Wednesday, January 18, 2012

හරිම මහන්සියි....


     

තවත් දුර යන්න 
බැහැ...
කිසි දෙයක් පේන්නැහැ
බොඳ වෙලා හතර අත
මාස ගානක් 
ගෙවිල ගිහින්

ඇදවැටුණි දෙපා 
පණ නැතිව

මිනිස් පුළුටක් 
නැති...
වතුර කළඳක්
නැති...
නම නොදත් කතරක
අතරමංව

ඉරේ අව්වට
කැරකිල්ල වගෙයි
මට...

දැන් ඕනෙ මට
නිදාගන්න...
ලස්සන හීනයක් 
දකින ගමන්
මම ආසම

ලබන ආත්මෙ
නැගිටින්න
.............................

9 comments:

  1. මේ ආත්මේ එච්චරට එපා වෙලාද??
    (මේකේ comments වල word verification අයින් කරන්න නංගි:) )

    ReplyDelete
    Replies
    1. අයියෝ...නෑ අනේ....

      (දැන් හරිද අයියෝ...අයින් කලා)

      Delete
  2. "තවත් ඒකම ඒක වරක් උත්සාහ ගනු මැනවි
    මිය යාමට වඩා ජීවත් විම උතුම්ය"

    නිසපු නංගි ලියන කවි ගොඩක් වෙනස්....ලස්සනයි...දිගටම ලියන්න :):)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතී කුබූ අයියේ.........:)

      Delete
  3. ලස්සනයි නිපූ නගා.....දිගටම ලියන්න අලේ!! ජය වේවා!!

    ReplyDelete
  4. ම්ම්ම්... කලින් පෝස්ටුවත් කියෙව්වා... මේවගේ පොස්ට් ලියන්නෙ ඇයි කියලා ඇත්තටම දන්නෙ නෑ... ඒත් අනේ මංදා...

    ReplyDelete
    Replies
    1. මං දන්නෙත් නෑ....මොකද මේව මට නිකමට හිතෙන ඒවනේ....:)

      Delete