අයිති නැත සුපුන් සඳ
නිලඹරේ පායන
රැස් වැටේ යැයි බියෙන්
ඝණඳුරේ හිඳිමි මම
අමාවක දිනකදී
කදෝපැණි එළියකින්
යාන්තම් කවුළුවෙන්
හිස් අහස දකිමි මම
නේක විද තරු රටා
ලස්සනට පායලා
හැංගිලා ඉන්න මට
සමච්චල් කරනවා
“ඇද්ද බොට
හොඳ වැඩේ“
වළාකුළු සැඩ සුළං
ළඟට විත් ආදරෙන්
කියපු දේ ඇහුවෙ නෑ
“තරු හොඳට අහගනින්
කලත් හඳ ඉඟි
නුඹට
ඉන්නවා හාවියක්
හඳේ කරණම් ගසන“
සහෝදර තාරකා
කියද්දිත් පුන පුනා
“යන්නෙපා මඟ මැරෙයි“
මංගියා මගෙ ගමන
වල්ගතරුවක් වෙලා
ලස්සනට සැරසිලා
බාව මං වන වනා
හඳ වෙතට ඇදී යන
අහම්බෙන් අතරමග
අමාවක එළඹින
ඒ ලැබුනු
අවසරෙන්
අර නරුම වල් හාවි
පැන ගොසින් හඳ අරන්
කාටවත් නොකියාම
ගෙන වැරෙන් ඉලක්කය
පිටත් වුන ගමන් මඟ
කොහොම එක පාරටම
ආයෙමත් හැරෙන්නද
ගිණි පුළිඟු විසි වුනා
පාලනය නැති වුනා
කලන්නෙයි වගේ මට
අනේ මං නිල් වුනා
අහස තව දුර වුනා
පොළව තව ළඟ වුනා
ඩෝං ගා එකපාර
ඔලුව මගෙ හැප්පුනා
එච්චරයි මට මතක
උඩු හුළං වෙච්ච දේ
යටි හුළං අතේ මට
දූවිල්ලෙ අකුරු කර
උපමාද උපමේද
කවිද ගී පදවැල්ද
ඇතුලත්ව ලස්නට
එවා තිබු ලියුම් පොඩි
කියවලා දමා මං
පා කලා හුළඟටම
හිස වැදී ගෙඩි ගැහුන
ගතම මගෙ රිදුම් දෙන
නොදන්නා ලොවක දැන්
අතරමං වෙලා මම
ඒත් මේ හැමදේම
සුදුවුනේ හොඳකටය
තරු ඇහින් වැටෙන මේ
ලේ පාට පිණි කඳුළු
දරාවී සාක්ෂිය
දරාවී සාක්ෂිය
.
.
.
.
.
.
.
.
.
.
.
..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පෑදුනා මොලේ මට
.
.
.
.
.
.
.
.
.
පෑදුනා මොලේ මට
.................................................................................
ලොකු දෙයක් පරක්කුවෙලා හරි.¿
ReplyDelete;)
Deleteහම්මෝ කවියේ දිග.....
ReplyDeleteඅර නරුම වල් හාවි කරපු වැඩේ නම් ඇත්තටම කැතයි තමයි.
(මං හිතන්නේ දුකට තරුව කඩා වැටිලා. එහෙම නේද.?)
අන්තිමට තරුවට මොලේ පෑදුන එකනම් කොච්චර දෙයක්ද?
හැම දේම සිද්ද වෙන්නේ හොඳකටමනේ.
යා යා ඩැට්ස් ටෘ අනී.......^_^
Deleteමම නම් කැමති මොලේ පෑදුන කෑල්ලට :)
ReplyDeleteහික් හික්....;)
Deleteසන්තෝසයි! රතු පාටට වැටෙන්නේ අයි බ්‍රෝ කලර් එකේ පාට ද මන්දා! ලස්සන නිර්මාණයක්!
ReplyDeleteහික්....;)
Deleteගොඩාක් ස්ටූටී අනී.....^_^
අද නම් කවියේ ලොකු වෙනසක් තියෙනව!:)
ReplyDeleteසැහෙන්න හොදයි!
අසාවෙන් කියෙව්වා!:)
කදෝපැණිය කියන්නෙ මොකටද??:-/
කදෝපැණය කියන්නෙ කණාමැඩිරිය අනී......^_^
Deleteතැන්කූ කැන්කූ
ඇත්තටම කියන්න වචන නෑ..නියමයි නංගා..
ReplyDeleteගොඩාලියක් ස්ටූටී අක්කෝ.....^_^
Deleteඅමාවක දිනේදී
ReplyDeleteහිස් අහස පෙන්නුව
කදෝ පැණියාට වෙඩිතබා
එල්ලලා මරමුද?
හෑ...ඒ මොකෝ හලේ ඒ.....:O
Deleteමොලේ පෑදුනා කිවුවනේ.. ඒ නිසා ඉතින් මුකුත් නොකියා ඉන්නම්..
ReplyDeleteඈ....හා....:O
Deleteශාහ්... නියමයි.. ලොකුම ලොකු දිග කතාවක්.. ලස්සන පද ටිකකින්, නොදැනීම කියලා.. මරේ මරු!!!
ReplyDeleteතැන්කූ තැන්කූ අක්කෝ...^_^
Deleteකලු වලාවේ රිදී ඉරක් . .
ReplyDeleteඔලුව පැලී හෝ මොලේ පෑදීම කොයි තරම් දෙයක්ද . . :D
සාදරෙන් පිලිගන්නව දුකා අයියෙ මේපැත්තට......:)
Deleteහික් හික් ඒකනෙ බලන්නකෝ...... :D
එල එල නියමා....යි.
ReplyDeleteමොලෙත් පෑදිලාලුනෙ :)
හික් හික් තැන්කූ තැන්කූ....^_^
Deleteමම නං කියන්නේ ඔය කොහේවත් යන හාවියන්ට දිනුම දෙන්න එපා. හාවියෝ වගේද වල්ගා තරු!!!
ReplyDeleteඉටින් වල්ගටලුව කඩන්වැටිල ඉවලනෙ හලේ......:(
Deleteනඟා දැන් හෙන පරිණත වෙලා වගේ.......මොළේ තිබ්බයි පෑදෙන්න.........:P
ReplyDeleteමට වෙච්ච ඩෙයක් නෙමෙයි පිස්සෝ......:/
Deleteඇත්තටම ඔයාගේ ඔලුව කොහේ හරි වැදුනද? ඒත් කමක් නැහැ මොලේ පැදුනා නේ.
ReplyDeleteඊ......ගර්.........මගෙ ඔලුව කොහෙවට් වැඩුනෙ නෑ හලේ......:(
Deleteඔයාගේ ඉතිං ඔලුව ගොඩාක් රිදෙනවද?. මොනවා උනත් වැඩිය බලන ඉන්න හොඳ නැහැ.
Deleteඊ....ඇයි ඔයා බේයි ඩාන්නඩ....අනී මේ....
Deleteමේ මංගැන නෙමෙයි හලේ ටියෙන්නෙ හයියෝ ඔයානම්...:(
අකීකරු වී ආ නිසා මගේ මොලේ පෑදුනා
ReplyDeleteමං ඒ නිසා ආයෙත් අකීකරු වෙනවා.
අකීකරු වෙලා
මේ පාරත් ඔලුව ඇනගන්නවා
:P
ඔන්න අපේ නිසදෙස් හිකිස්.
හික් හික්.....;)
Delete