Monday, January 14, 2013

උන්මාද ආදරී.....





හූ තියා ගත්තා
ඇය
ඇයටම

ඔහු විසින්
නිරුවත් කල
ඇගේ ආත්මයේ
නිරුවත
දැක
.........................................................


ආදරේ මායාව
මුසුකල
නුඹේ වල්මත්
චපලකම
විදහා ගිය
මොහොතක
මුවින් නැඟුනා වූ
“ආහ්“
ස්වරය

සුනුවිසුණු කලා
ජීවිතය

පවුකාර යැයි
මම
ගල් ගසන
නුඹ
අරුණෝද
නැඟුනු විට
දකීවී
නිරුවත

එවිට මාගේ
නිසල දේහය
අසාවී පැණයක්
නුඹෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සාන්තුවර ලෝගුව
පෙඟෙන්න ගැලුව

ලේ
මදිද....??
................................................................


46 comments:

  1. සුපිරි ශාස්ත්‍රියො...

    ReplyDelete
  2. ලස්සනයි නිපුනි !!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අයියෝ...^_^

      Delete
  3. සැගවුණ තේරුම සුපිරියි අග්නියෝ.....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අක්කෝ....^_^

      Delete
  4. පිස්සු හැදෙනවා ශෂී..මේ වචන ෂාහ් කියලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ගොඩාලියක් ස්තූතී පැතූ....^_^

      Delete
  5. කවිලියනව කියල නෙවෙයි බං මෙව්වට කියන්නේ..... පංහිඳෙන් වෙඩි තියනවා කියලා....

    ලෙසටම
    මේ කනට ගැහුවා වගේ ලියන
    කවිවලට මම පශ්ට ලයික්....
    ලියනව ට්‍රයි කරලා
    මමත් දවසක..
    මගේ මල් කවි
    තියල පැත්තක
    මෙහෙම කවියක්
    වෙඩිවගේ

    ReplyDelete
    Replies
    1. හලෙ අම්මූ..........:O

      හී.............^_^ ගොඩාලියක් ස්තූතී අයියෝ.........^_^

      මෙයා ලියන්නෙ මල් කයිලු....හික් හික්..;)

      Delete
  6. මේකනම් පට්ට පට පට ඈ! බොක්කටම වදින්න ලියලා තියනවා!

    ReplyDelete
    Replies
    1. ගොඩාලියක් ස්ටූටී නාඩි අයියෝ...^_^

      Delete
  7. අග්නියෝ ඔබ ඔබටම ආවේනිකව ගොඩනගාගත් ශෛලියකින් කියනා අදහස් හරිම ගැඹුරුයි. ඒ වගේම සුන්දරයි. මේක තමා ක්‍රමය. බොහෝ ඇසූ පිරූ ඇත්තන්ටවත් නොපෙනෙන ඉසව් ඔබ සොදුරු ලෙස කාව්‍යයට ග්‍රහණය කරගන්නා අයුරු විස්මය ජනකය. ඔබේ හැකියාවට සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අන්කල් හැමදාමත් වගේ දිරිමත් කරනවට.....^_^

      Delete
  8. කියෙව්වෙමි.. කොමෙන්ටුවක් කොටන්නට දෙයක් සෑහෙන්න වේලාවක් තිස්සේ කල්පනා කලෙමි.. මුකුත් නැත. එනිසා මුකුත් නොකියා යමි.

    ReplyDelete
    Replies
    1. අනී කමක් නෑ අයියො ඔයා බලපු එකම මදෑ...^_^

      Delete
  9. මේකටනම් නොකියාම බැරිය ෆට්ට!!!!

    Superb!!!!! මට වෙන කියන්න දේවල් මදි අග්නියෝ...

    ReplyDelete
    Replies
    1. ගොඩාලියක් ස්තූතී මගෙඅක්කෝ......^_^ :**

      Delete
  10. මං යනවා ටිකක් බීලා එන්න *( වතුර ) ......... මැක්සා ඇ .....

    ReplyDelete
    Replies
    1. හා හා හිලකලගන්නැටුව බීල එන්ඩෝ.......හික් හික්....

      ගොඩාක් ස්තූතී අයියො මේ පැත්තට ආවට සාදරයෙන් පිලිගන්නව.....^_^

      Delete
  11. අග්ලියෝ.. කෙළ ඟිලෙන්නෙ නෑනේ.. :O

    ReplyDelete
    Replies
    1. ඒ පවී හයියූ වටුල බොනව මෝදයො.....හලේ අල කෘතීම මෙව්ව එක ඩෙන්න වෙයිඩ....:O

      Delete
  12. කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවේ සහෝදරී! මේ කවිය ලිව්වෙ රිසානගෙ සිද්ධිය නිසා නේද! ඒක ගැන නම් මටත් කියන්න අම්බානක දේවල් තියනවා! නියමයි මේක නං!!

    ReplyDelete
    Replies
    1. නෑ අයියෙ රිසානගෙ සිද්ධිය නිසා නෙමේ....මේක ආදරේ කරපු කෙල්ලෙක් ගැන ලියපු කවියක්...ඒ සිද්ධිය ගැන මම මොකුත්ම කතාකරන්න ආස නෑ...:/

      ගොඩාක් ස්තූථී මේ පැත්තෙ ආවට....^_^

      Delete
  13. ලස්සනයි අග්නියෝ

    ReplyDelete
    Replies
    1. ගොඩාලියක් ස්ටූටී මගෙ අයියෝ...^_^

      Delete
  14. අඩේ මැවිලා පේනවා...පට්ට පටස් පටස්...ඈ...

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අයියෝ....^_^

      Delete
  15. ම්ම්ම්ම්ම්....ලස්සනයි මේක ... :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී ඔයාට.....අලුත් යාලුවෙක් වගේ....සාදරයෙන් පිලලිගන්නව ඔයාව මේ පැත්තට...^_^

      Delete
  16. සාමාන්‍යයෙන් මම කවි වලට ආස කෙනෙක් නෙවෙයි නමුත් මේක මගේ හිත හොදක් අදාල ගත්ත නිර්මාණයක්. ලස්සන අදහසක්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී කෝ....මහට්ටයෝ.....^_^

      Delete
  17. කවිකාර නුඹේ සිතට මම සුභ පතමි!මට නැති නුඹට ඇති ඒ කුසලතා තව තව වර්ධනය වේවා! පතමි!

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තූතී අක්කියෝ....^_^

      Delete
  18. මරණය නොවෙන වෙනස් අදහසක්.

    ReplyDelete
  19. පරිණතයි - දැනෙනවා...එල

    ReplyDelete
    Replies
    1. හප්පේ ඒමඩ........:ඕ....

      ගොඩාරියක් ස්තූතී අයියෝ....^_^

      Delete
  20. මගේ ළමා මනසට බරපතල වැඩියි වගේ... ඒත් තේරෙනවා. ගැඹුරුයි

    ReplyDelete
    Replies
    1. මෙව්වෑ තේරුම් හොයන්ඩ යන්ඩ එපා අප්ප......මෙව්වෑ දිගක් පලලක් මටත් හොයාගන්ඩ බෑ වෙලාවකට.......:/

      සාදරයෙන් පිලිගන්නව ඔයාව මේපැත්තට.....^_^

      Delete
  21. යාථාර්ථය එයම නොවෙද ....
    ලස්සනට අකුරු කරලා ....
    ජය

    ReplyDelete
    Replies
    1. ඩියර් ඩයරි......ගොඩාලියක් ස්ටූටී ඔයාට.....^_^
      ඔයාටත් ජයෙන් ජය!!!

      Delete
  22. aneee mta dan merenna oene kyla hithenwa. mgema aega keliwalata kadala kadala de gnna hithenwa. pastai :) pasuthevimi mulu diviya pura.

    ReplyDelete
  23. What a poem..!
    The meaning behind the poem is, extremely superb!

    ReplyDelete