Monday, October 29, 2012

මට නොහැඟෙන,ලියවුන කව.....




ආදරය සේ
වෙස්වලාගෙන
ගෙනා ආ මට
ජීවනාලිය
පෙවූ එය දිවි අරුත
එක්කල
කිඳුරු නිරිඳුන් නුඹඳ
සොඳුරේ


ආදරේ නෙක වර්ණ
දිලෙනා
සොඳුරු නුඹගේ කිඳුරු
දහනට
හොවාගෙන මා විසල්
මුතුවක
ප්‍රේම සයුරේ කිමිද
පතුලට


නිරිඳු හද දිනු රැජිණ
කරවා
පෑ සිනාවෙන් ලොවම
හිමිකල
සදා නොවෙනස් ම‘හිමි
දිනිදුන්
සමිඳ ඔබමද සමිඳ
ඔබමද.......?


...............................................................................................................



ප.ලි:- එකපාර ගැස්සිලා , නින්දෙන් ඇහැරිලා මේ ලියවුනේ මොකද්ද කියන්නනම් හරියටම තේරෙන්නෙ නෑ....මෙහෙම එකක් මේ ලියවුනාමද කොහෙද...
දැන්ම දාන්න නෙ කියල හිතුන.ෝ කස්ටිය කියන්නෙම
මරණය ගැන විතරමයි ලියන්නෙ කියලනෙ...

@අම්බානක හොම්මං වී...o.O





41 comments:

  1. රැඩිකල් වලින් බැහැරව .. මල් මල් කවියක්

    මොකෝ හීනෙන් මල් කුමාරයවත් දැක්කද ? නින්දෙන් ඇහැරෙද්දි මල් කවි ලියවෙන්නේ

    ReplyDelete
    Replies
    1. වෙඩිමක් කියනව හලේ......මාට්ලුකාව ඩක්කෙ නැඩ්ඩ......:/

      Delete
  2. අදයි ආ‍‍‍‍වේ ‍මේ දිහා‍
    රසයි කවිය ඔබ ‍ගෙනා

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී සිත්තරී අක්කෝ....සාදරයෙන් පිළිගන්නව ඔයාව මේපැත්තට....^_^

      Delete
  3. හේ හේ නිදගට්ට වෙලේ කාවද හීනෙන් දැක්කේ ඈ

    ReplyDelete
    Replies
    1. ටිං ටිං.....කාවඩ ඩැක්කලු තිං...හලේ.....^_^ ;)

      Delete
  4. කාලෙකට පස්සේ කවියක් ලියලා

    ReplyDelete
    Replies
    1. හී.....^_^ ස්ටූටී මගෙ අයියෝ....

      Delete
  5. ඔන්න නිපුණිටත් වෙනස් ඉසව්වකට පාර පැදිලා....හම් හම්...
    කොහොමටත් මේ කවත් ලස්සනයි...සැබැ වෙනසක් ද?...

    ReplyDelete
    Replies
    1. සැබෑ වෙනසනම් වෙලා ගොඩාරියක් කල්ලු.....ඒත් මම මෙහෙම කවි ලියන්නෙම නෑ කියල චෝදනා කරපු අයගෙන් එයත් එක්කෙනෙක්ලු......^_^

      Delete
  6. හොද වෙලාවට ඔහොම එකක් ලිව්වේ ,නින්දෙන් දැක්ක ඔක්කොම ලිව්වනම් කියවන අපිට මුකුත්ම නොතේරෙන්න තිබුනා ...

    ReplyDelete
    Replies
    1. හිකිස්....ඊට එහා ඩෙයක් ඩැක්කෙ නෑ රොබී.....මුකෝ මට ඈලුනානේ....;)

      Delete
  7. හ්ම්ම් ඔයගෙ අමුතු කවි (මරණයට)වඩා මෙක අපුරුයි ජය

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අයියෝ...^_^

      Delete
  8. මං බැලුවේ බ්ලොග් එක වෙන කාට හරි පවරලා කියලා, වෙන කෙනෙක් දාපු කවියක් කියල හිතුවේ. බැලින්නම් අන්ගියාමනේ ලියලා තියෙන්නේ, නියමයි නියමයි, විස්වාසනීය වෙනසක්...!!!

    ReplyDelete
    Replies
    1. හික් හික්...උයා බයවුනා නෙහ්...;)

      Delete
  9. Replies
    1. ගොඩාලියක් ස්ටූටී බණ්ඩූ......^_^

      Delete
  10. ඔන්න ඔන්න අග්නිකෙල්ලටත් හරි යාගෙන එනවද කොහෙදෝ....

    මරණ කවියට වෙනසක් වෙලා...ලස්සනයි පැංචියේ වෙනස්ම කවිය...

    ReplyDelete
    Replies
    1. හික් හික් ලිගිහින් ගොඩක් කල් අක්කෝ........ඔයාට ගොඩාරියක් ස්ටූටී....:**

      Delete
  11. අද හොදයි වෙනදාට වඩා හැබැයි වෙනදා එවාත් ගති.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අයියෝ......සාර බලන්න ආසයි....ඒත් දුවල යන්න ඇවිත් බලන්න බෑ මගෙ අයියෝ.....:‘( සමාවෙන්න..

      Delete
  12. කෙයාිල් වගේ උනානේ ඈ....වැස්ස හින්දද මන්දා...බලමු ආයිත් කියෝලා.....

    ReplyDelete
    Replies
    1. ටිං ටිං.....හික්....මං බබීම ටමයි හලේ....;) ^_^

      Delete
  13. නින්දෙන් ඇහැරිලා නින්දෙන් වගේ කවියක්..

    ටිකක් වෙනස්
    ගතියක් ඇත..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී මගෙ අයියෝ.....^_^

      Delete
  14. මාරක හීනයක් නොපෙනීම ගැන නම් සතුටුයි

    ReplyDelete
    Replies
    1. හී.....උයාට ගොඩාක් සටුටු ඇටි...මුකෝ ඩොක් කෙනෙක්නේ.....^_^ හා නැඩ්ඩ....

      Delete
  15. මාරම කලාවවක්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතී මගෙ අක්කෝ....සාදරයෙන් පිලිගන්නව ඔයාව...^_^

      Delete
  16. මේක ලියලත් දැන් සෑහෙන්න දවසක් වෙලානේ.

    ReplyDelete
  17. දිස් වන් ඊස් කාන්ට් බී අ පොයම් ඔෆ් නිසපු අක්කා..ඩී!

    ReplyDelete
    Replies
    1. කාන්ට් බිලිව් නෙහ්....පැටියෝ.....;) ^_^

      Delete
  18. වෙනස් විදිහක්.ලස්සනට ලියලා තියනවා.මොනව වුණත් නින්දෙන් නැගිට්ට ගමන් ලිය වෙන ඒවා හොඳයි වගේ.ජය!!!

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න හයානකයි අනී.....උයා වෙඩිමක් කියනව...මේක ටයිප් කරගට්ටෙට් බුදු ගේමක් ඩීල....:/ ;)

      Delete