Tuesday, February 28, 2012

සියලුදෙනාගේ දැනගැනීම පිණිසයි....(හපොයි දෙයියනේ...:(...)





හයියෝ... දෙයියනේ කවුද හිතුවෙ මේවගේ දෙයක් වෙයි කියල....:/






හරියටම 2011.09.17 උදේ පාන්දර පහමාරට විතර..... අහම්බෙන් වගේ ට්‍රයි කරල ට්‍රයි කරල නිකා..........න් ආසාවට වගේ චූටි  බ්ලොග් එකක් හැදුව....මුලින්ම “සඳරුගෙ ලොකය“ නම දාන්න හැදුවත්  ඔල් රෙඩී එහෙම ලියන කෙනෙක් ඉන්නව කියල දැනගත්ත නිසා... “නිසපුගේ ලෝකය“ කියල නම දාල වැඩේ පටන්ගත්ත. හා හා පුරා කියල මම මුලින්ම ෆේස්බුක් එකේ ලියපු කවියක්මයි දැම්මෙත් ෆැන්ටසිය කියල.ඊට පස්සෙ මම මුලින්ම කමෙන්ට් එකක් කියල  දැම්මෙත්    පොඩි මෑන්ගෙ “ලට්ට ලොට්ට“ බ්ලොග්  එකේ මග දිගට කතාවට.....අපරාදෙ කියන්න බෑ....මට වාසනාවන්ත මුල්ම කමෙන්ට් එක ලැබුනෙත් “නිසූගෙ කතා“ ලියන නිසූප අක්කගෙන්මයි....එයත් තකහනියක්ම ඇවිත් තිබුන මොකද්ද මේ එයාගෙ නමම ටිකක් කණපිට ගහල කරන වැඩේ  බලන්න කියල....අනේ ඒ අක්කිය මට දිගටම ලියන්න කියල සුභ පතලත් ගියා....:) ඔයාට ගොඩාක් ස්තූතී මගෙ අක්කියෝ......
ඊට පස්සෙ අපේ පලා මල්ල ලියන පිස්ස අයියත් ආව එයාගෙ බ්ලොග් එකට දාපු කමෙන්ට් එකක් දැකල “මොකද්ද මේ නිසූප පලවෙනි පාර ආවයි කියන්නෙ“ කියල.....

දෙයියනේ ගොඩක් දෙනා හිතාගෙන ඉඳල තියෙන්නෙ නිසූපයි නිසපුයි කියන්නෙ දෙන්නම එක්කෙනෙක් කියල.....:'(.ගොඩක් තැන්වල ගිහින් කමෙන්ට් එකක් දැම්මම මට රිප්ලයි එන්නෙ “ගොඩාක් ස්තූතී නිසූප අක්කේ මේ පැත්තෙ ආවට කියල“....:(
අනේ නිසූප අක්කියෝ.....මං නිසා ඔයා මොකක්හරි අපහසුතාවෙකට පත්වුනානම් මට දහස්වාරයක් සමාවෙන්න හොඳේ....මං මේ කිසිදෙයක් හිතල කලේ නෑ....(ඇඬෙනව අප්ප...:'(...)
මේක තවදුරටත් සිද්ධවුනොත් මොනවයින් මොනව වෙයිද දන්නෑ....ඒනිසා අද ඉඳල මගෙ බ්ලොග් එකේ නම “අග්නි ධාරා“ කියල වෙනස් කරනව....(හනේ ඒ නමින් කවුරුහරි ලියනවනම් දන්න කියන පිංවතෙක් මාව ඉන්ෆෝම් කලන්න හොඩේ...:(...)




කාටවත්ම කිසිම දැනුම්දීමක් නොකර හදිස්සියෙන්ම
මේ ගත්ත තීරණේ නිසා ඔයාල පත්වුන
අපහසුතාවයට...:(

මම දහස්වාරයක් සමාව ඉල්ලනව
මං
.
.
.
.
.
නිපුණි ශාස්ත්‍රී පූර්ණිමා
.................................................................








Friday, February 24, 2012

කියනවගනම්.....





ආදරය

ගිහින් පවසන්න
වහාම
වලදමන්න මගේ
හිත
මිනීමරු උගෙන්
.
.
.
.
.
.
.
.
ල්ම්
අනවශ්‍ය බව
...............................................................






Monday, February 20, 2012

"..........."





ෂා...
නියමයි එළ
වැඩක් නැහැ කියල
සනීපෙ දැනෙන

අඳ කරගත්
මොහොතේ පටන්
ඉඳිකට්ටකින් ඇනගෙන
මගේම ඇස්දෙක 
මමම

මේව නොපෙනෙන්න

ගලක් අරගෙන
තලාගෙන මම
බිහිරි කරගත්ත
මගෙම කන්දෙක

මේව නෑහෙන්න

නිවන් ගියා වගේ
කපාගත්ත වෙලේ 
ඉඳන්
මගේ දිව
මමම

කවදාවත් කාගෙවත්
හිතක් රිදෙන්න
වචනයක් පිට(නො)වෙන්න

පැත්තකට වෙලා
මං
ඔහේ ඉන්නව 
ජීවත් වෙනවට
කාටවත්ම 
බාධා නොකර

යකෝ මම මෙච්චර
ආතල් එකේ ඉන්නව
අදින් පස්සෙ නැහැනෙ
විඳවිල්ල
කියල හිතාගෙන




ඒත් මේ 
හිත
විඳවන තරමක්
තාමත් ඒව
ගැනම හිත හිත

මූට මං
මොකක් කරන්නද
කොහොම තේරුම් 
කරන්නද මූට
තේරුම් ගත්තට 
මම

ඔන්න ගලවල
දුන්න හිත මම
පුළුවන්නම් 
තේරුම් කරපන්
නැත්තන් ඈතට
විසික්කරල දාපන්
.
.
.
.

මලම කන්දොස්කිරියාවක්
මගේ හිත 
මටම
.......................................................................








Monday, February 13, 2012

"..........."




මාත් 
ටික කාලෙකට ඉස්සර
දැකපු කවියකට
පිස්සුවැටිල
ඒ කවිකාරයව
හොයාගෙන 
ගියේ නැත්නම්
මගෙ හිතට විතරක් 
නෙමෙයි
මගෙ ගතටත් 
අද
කිසි ලෙඩක් දුකක්
නැහැ
................................
හැබැයි මං
.
.
.
.
.
.
.
.
පසුතැවෙන්නෑ

................................................................
(පූර්ණිමා)





මේ කියන දේට උඩ නිසඳැසේ කිසිම සම්භන්ධයක් නෑ....
ඇත්තටම පෙබරවාරි 14 තවත් එක දවසක් විතරයි......ඒත් කෙල්ලෙක් නිසාද මන්ද,ඒ දවසගැන ලස්සන ලස්සන හැඟීම් ගොඩක් තියෙනව....මම හිතන්නෑ කවදාවත් කිසිමකෙනෙක් තමුන් ආදරේකරන කෙනාගෙන්
තමාව තේරුම්ගැනීම හැරෙන්න වෙන කිසිමදෙයක් බලාපොරොත්තුවිය යුතුයි කියල...
ඇත්තම ආදරේකට ඊටවඩා කිසිම දෙයක් අවශ්‍ය නෑ.
ඒත් අද ලස්සන දවසක්.....ආදරේ කරන හැමෝටම,අද දවස ගතකරන්න ගහපු ප්ලෑන් එක වගේ හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

මේ අවුරුද්දෙ තනියම සමරන අයට ඉක්මනට ආදරවන්තියෙක් හෝ ආදරවන්තයෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.



HAPPY VALENTINES DAY!
................................









Wednesday, February 8, 2012

"..........."





දුයිෂෙයින්
අසනු මැන
ලැබී ඇත දෙවෙනි
වරම නුඹට

එපා දැන දැන
යනන් දෙන්න
මේසැරෙත්
අලිතීනායිට

දමා ආදරෙන් ඇතිකල
පොප්ලර් දරුවන්

බැහැ ඉන්න නුවර
මොස්කව්
 හද ගැස්ම 
තියෙන තුරු

අයිලයේ මතකයන්
මුසුවෙලා වාතයට
මගෙ හුස්ම 
හිරකරන

.....................................................




Tuesday, February 7, 2012

...........

දුකට තනියම
හිනා වෙන එක
කල්පනා කරන එක
වෙලාවකට මාර
ආතල් නේද?


ආතල් එකේ
හොඳේ නිසාම
නැවැත්තුව අපේ
ගෙදර උන් මාව
අංගොඩ

ලෙඩේ
කල්පනා කිරීම
තනියම
වෙලාවක් කලාවක්
නැතුව
බලාගත්ත අත ඔහේ
බලාගෙන
කටින් වචනයක්
කතා නොකර

ආසාවට


පිංසිද්ධ වෙන්න
අපේ ගෙදර
එවුන්ට
අතගගා යකඩ කූරු
කිසිම බාධාවක්
නැතුව
වෙලාවක් කලාවක් නැතුව
නැතුව
ඔහේ බලාගෙන
කරගෙන යනව මම
මගේ වැඩේ

කල්පනා කිරීම

මොනව ගැනද?
මොනව ගැන හරි


අනික් එවුන්
උන්ගෙ ලෝකවල
නටනව
සෙල්ලම් කරනව
සිංදු කියනව
රණ්ඩු වෙනව
යාළුවෙනව
ඉඹගන්නව
මරාගන්නව
හිනාවෙනව
තමන්ගෙ ලෝකවල
තම තමන්ට කැමති විදියට
ජීවත් වෙනව

මං
ඔහේ බලාගෙන
අතගගා යකඩ කූරු
තනියම කල්පනා කරනව
දවල් රෑ නැතුව

මොනව ගැනද?
මොනව ගැන හරි

දුන්නම කනව
කිව්වම නිදාගන්නව

“කිසි කරදරයක් නැති
පේෂන්ට් නේද...?“

මට ඇහෙනව
නර්ස්ල කියනව

උංට පිස්සු

මංන්නෙ දන්නෙ
මට කොච්චර
කරදරද කියල
.
.
.
.

.
.
.
.
මගෙන්ම

...........................................................



Saturday, February 4, 2012

"..........."



නම නොදත් 

වරදකට
ගෙවා ජීවිතයෙන්
වන්දිය

ගිනි ගනී මගේ
සෑය
මෙලෝ හසරක් 
නොදැන
ටිකෙන් ටික 
මියැදෙන
මගේ පවුලේ
.
.
.
.
.
.
අඳෝනාවෙන්
................................