ඔයා ඉස්සරහ
හුරතල් වෙන්න තියා
කෙලින් ඔයාගෙ ඇස්දෙක
දිහා බලාගෙන
මට හිතුනම ආසාවට
අතකින් අල්ලගෙන
ඔයාගෙ,
පණ බයයි
තාම මම
අන්න ඒනිසයි
ඔයාගෙ ඇස්
ඉස්සරහට
ඉස්සරහට
ආවත්
මඟහැරල යන්නෙ
මං
තේරුම් ගන්න
සුදූ
මගෙ මුළු ලෝකෙම
ඔයා
මං දන්නව
මාව ඔයාගෙ ඔය
අයිස් වගේ හීතල
අත් දෙකට අරගෙන
ආදරෙන් තුරුළු කරගන්න
ඔයා මොනතරම්
ආසද කියල
ඊටත් වඩා ඒකට
මම ආසයි කියල
ඔයා හොඳටම
දන්නව
ඒත් මට
ඒකට
තව ටිකක් කල්
ඕනෙ සුදූ
මොකද මගෙ
පෙම්වතා වුණු ඔයා
.
.
.
.
.
.
.
.
මාරය නිසා
......................................................
අම්මපා කියන්න සුදු :P
ReplyDeleteඅම්මප බැලිනම් ඇන්ටි පා හලේ.....
Deleteමේ...මට එයාගෙ බ්ලොග් එකට එන්න බැලියෝ....ඇයි ඒ???????
;)
Deleteඔයාගේ කවි නම් හුගක් ලස්සනයි යාලු....මගේ පලවෙනි කෙමෙන්ටුව මේ....ඔයාට හොද හැකියාවක් තියනවා. දිගටම ලියන්න...ජය..!!!
ReplyDeleteගොඩාක් ස්තූතී යාලු....සාදරයෙන් පිලිගන්නව ඔයාව...:)
Deleteඩොමේන් අවුලක් ගියා නංගි.ඔය ආවේ ඔයා පාර හොයාගෙන මේ දැන් ලින්කුව බ්ලොග් රෝල් එකට දාගත්තා නම් ලොකු උදව්වක්.
ReplyDeleteආහ් කියන්න අමතක වුනා මාරයා ඉල්ලීම අනුමත කරාලු.දෙවෙනි එක මොකක්ද?
Deleteහලො හලේ....
Deleteදෙවනි එක ඊළඟ කවියෙන් බලමුකෝ......;)
මෙන්න මාතෘකාවක් දාලෝ............
ReplyDeleteඅද මොකද දන්නේ නෑ විශේෂත්වය...
Deleteහලේ ඔයාලගෙන් කම්පේන්නෙ හැමදාම.....ඒ නිසා අද ඉඳන් අලුත් විදියක් පටන්ගත්ත...මේ “ඉල්ලීම්“ මාලාවේ අංක 1 :)
Deleteඒක තමා නේද දිනේශ් අයියා.......එහෙම හිතමුකො එහෙනම්.....:))))))
Deleteමේ එයාලත් එක්ක බෑ අප්ප....:/
Deleteදැම්මත් වැරදී නොදැම්මත් වැරදී...:‘(
මේ අපි දන්න අදුනන මාරයා නෙමෙයිනේ.. :)
ReplyDeleteහාපෝ නෑ නෑ පිස්සුද....
Deleteමං කියන්නෙ අර “මරණය“ කියන මාරය ගැන......:O
කවුද බොලේ....... බොලේ බොලේ...දැං මාරයා එක්ක යන්නේ අවසන් ගමනද නැත්තම් ඒත් අවසන් ගමනද....මොකාක් හරි වෙලා තියෙන හැඩයි නමත් වෙනස් කරගත්තනේ
ReplyDeleteඉල්ලීම් කීයක් තියෙනවද??
Deleteතාම හරියට නියමිත ගානක් නෑ අයියෝ....
Deleteකවි කීපයක්ම ලියන්නයි ඉන්නෙ...:)
මාරෙ අයියත් එක්ක මොකක්ද කේස් එක? :)))
ReplyDeleteඒක තමා ම්ආත් මේ බැලුවේ තනිකඩ අයියත් අද හෙටම මගුල් කයි වගේ :D
Delete@ශානි අක්කි :- හාපෝ....මාරෙ මාමත් එක්ක කිසිම ගනුදෙනුවක් නැතෝ......
Deleteමේ මම ලිව්වෙ “මරණය“ කියන මාරය ගැන
@කනී අයිය:- මේ පිස්සුද හලේ....මාර මාම ගැන නෙමෙයි කිව්වෙ :/
හෑ සති තුනකින් නේද එනවා කිව්වෙ, ඊට කලින් මාරයා එක්ක කේස් එකක් ගියාද?
ReplyDeleteනෑ රැඩී එන්න විදියක් හදාගත්ත........;)
Deleteඔහොම වෙලා ගොඩක් කල් හලේ.....
මම හිතන්නේ නංගි, මාරයා අයියා ඔයාට වඩා ගොඩක් වැඩිමල්. වයස ප්රශ්නයක් නැද්ද??
ReplyDeleteඒ මාර මාම ගැන නෙමෙයි මෝඩස් කියන්නෙ....:P
Deleteඅවුලක් නෑ. "මාරයානේ". වෙන කවුරුවත් නෙමෙයිනේ. බය වෙන්න දෙයක් නෑ
ReplyDeleteනෑ බ්ලොග් ලියන එක්කෙනා නොමේ......:/
Deleteමං කීවෙත් බ්ලොග් ලියන එක්කෙනා ගැන නෙමෙයි
Deleteහලේ ඒමඩ ඒනම් කමක් නෑ...:/
Deleteහම්බෝ.. භයානක කෙනෙක්ගෙන්නෙ දැන්ම මේ ඉල්ලීම කරන්නේ.. :D
ReplyDeleteහිකිස්....;)
Delete