Tuesday, March 20, 2012

සුනාමි....





මෙතුවක් කල්
ලස්සනට ජීවමානව
සංවර්ධනය වෙමින්
තිබුනු මගේ
හදවතට

 දවසක් දා
හදිස්සියෙන්
නොහිතපු 
මොහොතක
ඇවිත් ගියා
සුනාමියක්

සුන්බුන් දිහා
බල බල
සුනු විසුනු වෙලාගිය
මගේ ලස්සන
හදවතේ
කෑලි එකතු කර කර
මං දැන් අසරණව
ඇවිදිනව
මගේ හිත
උඩම

කිසි දෙයක්
නොවුන වගේ
හෙමින් ඇවිත්
වෙරළ සිපගන්න
නිසංසල මුහුද දිහා
බලාගෙන

විදේශ ආධාර
ඇවිත්
මං දන්නෙත්
නැහැ

මං තාමත්
නිසොල්මනේ
මුහුද දිහා
බලාගෙන

මාස ගානකින්
ආයෙත් සේරම 
යථා තත්වෙට
පත්කරල

විදේශ ආධාර

මං දන්නෙත්
නැහැ

මං තාමත්
නිසොල්මනේ
මුහුද දිහා
බලාගෙන

දැන් හිතේ
පාලනය
සම්පූර්ණයෙන්ම
කරගෙන යනව
විදේශ ආධාර
හරිම ලස්සනට,
කලින් තිබුනටත් වඩා
වැඩියෙන්

මං පොඩ්ඩක්
ඇහැ අරගෙන
මොහොතකට
සයුරෙන්
හැරිල බැලුව
මගෙ හිත දිහා

කදුළු ආව
ඇස් දෙකට
ඒතරම් ලස්සනයි
.
.
.
.
.
.
.
.
.
.
.
.

 සංවර්ධිතයි
දැන් මගේ
හිත
...........................................................




43 comments:

  1. විදේශ ආධාර
    හරිම ලස්සනට,
    කලින් තිබුනටත් වඩා
    වැඩියෙන්

    නියමයි.....

    ReplyDelete
  2. විදේස ආධාර නම්
    ආරථීක සුනාමිය
    නුඹේ හිත
    වනසාවි දෙවන වරටත්
    සත්තයි නුඹ
    නොනැගිටියි ආයෙත්
    කවම දාක වත්
    නුඹේ නමින්
    කිසිවකුන් ඇතිව
    හඩාපන් ඉතින්
    වෙරලට වී
    මැරී ගිය නූඹේ
    සිතුවිලිවලට පින්දී
    කියාපන් ලොවට
    සොයදෙන්නට
    නූඹට නූඹම

    ReplyDelete
    Replies
    1. ඊ....ඇයි අයියෝ මේ....?????...:O

      Delete
    2. මට හිතුන දේ ලිව්වා නංගෝ
      ඔයාගෙ නිසදැස් ලස්සනයි.
      වෙනම ආරක්......

      Delete
    3. තෑන්ක්ස් අයියෝ....:/

      Delete
  3. දැන් කාගෙන්ද ඔය විදෙස් ආධාර ලැබුනේ.. ඒක කියමු බලන්න ඉස්සෙල්ලා..

    විදෙස් ආධාර කිවුවම මට මරු කතාවක් මතක් උනා.. දවසක ලියන්නම් ඒක.. ආයෙම අමතක උනොත් මතක් කරනු මැනවි.. :)

    ReplyDelete
    Replies
    1. හික්ස්.....
      මට කාගෙන්වත් වදෙස් ආධාර හම්බවුනේ නෑ අයියෝ......:)

      හලේ ලියන්ඩෝ....මතක්කලන්නම්.....

      Delete
  4. සුනාමි නම් මොනවද
    පුංචි වතුර පාරක් ආවත්
    ගෑණු හිත් වලට
    විදේශාධාර ඇති පදං
    සල්ලි නොගෙනම
    තට්ටු ගොඩනැගිලි බඳින
    උද්‍යාන සරසන
    සේවකයොත් ඇති පදං

    දවසක් දා එකියක්
    මගේ හිතට අතෑරියා
    න්‍යෂ්ඨික බෝම්බයක්
    ඇහැට නොපෙනන
    පුංචි කෑලි හැම තැනම
    කවුරුත් නෑ උදව්වට
    මම තාමත් එකතු කරනවා
    ඇහැට නොපෙනෙන
    හදේ කෑලි
    ආසයි මං ආයෙමත්
    හදාගන්න මගේ හිත
    අනේ ඉතිං
    අපිට කොයිද
    විදේශාධාර!

    ReplyDelete
    Replies
    1. ආසයි මං හුස්මගන්න
      ආයෙත් පාරක්
      ඉන්නවාද කෙනෙක්
      දෙන්න
      හුස්ම මට බිඳක්.....

      මං සෑහෙන්න කාලෙකට ලියපු කවියක් මතක්වුනා අයියෝ....:/

      Delete
  5. විදෙශ් ආධාර වලින් ප්‍රවේසම් වෙනු :D

    ReplyDelete
    Replies
    1. හිකිස්....
      හලේ යන්ඩ හලේ යන්ඩ...:)

      Delete
    2. එන්න අපි අපිට බ්ලොග් සින්ඩිය වෙත
      www.api-apita.blogsopt.com

      Delete
    3. ඊ...මේ මොකඩ්ඩ හලේ මේ....:O

      Delete
  6. හලීම ලස්සනයි...!!! නංගත් මාර කවිනේ ලියන්නේ...

    ReplyDelete
  7. ලස්සන කවියක්..!:)

    ReplyDelete
  8. විදේශ ආධාර ගහන් කෑවේ නෑ නේද??:p

    ReplyDelete
  9. ඇත්තමයි නියමයි, අමුතුයි, අපූරුයි! ඔය මගේ අදහස්වල සාරාංශය.. කවි අතර කැපිල පේන කවියක්!

    ReplyDelete
  10. ගොඩාක් ස්තූතී යාලූ.....:)

    ReplyDelete
  11. ලස්සනයි හරිම

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූථී මගෙ අක්කෝ.....^_^

      Delete
  12. ශා.. මාරම අදහස්නෙ...:O ගති.. කෙටියෙන්ම කිව්වොත් සුපිරියි!!!

    ReplyDelete
    Replies
    1. හලේ තුන්කූ මගෙ අක්කෝ....^_^

      Delete
  13. විදේශ ආධාර....
    දුන්නට වඩා දෙයක්
    පසුවට ලබා ගන්න
    ඇමක් විදියට දෙන අයිසිං කේක් එක

    ඇම ගිල්ල දාකට
    වමාරනු නොහැකිව
    කෙඳිරි ගානා විටක
    වැටහේවි කෙතරම්ද දේශීය මනුස්සකම

    ඔයානම් අමුතුම අදහස් තියෙන කෙනෙක් එල ආ

    ReplyDelete
  14. මං තේරුම් ගත්තේ වෙන විදිහකටද මන්දා :(

    ReplyDelete
    Replies
    1. ඔයාට ඕනෙ විදියකට තේරුම්ගන්න හලේ.....:)
      හොකඩ මේක කවියක්නේ.....^_^

      Delete
  15. වෙනස්ම පැත්තකින් හිතල....එළකිරි....

    ReplyDelete
  16. අර කිවුවත් වගේ, අනේ ඉතිං අපිට කොයිද විදේශාධාර!
    මොනවා උනත් ලස්සන අදහස් ටික..

    ReplyDelete
    Replies
    1. ඔයා අද නේද මේ පැත්තට ආවේ......
      සාදරෙන් පිලිගන්නව යාලූ....:)

      හලේ මොනා කලන්නඩ හලේ....:/

      Delete
  17. කියවල ටික දවසක් වෙනවා අදයි කමෙන්ට් කලේ.

    සිරා නිසඳැස්.අමුතු ක්‍රමයක් දැනෙනවා ඔයාගේ පොස්ට් වල

    ජයෙන් ජය.

    ReplyDelete
    Replies
    1. හලේ...ගොඩාක් ස්ටූටී අසර් අයියෝ...^_^

      Delete
  18. විදේශ ආධාරනම් එපා... අම්මෝ දෙතුන් පාරක්ම මට විදේශාධාර හම්බුන නිසා මං දන්නවා රඟේ... අන්තිමේ අපි රට වල ඉන්න වීසාත් ඉල්ලනවා...

    ReplyDelete
  19. This comment has been removed by the author.

    ReplyDelete