Saturday, September 29, 2012

වයස් දෙකක්.......






“දැක්ක දවසෙ ඉඳන්ඔයා...
ඇයි හැමදාම රෑට
රිදෙන්නෙ මගෙ
ඔලුව...??

මං හරි ආසයි
ඉක්මණට
ඔයා වෙනවනම් මගෙ
පැනඩෝල්
පෙත්ත“

අහන් හිටපු මේක
කිව්ව අපෙ අම්ම
මෙහෙම

“දාපිය ඔතෙන්ට
පැනඩෝල් නෙමේ
පොලිඩෝල්...

අන්න එතකොටයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

රැඩිකල්
.............................................................................................................................................................






ප.ලි:-

ඇහැට පේන
ගණන්, කොමස් ,සිංහල ,
ඉතිහාසය ,ඩ්‍රාම,සෞඛ්‍ය
පොත් අස්සෙ

කණට ඇහෙන
සමහර දේවල් එක්ක

අම්මප
දෙතුන්දෙනෙක්ව

හිතෙනව මරාගෙන
මැරෙන්න.....:/

................................................................................










Friday, August 3, 2012

සැනසීම......





නුඹ හිත
අරණ අභියස
පියගැට පෙල
පාමුල
සිඟන්නියකී
වෙසෙන අසරණ


යනගමන් ඉඳහිට

නුඹ මුවින්
විසික්වෙන


දයාබර වචනයක්

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


අහුලගෙන පිං දෙන
................................................









ප.ලි:- ඔයාලට මාව අමතක වෙලාද දන්නෙත් නෑ අප්ප....බ්ලොග් එක පැත්ත පලාතෙ ආවෙත් සෑහෙන්න කාලෙකින්.............මේ එක්සෑම් එකක් නිසා මට පිස්සු හැදිල ආයෙ පිස්සු හැදෙනව අප්ප.....:‘(



Sunday, July 8, 2012

නිකමට හිතුන මට.....





මිනී මල් යායට
පීදිලා පාට පාට
තැනින් තැන අරලියා
වතුසුද්ද මල් පිපිල
සෑහෙන්න

හංගමින් නිදනවුන්
සාමයෙන් සමාදානෙන්
පිණි වැටුනු තණ පලස
මැදින් යන තාර පාර
සුන්දරද කොයිතරම්

මල බැඳුණු යකඩ කණු
ගේට්ටුව පහුකරන්
යන සුළං රැල්ල මිස
කාලෙකින් කවුරුවත්
ඇවිත් නැහැ
තනියට

නුඹ පමා ඇයි කියා
මඟ බලන්
පිළිගන්න
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සුසානය සැරසිලා
පාළුවෙන් මිරිකෙමින්
...........................................................



Friday, June 22, 2012

හරි නේද.....??





වල් වැදී තිබූ හිත

පෙරළු පසු
සරුසාර
බිමකට,

මෝදු වූ
පළමු
අංකුරය...

කරටියෙන් කඩා
තලා පොඩිකර
උදුරා
දමා
හිත මතම
පාගා
ගිනි තබා
සුනු විසුනු කර
දැම්මෙමි.....


හටගත් පළමු 

අංකුරය
නිසාවෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැලන්ටයින්
......................................................................







Thursday, June 7, 2012

ආ..මෙන්න...






අරං ගලවල 
දමල ගැහුවා
වැරෙන් වදිනට
ගඟේ පතුලට

පාවි පාවී
ආව ආයෙත්
රබර් බෝලයක්
වාගේ උඩටම

පාව පලයං
ඕනෙ අහකට
අයිති නෑ දැන්
මගේ හද
උඹ

ඉන්නවානම්
ඕනෙ 
කවුරුත්
කර්ණි,කෝෂික
ශිරා,ධමනී
ගනින් ගලවල
නුදුරු දිනකදි
උගන්නන්නට
පොඩි එවුන් හට
මේන් මේකයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

විරහ හදවත
................................................................





Thursday, May 31, 2012

සිත්තරා.......





දැන් දවස් තුනක් වෙනව.දාහක් පාටජාති පින්සල් බ්‍රෂ්  අතරෙ මං තාමත් සුදු කොලයක් ඉස්සරහ තනිවෙලා.කොහොම අඳින්නද  කියල හිතාගන්න බෑ.

“මේක මහ බොරු වැඩක්..“

මං හයියෙන් මේසට ගැහුව.මේසෙ උඩ තිබ්බ පාට බෝතල් සේරම එකපාර හෙල්ලිලා ගිහින් යාන්තමට විසික්වන තීන්ත බින්දු මේසෙට අලුත් රටාවක් එකතුකලා.
ආයෙත් වතාවක් මං හෙමින් සැරේ හිතන්න මේසෙට ඔලුව ගහගත්ත.පැත්තට හැරිල,ඉස්සර බලන් ඉඳල,බැරිමතැන මේසෙ උඩටත් නැග්ග.මේසෙ යට බිම හීතල කලුවරේ පැය ගානක් ඉඳගෙන කල්පනා කලා.

“මට තේරෙන්නෑ නිරුධා ඔයාව චිත්‍රෙකට ගන්න.මං හරි අසාර්ථකයි. මට හිතෙන කිසිමදෙයක් අඳින්න බැරි හීනෙකින්වත් හිතෙන්නැති දේ ඇඳෙන,ඔයත් හරියට නිකන් මේ සුදු කොලේ වගේ..
හිතන්න දේවල් ගොඩක් තියෙනව.ඔයා දිහා බලාගෙන.සැලසුම් කරන්න පුළුවන් දාහක් දේවල්,ඒත් ඒ හැමදේම ඔයා වෙනස් කරනව.හරි ලස්සනට..ඔයාට ඕනෙ විදියට.අනේ ඒ ඇයි නිරුධා..??

“පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්..නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්..
ආවාට නොකියාම ජී“....

“කියන්න නිරු...“

“මොනාද දෙසවන්..ඔයා දැන් දවස් තුනක් තිස්සෙ ඔය අඳින විකාරෙ...?“

“හික්ස් විකාරයක්ද මන්ද බබෝ මටත් හිතාගන්න බෑ“

“ඔයා මාවත් අමතක කරල දවස්ගානක් තිස්සෙ චිත්‍රෙකට ඔයතරම් මැරෙනව දැක්ක පළවෙනි වතාව දෙසවන්.ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නෙ ඔයාට.....“

“මේ චිත්‍රෙ මට හුඟක් වැදගත් නිරූ...චුට්ටක් කල් දෙන්න...“

“ඔයාට මටත් වඩා වටින දෙයක් තියෙනවද දෙසවන්....“..???

“නිරූ මේ අහන්න බබා“.....

ඔයාට කේනිති ගිය හැම වතාවෙමවගේ මම කියන කිසිම දෙයක් අහන්නෙත් නැතුව ඔයා ෆෝන් එක කට් කලා.වෙලාවෙ හැටියට ඒක ලොකු උදව්වක් නිරූ...

කොහොමද නිරූ ඔයාව මං චිත්‍රෙකට ගන්නෙ.?? ඔයාගෙ කේන්තිය,ඔයාගෙ හිනාව,ඔයාගෙ රැවිල්ල,නෝක්කාඩු බැල්ම.අනේ මන්ද මට පිස්සු වගේ නිරුධා...මං පිස්සුවෙන් වගේ ආදරේ කරන ඔයාගෙ කිසිම දෙයක් මට චිත්‍රයකට ගන්න බෑ..

මේ වැඩේ හරියන එකක් නෙමේ...මේ චිත්‍රෙ මට කවදාවත් අඳින්න බෑ නිරුධා...දන්න සේරම සෙල්ලම් දැම්මත් මට ඇඳෙන්නෙ පාට ගොඩක් එකට උලපු බලි කුරුටුවක් විතරයි...
හැබැයි ඒක ලස්සනයි.....

දවස් ගානක් තිස්සෙ කට්ට කාල අන්තිමේදි චිත්‍රයක් වෙලා තිබුනෙ මාවමයි .හැම තැනම තීන්ත නාගෙන ඉන්න මාව දැක්කම මටම හිනා යනව.ආයෙත් පාරක් මං සුදුකොලේ දිහා ටිකක්වෙලා බලන් ඉඳල ඒ චිත්‍රෙ අඳින් එක හිතින් සම්පූර්ණයෙන්ම අතෑරල කාමරේ දොරත් වහගෙන නාන්න ගියා..






හැමපාරම වගේ මාව දිරිමත් කරපු සාතන් අයියට ගොඩාක් ස්තූතී...^_^



Thursday, May 24, 2012

අප්පච්චී....





නුඹ දමා එදා
සරසවියට,
මිදී සොයුරු
රැකවරණයෙන්,
ගියේ වණපොත්
කරන්නට
හැඬූ කඳුළින්....

පොතට ඇස නැහැ
ඉන්ට හිත නැහැ
බත් ගිලෙන්නැහැ
සාංකාවයි,
මූසලයි ඒ
කාමරේ...

ඉවස ඉවසා
ඉන්න විටදී,
තියා කල්,
සතියක්
විභාගෙට කරුම

හැම වතාවෙම
දැනුන ලෙසටම
අමුතු විදියක
සුලි කුණාටුවක
ලකුණු දැනුනා
බඩපිස්සිට

ඇල්ලුවේ නැහැ
වංගුවේදී
ගේ පෙනෙද්දී
මූසලයි මහ

ගේට්ටුව දාපු
කිරි කිරය
හිරිවැට්ටුවා
මුළු ඇඟම
පණත් නැහැ
වත්ත මැද්දෙන්
ඇවිදන් එන්න
ගෙදරට

කණ්නාඩි දෙක
බිම වැටී
ඔහේ හාන්සි පුටුවට වී
අසරණව
එක අතක්
පපුව මත
තබාගෙන
කඳුළු පිරි දෑස් දල්වා
පාර දෙස බලන් සිටි
නුඹ,

තියා ඈතම
දුටුවිට
බඩ පපුව
පත්තුවී
අමුත්තක් මුසු
කොහේදෝ නැති
පණක් ආව
මගේ දෙපයට

දිව්ව වේගෙට
පයත් පැටලී
අන්තිම පඩියෙදී,
මහ හඬක් නංවා
පෙරලගෙන කණප්පුව
ඇදන් වැටුනා
නුඹේ පාමුල...

ඒත් නුඹ නැහැ
හෙල්ලුනේවත්
වගක් නැති ලෙස
උන්න එලෙසින්

දෑස් බොඳ වී
ඉකි ගැහෙද්දී
හෙමින් සීරුවෙ
කිට්ටු වී මම
කතා කල මුත්
නුඹව සොලවා,

අප්පච්චි නොව
උණුහුමක් නැත
හිසත් පසෙකට
කඩන් වැටුනා...

ලොකුයි මද්දුයි
දුවන් ඇවිදින්
“හත්තිලව්වයි“
මොකෝ පොඩ්ඩී
කියා හයියෙන්
මාව ඇල්ලුව
.
.
.
.
.
.
.
.
.
.

එච්චරයි මතක
මට...