Thursday, June 7, 2012

ආ..මෙන්න...






අරං ගලවල 
දමල ගැහුවා
වැරෙන් වදිනට
ගඟේ පතුලට

පාවි පාවී
ආව ආයෙත්
රබර් බෝලයක්
වාගේ උඩටම

පාව පලයං
ඕනෙ අහකට
අයිති නෑ දැන්
මගේ හද
උඹ

ඉන්නවානම්
ඕනෙ 
කවුරුත්
කර්ණි,කෝෂික
ශිරා,ධමනී
ගනින් ගලවල
නුදුරු දිනකදි
උගන්නන්නට
පොඩි එවුන් හට
මේන් මේකයි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

විරහ හදවත
................................................................





78 comments:

  1. නංගි කෑලි කෑලි ගලවලා එහෙ මෙහෙ විසි කරන්නේ නැතුව උඹේ ඔය මුළු අස්ථි පන්ජරේම භාර දීපන් මෙඩිකල් කොලේජ් එකකට .....:P

    ReplyDelete
    Replies
    1. හික්ස්...හොඩ අඩහසක්....^_^

      Delete
    2. ඔව් ඔව්... එක තමා... හැබැයි නම දැක්කම ගනීද ඩ්දන්නෙත් නෑ ඒවයෙනුත් දුම පිටවේය කියල

      Delete
  2. ඇහිඳගෙන මම
    නුබේ හදවත
    බැලුව මොහොතක්
    ගඟෙ දිය දෙස

    කස කසා ගඟ
    අතින් තම හිස
    පවසුව මට
    මෙන්න මේ ලෙස

    තේරුමක් නැති
    බේරුමක් නැති
    අරුම පුදුමයි
    මලේ ඔය දෙය

    වීසි කරපන්
    හුඟක් ඈතත
    මහ භයානක
    නපුරක්ය ඔය

    ReplyDelete
    Replies
    1. ම්ම් ම්ම්....ඒකට් ඇත්ත...^_^

      Delete
  3. ඇයි අප්පා විරහව ගැනම විතරක් ලියන්නේ හැමෝම :-/
    (මාද ඇතුළුව :P)

    ReplyDelete
    Replies
    1. ඒකටලම් ඩැනෙන රසඩෙයක් ටියෙනවඩ හලේ.....;)

      හැබැයි ඕව ලිව්වට මට අඩාල නා...:)

      Delete
  4. මට මතක උනේ අර "ප්යිරෙට්ස් ඔෆ් ද කැරිබියන් "ෆිල්ම් එක

    ReplyDelete
  5. නියමයිනේ අග්නි කෙල්ලේ...ඇත්තටම හරිම ලස්සනයි... විරහ හදවත

    ReplyDelete
  6. ලස්සනයි අග්නි...ලස්සනම ලස්සනයි....

    ReplyDelete
  7. හිත ගලවා විසික් කර හදවතේ කොටස් බෙදිම ගැලපෙන්නෙ නැහැ නේද බොල..

    සිත යනු හෘදය නොවේමය..

    ReplyDelete
    Replies
    1. ආහ්...ඔව්නේ...ඉන්ඩ අයියෝ හඩන්නම්....ටැන්කූ.......^_^

      Delete
  8. ඔයාගේ බ්ලොග් එකේ අනිත් ඒවාට වඩා විශේෂයක් තියනවා .. අනේ මන්ද .. මම ආසයි.. ලස්සනයි.. :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී අක්කියෝ....^_^

      Delete
  9. විරහව හොඳා කවු ගී ලියන්ට...හැබැ හිතේ හිරකොරන් ඉන්ට නාකයි

    ReplyDelete
    Replies
    1. ම්ම් ම්ම් ඒකට් ඇත්ත....^_^

      Delete
  10. අයියෝ පපුව.... විසික්කා නේද? :)
    පට්ටයි අග්ලියෝ කයිය..

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  11. කවුදෝ විසික්කල
    තුවාල කල
    හදවතක්
    අරමුණක් නැතුව
    ඔහේ ගලා ගිහින්
    නතර වෙලා
    ඉවුරක,
    හිත් සනසන...

    ReplyDelete
  12. අනේ මේකි ලියන්නෙම මූණට දමල ගහන්නා වගේ කවිමනේ..... :(((

    ReplyDelete
  13. හා.හා.හා.......අපි නම් විසි කරන්නෙ නැහැ මලාට...! :D

    ReplyDelete
  14. මගේ අම්මියෝ :ඔ
    ආයේ පිස්සුවක් ඇතැ, ඉවසපන් අපි නම පපුව කියල ඉවසනවා විසික්කොරන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. හික් හික් ඒම ටමයි ඉන්නෝනෙ.....;)

      Delete
  15. අතීසාරෙට
    අමුඩෙ ගහන්නේ
    මොකද මොඩියේ
    බොළද අයුරින්

    පීනපං ගග දිගේ දැන්
    අල්ල ගන්නට
    විසිකරපු එක
    තියා ගං තිබ්බ තැන
    ඕනි වෙන දවසක
    එලියට ගන්නට

    වැඩක් ගත්තේ නැතත් උඹ
    ඔහේ තියං හිටු
    කවදා හරි එකෙක්
    වැඩක් ගනී ඕකෙං

    එදාට උඹම
    උඹේ දරුවන්‍ට
    කියාල දිය
    මේන් මේකයි
    මගේ හදවත...

    ReplyDelete
  16. \\ඉන්නවානම්
    ඕනෙ කවුරුත්
    කර්ණි,කෝෂික
    ශිරා,ධමනී
    ගනින් ගලවල
    නුදුරු දිනකදි
    උගන්නන්නට //

    හෆ්ෆා මස් කඩේ මතක් වෙනවා :)
    ලස්සන කවියක්

    ReplyDelete
    Replies
    1. ආහ් දැන්නේ දැක්කේ බ්ලොග් රෝලෙනුත් අයින් කරලා සින්ඩියේ කෝඩ් එකත් අයින් කරලා.
      හ්ම්ම්ම්........ආහ් අවුලක් නැහැ ජය වේවා!

      Delete
    2. සින්ඩියෙනුත් අයින් කරන්නකො පුළුවන්නම්......:)

      Delete
    3. නංගි මදුරුවෝ අපිට විද්දට අපි මදුරුවන්ට විදින්නේ නැහැ. :)..

      Delete
    4. මාත් කොහොමත් මදුරුවො මරන්නෙ නෑ.දවස් දාහතරයිනෙ ජීවත්වෙන්න පින තියෙන්නෙ මදුරුවෙක් වෙලා හරි....:)

      Delete
  17. පරිස්සම් කරලා තියා ගන්න ඕනේ...

    ReplyDelete
  18. හඩවට ඉල්ලා... නොලැබුණු විටඩී!

    ReplyDelete
    Replies
    1. හික් හික්...අපූ මං ලිව්වට ඔම නම් නා හොඩේ.....^_^

      Delete
  19. මං දාපු කොමෙන්ටුව නෑනේ...

    ReplyDelete
    Replies
    1. ආහ් ඉන්ඩ අයියෝ ස්පෑම් වෙලාඩ ඩන්නෑ........

      Delete
  20. පිස්සු කරනවා..මෙච්චරකල් තනි රැක්ක හදවත ව එහෙමත් පිටුවහල් කරනවද.. ප..ව්

    ReplyDelete
  21. විරහව යනු ප්‍රේමයේම උච්චයයි. කවුරු කෙසේ කීවද ප්‍රේමයේ තරම දැනෙන්නට විරහවක් පැමිණිය යුතුමය.

    ReplyDelete
  22. ඔන්න ඊලග සිලබස් එකේ ඉදන් අලුත් පාඩමක් තියනවලු ළමයන්ට....විරහ හදවත

    ReplyDelete
    Replies
    1. හික් හික්...මෙයා පිත්තු කියනව....^_^

      Delete
  23. ඈ මෙන්න කිව්වට කෝ නෑනේ :D

    ReplyDelete
  24. මේ මොකෑ එකපාරටම හිත දියේ ගිල්ලවලා තියෙන්නේ. හෑ හෑ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මගෙ හිටට මොකුට් වුනේ නා....

      Delete
  25. හිත ගලවා විසික් කර."
    විසික්කා කලොත් මම අහුල ගන්නවා... ඔන්න අග්ලි විසික් කරනවානම් අපිට කියලා හරිය..

    ReplyDelete
    Replies
    1. ආ....හලි හලි...හික් හික්...^_^

      Delete
  26. කවිය එල ය නංගි...

    ReplyDelete
  27. මරු ඈ... පිත්තු හැදීගෙන එන ලක්ෂන පෙන්නුම් කොරනවා... :D

    ReplyDelete
    Replies
    1. හික් හික්....හයියූ මත කෝමට් පිත්තු හලේ ගනන්ගන්ද එපා....^_^

      Delete
  28. මැක්සා කවිය. මට මතක් වුනේ ස්කොලේ තියන අර බෝතල් වල දාපු ශරීර කොටස් සෙට් එක

    ReplyDelete
    Replies
    1. අන්න ඒම ශීන් එකක් මටක්වුන නිසා ටමයි මේක ලියවුනේ පැතූ....^_^

      Delete
  29. පහරක්නේ කවීය අග්නි නංගෝ

    ReplyDelete
  30. ශරීර කොටස් ගිණුම හර
    පටක බැංකුව බැර
    R

    ReplyDelete
  31. මේ..ඕක වැඩිය ගලවල දෙන්න යන්න එපා....කවුරුහරි සින්න කර ගත්තොත් එහෙම

    ReplyDelete
  32. කාලෙකට පස්සේ මම ආවා මේං කෑලි ගලෝගෙන

    ReplyDelete
  33. නියමයි කවිය නගෝ...ඒත් ඇයි මේ ? :)

    ReplyDelete
    Replies
    1. මොකුට් නෑ අක්කියෝ....කවියක් ඉටලමයි...^_^

      Delete
  34. නියමයි කවිය නගෝ...ඒත් ඇයි මේ ?

    ReplyDelete
  35. බොහොම දරුණු විදිහට විරහව දෝරේ ගලනවා......ඇත්තටම මොකෝ වුණේ?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මොකුට් වුනේ නෑ.....ඕක ලිව්ව ඉටලයි....:O

      Delete
  36. අරං ගලවල
    දමල ගැහුවා
    මලක් පිපුණා
    මල පරවුනා...

    උත්තරය: ගිනිපෙට්ටිය


    පාවි පාවී
    ආව ආයෙත්
    රබර් බෝලයක්
    වාගේ උඩටම

    උත්තරය: ලෙදර් බෝලය


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    හේ හේ..අනිත් ඒවාට නම් උත්තර නෑ හොදේ...ඒත් මොකෝ අවයව ටික කොටස් කරේ...?

    ReplyDelete