඔය හිත උපදවගන්න බැරුව ලතවෙනවා!
    ඔයා මරාගන්න වදවෙනවද??:/

    ReplyDelete
    Replies
    1. හයියෝ දෙයියනේ ආයෙ කියවන්ඩෝ............:/

      Delete
    2. ඇයි දෙය්යනේ වැරදිද මම හිතපු හැටි!

      Delete
    3. හයියෝ.............ඔයානම්....
      හිකිස්......:)

      Delete
  2. ලස්සනයි..

    අදයි මේ පැත්තට ගොඩ උනේ..

    ReplyDelete