Thursday, May 31, 2012

සිත්තරා.......





දැන් දවස් තුනක් වෙනව.දාහක් පාටජාති පින්සල් බ්‍රෂ්  අතරෙ මං තාමත් සුදු කොලයක් ඉස්සරහ තනිවෙලා.කොහොම අඳින්නද  කියල හිතාගන්න බෑ.

“මේක මහ බොරු වැඩක්..“

මං හයියෙන් මේසට ගැහුව.මේසෙ උඩ තිබ්බ පාට බෝතල් සේරම එකපාර හෙල්ලිලා ගිහින් යාන්තමට විසික්වන තීන්ත බින්දු මේසෙට අලුත් රටාවක් එකතුකලා.
ආයෙත් වතාවක් මං හෙමින් සැරේ හිතන්න මේසෙට ඔලුව ගහගත්ත.පැත්තට හැරිල,ඉස්සර බලන් ඉඳල,බැරිමතැන මේසෙ උඩටත් නැග්ග.මේසෙ යට බිම හීතල කලුවරේ පැය ගානක් ඉඳගෙන කල්පනා කලා.

“මට තේරෙන්නෑ නිරුධා ඔයාව චිත්‍රෙකට ගන්න.මං හරි අසාර්ථකයි. මට හිතෙන කිසිමදෙයක් අඳින්න බැරි හීනෙකින්වත් හිතෙන්නැති දේ ඇඳෙන,ඔයත් හරියට නිකන් මේ සුදු කොලේ වගේ..
හිතන්න දේවල් ගොඩක් තියෙනව.ඔයා දිහා බලාගෙන.සැලසුම් කරන්න පුළුවන් දාහක් දේවල්,ඒත් ඒ හැමදේම ඔයා වෙනස් කරනව.හරි ලස්සනට..ඔයාට ඕනෙ විදියට.අනේ ඒ ඇයි නිරුධා..??

“පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්..නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්..
ආවාට නොකියාම ජී“....

“කියන්න නිරු...“

“මොනාද දෙසවන්..ඔයා දැන් දවස් තුනක් තිස්සෙ ඔය අඳින විකාරෙ...?“

“හික්ස් විකාරයක්ද මන්ද බබෝ මටත් හිතාගන්න බෑ“

“ඔයා මාවත් අමතක කරල දවස්ගානක් තිස්සෙ චිත්‍රෙකට ඔයතරම් මැරෙනව දැක්ක පළවෙනි වතාව දෙසවන්.ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නෙ ඔයාට.....“

“මේ චිත්‍රෙ මට හුඟක් වැදගත් නිරූ...චුට්ටක් කල් දෙන්න...“

“ඔයාට මටත් වඩා වටින දෙයක් තියෙනවද දෙසවන්....“..???

“නිරූ මේ අහන්න බබා“.....

ඔයාට කේනිති ගිය හැම වතාවෙමවගේ මම කියන කිසිම දෙයක් අහන්නෙත් නැතුව ඔයා ෆෝන් එක කට් කලා.වෙලාවෙ හැටියට ඒක ලොකු උදව්වක් නිරූ...

කොහොමද නිරූ ඔයාව මං චිත්‍රෙකට ගන්නෙ.?? ඔයාගෙ කේන්තිය,ඔයාගෙ හිනාව,ඔයාගෙ රැවිල්ල,නෝක්කාඩු බැල්ම.අනේ මන්ද මට පිස්සු වගේ නිරුධා...මං පිස්සුවෙන් වගේ ආදරේ කරන ඔයාගෙ කිසිම දෙයක් මට චිත්‍රයකට ගන්න බෑ..

මේ වැඩේ හරියන එකක් නෙමේ...මේ චිත්‍රෙ මට කවදාවත් අඳින්න බෑ නිරුධා...දන්න සේරම සෙල්ලම් දැම්මත් මට ඇඳෙන්නෙ පාට ගොඩක් එකට උලපු බලි කුරුටුවක් විතරයි...
හැබැයි ඒක ලස්සනයි.....

දවස් ගානක් තිස්සෙ කට්ට කාල අන්තිමේදි චිත්‍රයක් වෙලා තිබුනෙ මාවමයි .හැම තැනම තීන්ත නාගෙන ඉන්න මාව දැක්කම මටම හිනා යනව.ආයෙත් පාරක් මං සුදුකොලේ දිහා ටිකක්වෙලා බලන් ඉඳල ඒ චිත්‍රෙ අඳින් එක හිතින් සම්පූර්ණයෙන්ම අතෑරල කාමරේ දොරත් වහගෙන නාන්න ගියා..






හැමපාරම වගේ මාව දිරිමත් කරපු සාතන් අයියට ගොඩාක් ස්තූතී...^_^



78 comments:

  1. ලියවිල්ල හොඳයි!
    සමහරුන්ට ආදරේ ලස්සනම ලස්සන චිත්‍රයක් වෙනකොට කෙනෙක්ට ඒක බලිකුරුටුවක්. තවත් කෙනෙක්ට ඒක නිකංම නිකං හිස් සුදු කොලයක්. නරකම දේ ආදරේ චිත්‍රයට නඟන්න උත්සාහ කරන සිත්තරා විකට කාටූන් චරිතයක් වීමයි!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ.....පළවෙනි උත්සහය....:)

      Delete
  2. මරු... අදරේ අගක් මුලක් හොයාගන්න බැරි පිස්සුවක් තමා

    ReplyDelete
    Replies
    1. ම්ම් ම්ම් ඒකනි....

      ගොඩාක් ස්තූතී අයියෝ......

      Delete
  3. නගෝ, මේකේ තව තියෙනවද ඉවරද??

    මේ අර ලියන්න ඕන ඒත් බෑ බෑ කිය කිය හිටපු කතාවද? නියමයි නියමයි.. ලියමු..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ අයියෝ මෙටනින් ඊලයී.....

      හලි හලි ලීමුකෝ...ගොඩාක් ස්ටූටී අයියෝ.....^_^

      Delete
  4. ආදරේ කියන්නෙ පිස්සුවක්ද?.. ඒක කවදාවත් ඇඳල ඉවර කරන්න බැරි චිත්‍රයක්ද?

    හොඳ උත්සහයක්, ජය ..

    ReplyDelete
  5. /ආයෙත් පාරක් මං සුදුකොලේ දිහා ටිකක්වෙලා බලන් ඉඳල ඒ චිත්‍රෙ අඳින් එක හිතින් සම්පූර්ණයෙන්ම අතෑරල කාමරේ දොරත් වහගෙන නාන්න ගියා../

    වැඩේට අවශ්‍ය හැම දේම ළග තිබිලත් උත්සාහය අත්හැරීම කණගාටුයි.. ආදරය කියන්නේ සුදු හිස් කොලයක් නං ඒ කොලේ මොනව හරි - බලි කුරුටු, චිත්‍ර - ඇදල අපිමයි පාට කරගන්‍න ඕනි.. එහෙම නැතුව සුදු හිස් කොලයක් විතරක් තිබුනොත් එතන මොකුත්ම නෑ.. " - හිස් - "

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් ඒකට් ඇත්ත.....

      ගොඩාක් ස්තූතී අයියෝ.......^_^

      Delete
  6. මමත් ඔය වැඩේ ඔය විදියටම කළා.. :/

    ReplyDelete
    Replies
    1. අනී තිං මුනා කලන්නඩ හලේ.....:(

      Delete
  7. //“මට තේරෙන්නෑ නිරුධා ඔයාව චිත්‍රෙකට ගන්න.මං හරි අසාර්ථකයි. මට හිතෙන කිසිමදෙයක් අඳින්න බැරි හීනෙකින්වත් හිතෙන්නැති දේ ඇඳෙන,ඔයත් හරියට නිකන් මේ සුදු කොලේ වගේ..
    හිතන්න දේවල් ගොඩක් තියෙනව.ඔයා දිහා බලාගෙන.සැලසුම් කරන්න පුළුවන් දාහක් දේවල්,ඒත් ඒ හැමදේම ඔයා වෙනස් කරනව.හරි ලස්සනට..ඔයාට ඕනෙ විදියට.අනේ ඒ ඇයි නිරුධා..??//

    හැම දෙයක්ම වෙනස් වෙන ලෝකෙක නිරුධාගේ නොවෙනස් ලස්සනක් චිත්‍රයකට අදින්න ගත්ත අසාර්ථක උත්සාහයක්ද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම් ඒ වගේ ටමයි.....

      Delete
  8. දිගක් පළලක් නැති අගක් මුලක් නැති ගැඹුරක් හොයන්ඩ බැරි ආදරේ විසල් චිත්‍රයකට නගන්න කොරපු අපුරු උත්සහය...

    හැබ ඔය ආදරේ කියන වචන වලට මිනුමක් දෙන්ඩ උත්සහ කොරන්ඩ එපා කවදාවත් එහේම උනොත් ඒ ආදරේ නෙමේ ආත්මාර්ථය....

    ReplyDelete
    Replies
    1. ගොඩක් වටින උපදේශයක් අයියෝ.....

      ගොඩාක් ස්තූතී.......^_^

      Delete
  9. හොදයි හොදයි..නයි කයිද ආර්ට් කිව්වලු ...හොද නිර්මාණයක් ..අග්ලි නගේ...

    ආදරයේ උණුසුම ලග දුක දැනෙන්නේ නෑ.... දුක් කරදර නැති දවසක දුර පෙනෙන්නේ නෑ
    ජිවිතයේ හැමදාමත් සැප රැදෙන්නේ නෑ ....සිනහ වේවි සිනහවෙවී කල්ගෙවන්න බෑ....

    ReplyDelete
    Replies
    1. ම්ම් ම්ම් ඒකනි ඒකනී....

      ටැන්කූ අයියෝ...^_^

      Delete
  10. හොඳ අදහසක් අග්නි අක්කේ :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී මල්ලියෝ...^_^

      Delete
  11. හිතෙන හැමදේම චිත්‍රයකින් අදින්න පුලුවන් නන්.......

    ReplyDelete
  12. ලස්සනයි නිසපු අක්කා.. හැබැයි දෙබස් ලියාපු අකුරු ලොකු වැඩිද මන්දා.

    ReplyDelete
    Replies
    1. අහ් එහෙමඩඩ පැටියෝ....හලි මං බලන්නම්.....

      ගොඩාක් ස්තූතී පැටියෝ......^_^

      Delete
  13. ආදරෙත් වෙලාවකට චිත්‍රයක් වගේනේ...කතාව ගොඩක් ලස්සනට ලියලා තියනවා අග්නි....

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී අක්කියෝ.....^_^

      Delete
  14. යථාර්තය රූපයකට මවන්න බැරි චිත්‍රයක්ද ආදරය.......

    කථාවනම් හරිම ලස්සනයි අග්නි..

    ReplyDelete
  15. අවකාශය පරිකල්පනය කිරීමේ දෘශ්ටි විවාදාත්මක විභේදනය - චිත්‍රය.
    bla bla bla bla bla bla bla bla bla bla - ආදරය.

    එකකට එකක් ලම්භකව හරස් ඉරි දෙකක් ඇන්ඳ නම් සිත්තරා ඉදිරියේ එයාගේ ආදරණීය නිරුධා සජීව විද්‍යමානවෙයි මං හිතන්නේ.අගේ කරන්න පුළුවන් නිර්මාණයක් අග්නි.හිතන්න දෙයක් දීලා එක පාරටම නැවතෙන කතාවලට මං ගොඩක් කැමතියි.මේකත් ඒවගේ ලස්සන කතාවක්නේ ..ජය!!!

    ප.ලි : මගින් නැවතෙන හැම කතාවක්ම ලස්සන නැහැ.අර 'මිලා' වගේ ටෙලිනාට්‍ය...

    ReplyDelete
    Replies
    1. හපොයී..........මට නිකන් කැරකිල්ල වගේ අයියෝ....
      හිතට අල්ලපු නිර්මානයක් නිසා ගොඩාක් සතුටුයි....^_^

      මං ටීවී බලන්නෙ නෑ.....අඩුමගානෙ නිව්ස්වත්.......:(

      Delete
  16. අදහස නියමයි!!! අර කිව්වත් වගේ කෙලෙල්ක්ව චිත්‍රෙකට ගනන් එක ලෙසි වැඩක් නෙවෙයි නෙ? :)

    ReplyDelete
    Replies
    1. ආයෙට් අහල.......
      ටැන්කූ අක්කෝ....^_^

      Delete
  17. ආව් ආ...ව්....
    මෙයත් දැන් කතා ලියනවා නේ... ^_^

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ෂැබෑ වෙනෂක්........^_^

      ටැන්ක්ස් අනී....උයාටට් එසේම වේවා...!!

      Delete
  18. මෙන්න කතාවක් ලියල. බෑ බෑ කිය කියනේ හිටියේ. නියමයි කතාව ශෂීයෝ. තව පාරක් බොක්කෙන්ම උත්සාහ කලොත් දෙසවන්ට නිරුධව අඳින්න බැරි වෙයිද. ?

    ReplyDelete
    Replies
    1. බෑ පැතූ.........:)

      ටැන්කූ හලේ............^_^

      Delete
  19. මම නම් සුදු කොලෙත් ගුලි කරල කුනු කූඩෙට දැම්මා...:D:D

    ReplyDelete
  20. අන්තිමේදී එහෙනම් කතාවකුත් අග්නි ලිව්වා එල එල ජය වේවා ඈ.
    දිගටම මේ වගේ ඒවත් ලියයි කියලා හිතනවා.

    ReplyDelete
  21. හරිම සතුටුයි !!!! ඔක්කොම හොදටයි !!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී අයියෝ....^_^

      Delete
  22. හෆ්ෆේ කතාවක් දකින්න ටියෙන අමාරුව! සෝක් ඈ...

    ReplyDelete
    Replies
    1. හයියූ.....ඇට්ටඩ අනී.....
      තැන්කූ අයියෝ......^_^

      Delete
  23. ඉස්සර මැරෙන්න ම හැදුව දැන් කවි නවත්තල කතා ලියනව වගේ.. ජය !

    ReplyDelete
    Replies
    1. අපූ.....මලට් මං ඒක නවට්ටන්නෙ නා.....මේ තූති වෙනසකට...^_^

      Delete
  24. කවි එපා වෙලාද??:P
    ආදරය කියන්නෙ ඇඳල ඉවර කරන්න බැරි චිත්‍රයක් !

    ReplyDelete
    Replies
    1. අපූ නෑ හලේ...මලට් කවිය නවට්ටන්නෙ නාමයි......

      ඇත්ත ඇත්ත...
      තැන්කූ අයියෝ...^_^

      Delete
  25. අයියෝ කොල්ල ගේම අතෑරලා නේ... චිත්‍රයක් අඳින්න බැරිනම් මං වගේ පොඩි කවි කෑල්ලක් ලිව්වා නම් හරි නේ...;)

    ReplyDelete
    Replies
    1. තිං මෙයා සිට්ටලෙක්නෙ හලේ.......:)

      Delete
  26. නිකන් තේරුනේ නැහැ වගේ .. හැම දෙයකටම දිරිය අරගෙන චිත්‍ර අඳින්න.

    ReplyDelete
  27. සියුම් තෙලි තුඩඟ
    දැවටෙමින් නිබඳ
    සොයා නුඹ රුවම
    ගොළු කලේ හදම..

    කඩදාසියට කොටු වුණ ආදරයකට වඩා හදවතින්ම ආදරයේ චිත්‍රය අඳිනවනම්...
    ලස්සන කෙටි කතාවක්..
    සුබ පැතුම් අග්නි..!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අක්කියෝ......^_^

      Delete
  28. ලස්සනයි නංගියා සුබ පැතුම් දිගටම ලියන්න හොදේ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ.......^_^

      Delete
  29. ඔන්න මමත් ආවා අග්නිගේ පැත්තේ ඇවිත් යන්න . දැන් පාර දන්න නිසා එන්න පුළුවන්.

    හැබැයි හිතේ ඇඳෙන හැම සිතුවිල්ලම චිත්‍රයට අඳින්න බෑ. ඒවගේමයි මේකත්.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතී සර්...සාදරයෙන් පිලිගන්නව මේපැත්තට.....:)

      Delete
  30. සුජීවගේ නවකතාවක් වගේ කරන්ධ නම් එපා.තව ටිකක් මහන්සි උනොත් ඔයාට ඒවගේම ලියන්ඩ පුළුවන් වෙඊ. :පි ඩෙක වසරේනම් නෙවෙඉ වගේ නේද ?

    ReplyDelete
    Replies
    1. නෑ හලේ ඩෙකවසලෙ නෙමේ....:)

      මට ඒවගේ ලියන්න ඕනෙ නෑ.... මොකද ඒවිදියට එතුමා ලියනවනේ...ඒ හොඳටම ඇති...^_^
      ගොඩාක් ස්තූතී මේපැත්තෙ ආවට...

      Delete
  31. ඔය ලියල තියෙන්නේ ටිකක් හිතන්න දෙයක්.. එල එල.. ඔහොම ලියන්නකෝ මෙයා..

    ReplyDelete
    Replies
    1. ගොඩාලියක් ස්ටූටී අයියෝ.....^_^

      Delete
  32. කුජීතයි චාටර් මේ කතාවේ තේරුමක් තියේද ආදරය ගෑව්වේ නැත්තම්? මූනට කෙලින් කියන්න බැරි හින්දයි මෙහෙම කියන්නේ :)

    ReplyDelete
    Replies
    1. ඔයා මට මූණටම කිව්වනම් ඇත්තටම මං මේ කියපු දේගැන හිතනව...සත්තයි....:)

      මොකද මං කියන ඕනෙමදෙයක් අම්ම අප්පච්චිට වුනත් කෙලින් මූණටම කියන නිසා.....

      Delete
  33. ලස්සන කතාවක්..

    ReplyDelete
  34. අනේ මන්ද මටත් තේරුණා හොරයි වගේ... හැබැයි අඳින්න බැරි උණත් මම ගොඩක් ආසයි මොනා හරි චිත්‍රයක් (වගේ එකක්) අඳින්න :)))

    ReplyDelete
    Replies
    1. හයියූ කමක් නෑ අක්කියෝ........^_^

      Delete
  35. අදමයි ගොඩ වැදුනේ මේ පැත්තට. දිගටම එන්නම්කෝ හොදේ

    ReplyDelete
  36. ස්ටූටී අක්කියෝ....සාඩලයෙන් පිලිගන්නව ඔයාව මේ පැත්තට...^_^

    ReplyDelete
  37. අහ්හ් !!! කවි ලියනවා වගේම හොදට කතාත් ලියනවනේ...

    බොහොම ඉක්මනින් තවත් නිර්මාණයක් රස විදින්න බලාගෙන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ගොඩාලියක් ස්ටූටී හලේ....^_^

      Delete
  38. අපිත් ආසයි චිත්‍ර අදින්ඩ...පුලුවන්නම් ටිකක් කියලා දෙන්ඩ හොදේ... ම්ම්ම්...ඉතින් මේ...

    "හැම තැනම තීන්ත නාගෙන ඉන්න මාව දැක්කම මටම හිනා යනව.ආයෙත් පාරක් මං සුදුකොලේ දිහා ටිකක්වෙලා බලන් ඉඳල ඒ චිත්‍රෙ අඳින් එක හිතින් සම්පූර්ණයෙන්ම අතෑරල කාමරේ දොරත් වහගෙන නාන්න ගියා.."

    නාන්ඩ ගියා කිව්වේ ආපහු තීන්ත නාන්නද? හික්ස්...

    සුපිරි කතාව...ගොඩාක් ආසාවෙන් කියෙව්වා...!

    ReplyDelete