Saturday, March 16, 2013

අවසන් කැමැත්ත....






ශික්....
තියන්න පුළුවන් වුනානම්,
අපෙ අම්මටම
මේ
වේල් එක...

නැකතක් එහෙම
බලල
ලස්සනට....

 මොනා කරන්නද....
හදිස්සි වුනානෙ
මං....

මං මාර ලස්සනයි
හලෝ....
සිරාවටම...

නැතත් මේකප්
ඉස්ස ෆෝමලින් වලට
අල්ලයි දවස්
දෙක තුනක්
හම
යාන්තන් කලුවෙලා
විතරක්

 ඊට පස්සෙ දාපු
 සෙන්ට් එක
පට්ට ඈ....
වලත් සුවද ගහයි,
යනකම් දවස්
දෙකතුනක්....

කට්ටිය සේරම
ඇඳගෙන ඇවිත්
වයිට්ම
හරියට ප්ලෑන් කරපු
විදියටම
මගෙ වෙඩිමෙ
තීම්
කලර් එක

 සෙටිබැක් එකක් නැතත්....
මේ තියෙන්නෙ යකෝ,
ලස්සනට....
හතර වටෙන් ගහල
මල්
දාල
ලයිට්
දිලිසි දිලිසි මගෙ
මිනී පෙට්ටිය


නෙදකින් කාලකන්ණි....


යකෝ මේ මම
මැරිලත්..
ඉන්නව මාර
ආතල් එකේ
 මුන් සේරම එකට
අඬාගෙන ඇවිත්
මෙතන
කනවනෙ
සීන් එක

සතුටු වෙයල්ල
යකුනේ...
නිදහස් මං දැන්
අර මල
කාලකන්ණි
විඳවිල්ලෙන්

නොනැග්ගත් මංගල පෝරුවේ
මං...
ඉටුනොකලත් මගුල්
චාරිත්‍ර
එකක්වත්....
අවසන් ගමන්
යනව මං...
 මනමාලියෙක් වෙලා,
අපේ ගෙදරින්
නොඑන්නට ආයෙ
සදහටම...

හදාගනිල්ල හිත
වුන දේ
සේරම
හොඳට......



 හරි හරි පලයල්ල...
දැන් ගිහන් දාපල්ල
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

වට්ටක්ක
ඩාන්ස් එක...
..........................................................................

47 comments:

  1. අන්තිමට මෙතන අඬන්න තියාගෙන මගේ ආතල් නම් කඩන්න එපා කියලත් දැම්මනං .... ;)

    ReplyDelete
  2. Replies
    1. වට්ටක්ක ඩාන්ස් මීන් මලබත.....^_^

      Delete
  3. සිරාවට ඒකෙත් තියෙන්නේ මාර ආර්ට් එකක් තමා........

    ReplyDelete
  4. ඇයි කනත්තට මිනිය ගෙනියද්දී පත්තු කරන රතිඤ්ඤා ටික

    ReplyDelete
  5. යටින් යටින් වෙනම කතාවකුත් තියේද මංද

    ReplyDelete
  6. පොඩි තර්ජනයක් වගේ එකක්
    දැනෙනවා මට ටිකක්..

    කාට හරි ඇනෙන්න දැනෙන්න ලියපු එකක් වගේ...

    ReplyDelete
  7. ඒ මොකො අර වට්ටක්කා ඩාන්ස් එක? :P :P

    ReplyDelete
  8. යුවතියකගේ මලගම....මම මේක කියවනකොටම මතක් වුණේ චන්ද දොලපිහිල්ලගෙ මම කෙටි කතාව...නිර්මාණ කුසලතාව උපරිමයි දුවේ.

    ReplyDelete
    Replies
    1. මාත් හොයාගෙන ඒ කතාව කියවල බලන්නම් මාමෝ.. ගොඩාක් ස්තූතී....

      Delete
  9. ඇඩෝ දානෙට ආරාධනා පත්තරයක් එව්වේ නැත්නම් බලා ගම්මු හරිය

    ReplyDelete
    Replies
    1. එව්ව මං ඩන්නෑ....-_-

      කැන්සර් එකට කියල තියෙන්නෙ ස්ටේටස් එකක් දාන්න කියල මගෙ වෝල් එකේ.... එන අය එයි...-_-

      Delete
  10. මල ගෙවල් කියන්නෙත් මළ වදයක් අප්පා..

    ReplyDelete
    Replies
    1. ඔව් අප්පා.... කොල්ලන්ටනම් මොකෝ... අපිටනෙ වදේ....:/

      Delete
  11. ඈ දැන් උයා යන්නෝද :/

    ReplyDelete
  12. අඩෝ සුපිරි ආහ්........
    ලියල තියෙන්නෙ දුක හිතෙන දෙයක් උනාට ඒ අස්සෙන් වදින උන්ට වදින්න ටිකාක් විතර ඔකු ඇනල තියනව!
    ෆට්ට !

    ReplyDelete
  13. මගුලකයි අවමගුලකයි වෙනස මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මඟුලෙ අඬන්නෙ සතුටට, අවමඟුලෙ අඬන්නෙ දුකට

      හැබැයි ඉතින් මටනම් ඔයදෙකේ වැඩි වෙනසක් නෑ...-_-

      Delete
  14. වට්ටක්ක ඩාන්ස් එක-මාර උපමාවක් තමයි අක්කි..හැබැයි ඔයා මේ වගේ කවිම ලියනවාට නම් ආස නෑ අය්යෝ..))))

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකේ අලුත් වෙනස ලස්සනයි,අර හොල්මන් බූත කලුපාටට වඩා..))))))

      Delete
    2. හී...හී.... ගොඩාරියක් ස්තූතී මගෙ චූටි මැණිකෝ....^_^

      Delete
  15. නිර්මාණය නම් ඉතාම ඉහලයි !
    මේ අර ගිණි ගන්නවා වගේ තිබ්බ බ්ලොග්
    එක නේද ? දැන් වෙනස් කරලා නිසා අඳුන ගන්න
    බැහැ ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක තමා.. වෙනස්කලා තුත්තක්...^_^

      ගොඩාක් ස්තූතී අයියෝ.....

      Delete
  16. මෙයාටත් හිතේන එවුවා. :)

    ReplyDelete
    Replies
    1. හී.....උම්ම්ම්ම්ම්ම්ම්ම්මා...^_^

      Delete
  17. හෙහ් හෙහ්... ලිවුවොත් ඉතින්...
    එත් නියමයි. ලයික්

    ReplyDelete
    Replies
    1. හී........^_^ සෝයි නේ මං.....????

      තැන්කූ මගෙ අයියෝ....

      Delete
  18. Replies
    1. මාත් මේ මොකා තෝරගන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ සැඩියෝ....:/

      Delete
  19. නියමෙට ම ගළපපු පද පේළියක්. තරුණ කාලේ මැරෙන එක සතුටක් ද? දුකක් ද? ‍හ්ම්ම්, ඒ කොහොම වුණත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එසේම වේවා ධාරා.... ගොඩාක් ස්තූතී... සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට...^_^

      Delete
  20. අඩේ දුක බේරිලා වැක්කෙරිලා යනවා අප්පා

    ReplyDelete
    Replies
    1. ආ හා අදන්නෙපා සුදු අයියෝ..........

      Delete
  21. හදිසි උවහොත් පසුව තැවේ.
    දෙයක් කිරීමට පෙර... හොදට සිතා තව වරක් සිතන්න

    ReplyDelete
    Replies
    1. මං බබී මෙව්ව ලිව්වත කලන්න යන්නෙ නැතෝ...................සාදරයෙන් පිලිගන්නවෝ...............................^_^

      Delete
  22. පලක්කු වුනාත සමාවෙන්න.... මගෙ මාමියටත් පව්ලේ සියලුම දෙනාටත් එසේම වේවා...!!

    ReplyDelete
  23. ඔච්චරම තමා
    ඩිංගක් හිටිං
    දාපූ පෝමලින්
    දියවෙලා යනකොට
    බදාගෙන අඩනවුන්
    නහය කට වහගෙන
    ගෙනෙහින් දායි වලට
    දොහ්.........

    ReplyDelete