Friday, January 25, 2013

සැනසුම් සුසුම්........




සරාගී සිත
විරාගීකර
දැහැන් ගතකර
මෝක්ෂ සුවයට
හිතයි මනසයි
එකතු නොවුනට
අමාවක දා
සිදුවු වරදට


කෝටියක් ගන්ධබ්බ
සිතුවිලි
පාවුනත් හිත්
අහස් මඬලේ
ගැබ් දරන්නට කවියකින්
පිං
මදිවුනාටද
රිදුනෙ මෙතරම්



.......................................................................


ලියා අවසන 
ඒ කව
කඩා දමමින් 
පෑන් තුඩ
සුසුම් හෙලුවා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කන්‍යාවියක්
.........................................................................







Monday, January 14, 2013

උන්මාද ආදරී.....





හූ තියා ගත්තා
ඇය
ඇයටම

ඔහු විසින්
නිරුවත් කල
ඇගේ ආත්මයේ
නිරුවත
දැක
.........................................................


ආදරේ මායාව
මුසුකල
නුඹේ වල්මත්
චපලකම
විදහා ගිය
මොහොතක
මුවින් නැඟුනා වූ
“ආහ්“
ස්වරය

සුනුවිසුණු කලා
ජීවිතය

පවුකාර යැයි
මම
ගල් ගසන
නුඹ
අරුණෝද
නැඟුනු විට
දකීවී
නිරුවත

එවිට මාගේ
නිසල දේහය
අසාවී පැණයක්
නුඹෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සාන්තුවර ලෝගුව
පෙඟෙන්න ගැලුව

ලේ
මදිද....??
................................................................