Friday, August 3, 2012

සැනසීම......





නුඹ හිත
අරණ අභියස
පියගැට පෙල
පාමුල
සිඟන්නියකී
වෙසෙන අසරණ


යනගමන් ඉඳහිට

නුඹ මුවින්
විසික්වෙන


දයාබර වචනයක්

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.


අහුලගෙන පිං දෙන
................................................









ප.ලි:- ඔයාලට මාව අමතක වෙලාද දන්නෙත් නෑ අප්ප....බ්ලොග් එක පැත්ත පලාතෙ ආවෙත් සෑහෙන්න කාලෙකින්.............මේ එක්සෑම් එකක් නිසා මට පිස්සු හැදිල ආයෙ පිස්සු හැදෙනව අප්ප.....:‘(



76 comments:

  1. අගෝස්තු සිස්ස්ත්තෙවත් ලියනවැයි?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඩෙසැම්බර් ඕලෙවල් ලියනව......:/

      Delete
  2. පවු අසරණ හිගන්නි :))

    බුකියේ නිතරම ඉන්න උඹව එහෙමත් අමතක වෙනවද බං.

    ReplyDelete
  3. අනේ පව්!!! :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කීල වැදක් නෑ හලේ....:/
      සේම් ටු යූ සුදා....

      Delete
  4. එක්සෑම් තියෙන්නේ බුකියෙද හැබෑට....

    ReplyDelete
    Replies
    1. නැහ් නැහ්.....බ්ලොග් බැලුවෙ නැතිවුනාට තිං ඒකට එනව...එනව කිව්වට එන්න වෙනව....^_^

      Delete
  5. අන්න දෙපැත්තෙන් ගිණි ගන්නවා..

    ReplyDelete
  6. කොහොම අමතක කරන්නද ඈ..... :)

    ReplyDelete
  7. ගොඩ දවසකට පස්සේ වුනත් වෙනදා වගේම අදත් වෙනස්ම විදිහක කවියක්..ලස්සනයි නංගෝ...ආ ඔන්න අපිට නංගව අමතක නම් නෑ....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අක්කෝ.....^_^

      Delete
  8. "සිඟන්නියකී
    වෙසෙන අසරණ" පව් අප්පා ;ඩ්
    අක්කා මේපාර අප්සට් විබාගේ ලියනවද?? සුබපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. හෑෆූ කටාකලල වැදක් නෑ මල්ලෝ....:/

      Delete
  9. ඇති යන්තම් :)

    ReplyDelete
  10. මොකද්ද ඔය කියන විභාගේ ???

    ReplyDelete
  11. නුඹ මා පාමුල
    යදිනා පිගන බස
    සැමදේම
    එක්වර දී ඇත..

    එනමුදු
    අල්පයක් පමණින්
    තොල ගෑ...
    වදන් පෙල
    අල්පයි..
    සත්තයි. !

    ජිවිතය නම්
    දුෂ්කර නැත
    ආදරය නම්
    සංස්කෘත නැත

    තේරුම් ගැනිමටනම්
    අසමත් නුඹ...හ්ම්ම්ම්
    තවමත් එතන සිටිනවා !
    තවමත් හඬා තැවෙනවා !

    ReplyDelete
  12. හොඳට පාඩම් කරන්ඩෝ නංගෝ ......:)

    ReplyDelete
  13. මෙයාගේ පාඩම් කිරිල්ල පේනවා බුකියේ.. සෑහෙන ඉගෙන ගන්නවා වගේ... :)

    ReplyDelete
  14. ඒක තමයි මටනම් අමතක වෙලා තිබුණේ.ඒත් මම බැලුවා කවුද කියලා.ඔය එක එක්කෙනාගෙන් හිඟාකෑම පැත්තකටදාලා පොත්වලින් හිඟාකන්න පටන්ගන්න..


    නයිස් වන් ..............:D

    ReplyDelete
    Replies
    1. ආපූ.....අපි බඩගින්නෙ මලත් හිඟාකන්නෑ හලිඩ......;)

      ටැංකූ අයියෝ......

      Delete
  15. උඹ නේද අර නාසා එකෙන් පහල ගම කුඹුර හාන වෙලාවෙ එතනින් ගිහිපු මී හරකෙක් පිං ලිඳකට වැටුණාම ඒක දැකපු එකෙක් අනිත් උන්ට කියන්න යද්දි මී අඹ ගහක් උඩ හිටියෙ ඈ? හහ් හා.. ඒකනෙ කියන්නෙ.. මට අමතක වෙයිද එහෙම..?? හූ ඈ.. ;)
    …මොනා උනත් අර ඒකාකාරී මාතෘකාවෙන් පිට පැනල වෙනසකට ගියාට ප්‍රණාමය මගෙන් ඈ... :)

    ReplyDelete
    Replies
    1. අනී ෆල ෆල........පී
      පිෂ්ෂුඩ...........මොනා වෙතත් “මරණය“ අතාරින්නෙ නෑ......^_^

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. ම්ම්ම්...
    කවිය නම් මරේ මරු...

    ReplyDelete
  18. ලස්සනයි අග්නියෝ :)

    ReplyDelete
  19. ම්ම්ම්.... කාලෙකින් නාවට අපට එහෙම නඟාව අමතක වෙනවැයි...!!!

    ReplyDelete
  20. හිඟාකන රස්සාවට බැහැලද?.. ඒක තමා මේ ටිකේ වැඩිය පේන්න නැත්තෙ... :)

    ReplyDelete
  21. ඔක්කොම ඉවර වෙලා එන්න. අලුතෙන් පිස්සු හැදෙන්න දෙයක් නැහැ නේ..??

    ReplyDelete
  22. කවිය හයිකු වුණාට අදහස නම් හයිකු නැහැ. ඒතරමටම ගැඹුරුයි.

    ReplyDelete
  23. මං හිතුවා දීගේකවත් ගියාදෝ කියල.

    ReplyDelete
    Replies
    1. හික් පිස්සු හැඩෙයි ඒනම්......^_^

      Delete
  24. හෆ්ෆා.. බ්ලොග් නොලිව්වාට බුකියෙනම් කරක්ගහනවානෙ නිතරම? :D පිස්සු කෙල්ල.. පාඩම් කරන්න...

    ReplyDelete
  25. බ්ලොග් ඒකට කුඩම්මාගේ සැලකිලි නේද......!!
    බුකියේ විනාඩි 5න් 5ට අප්ඩේට්...
    බුකියේ ඉදන් එක්සැම් ලිව්වම පික්සු තමා

    ReplyDelete
  26. කවියනම් නියමයි....මැරෙන කවි නැතුව වෙනස් විදියකට හිතලා...හරිම ලස්සනයි නංගා....පාඩම් කරන්න හොදේ...

    ReplyDelete
    Replies
    1. හී...හලි මගෙ අක්කෝ....තැන්කූ...^_^

      Delete
  27. හෆ්ෆේ, අගෝස්තු වලට පස්සේදැයි ඩිසේම්බර්? දැන්මම ඉදන් පාඩම් වැඩද...හී හී හොදයි හොදයි

    ReplyDelete
  28. සිත අරණ අභියස
    පිය ගැට පෙල පාමුල
    වෙසෙන සිඟන්නියේ

    ඉඳ හිට විසික් වෙන
    වචනයක් වෙනුවෙන් බලා නොසිට
    බලනු මැනවි පොතක් පතක්
    අත ලඟයි විභාගය නුඹේ..

    Nice creation nanga. මම නම් මේ බ්ලොග් එකට ආවෙ පලවෙනි වතාවට.
    All the best for your exam..:)

    ReplyDelete
    Replies
    1. සාඩරයෙන් පිලිගන්නව අයියෝ ඔයාව මේ පැත්තට.....^_^

      Delete
  29. කාලෙකට පස්සේ තමයි.. දැන් කොහොමද විභාගේ වැඩ කටයුතු.. ඉදල හිටලවත් පොස්ට් එකක් දාන්න බලමු..
    __ජය__

    ReplyDelete
    Replies
    1. හෑෆූ ආන්න එපා......:/

      තෑන්ක්ස් අයියෝ.......^_^

      Delete
  30. ඔයාගේ හොදම කවිය.. වචන නෑ!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ නංග පැට්ටෝ.......^_^

      Delete
  31. මාර කවියක් වගේම මාර තේරුමක් මටනම් දැනුනා. ඇත්තටම මේ කවිය ගැන ගොඩක් දේ මට හිතට දැනෙනවා....

    ක්සැන්ඩර් | Xander

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ.......:)

      Delete
  32. මටත් දැනුනොය.එළය

    ReplyDelete
  33. අසරණ හිඟන්නී.....පව්...

    එක්සෑම් හොඳ ට කරන්න, ගුඩ් ලක්!!!

    ReplyDelete
  34. ලස්සනයි නංගෝ...බ්ලොග් එකට ආවෙ පලවෙනි වතාවට.

    ReplyDelete
    Replies
    1. ස්තූතී අක්කේ සාදරයෙන් පිලිගන්නව...

      Delete