Monday, February 13, 2012

"..........."




මාත් 
ටික කාලෙකට ඉස්සර
දැකපු කවියකට
පිස්සුවැටිල
ඒ කවිකාරයව
හොයාගෙන 
ගියේ නැත්නම්
මගෙ හිතට විතරක් 
නෙමෙයි
මගෙ ගතටත් 
අද
කිසි ලෙඩක් දුකක්
නැහැ
................................
හැබැයි මං
.
.
.
.
.
.
.
.
පසුතැවෙන්නෑ

................................................................
(පූර්ණිමා)





මේ කියන දේට උඩ නිසඳැසේ කිසිම සම්භන්ධයක් නෑ....
ඇත්තටම පෙබරවාරි 14 තවත් එක දවසක් විතරයි......ඒත් කෙල්ලෙක් නිසාද මන්ද,ඒ දවසගැන ලස්සන ලස්සන හැඟීම් ගොඩක් තියෙනව....මම හිතන්නෑ කවදාවත් කිසිමකෙනෙක් තමුන් ආදරේකරන කෙනාගෙන්
තමාව තේරුම්ගැනීම හැරෙන්න වෙන කිසිමදෙයක් බලාපොරොත්තුවිය යුතුයි කියල...
ඇත්තම ආදරේකට ඊටවඩා කිසිම දෙයක් අවශ්‍ය නෑ.
ඒත් අද ලස්සන දවසක්.....ආදරේ කරන හැමෝටම,අද දවස ගතකරන්න ගහපු ප්ලෑන් එක වගේ හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

මේ අවුරුද්දෙ තනියම සමරන අයට ඉක්මනට ආදරවන්තියෙක් හෝ ආදරවන්තයෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.



HAPPY VALENTINES DAY!
................................









30 comments:

  1. කවියට වගේම මම අර යටින් දාපු විස්තරේටත් ගොඩක් කැමතියි..

    ReplyDelete
  2. ඔන්න ඔහෙ අපි බ්ලොග් එකක් කියවගෙන දවස ගෙවල දාමු බන් ;)

    ReplyDelete
    Replies
    1. හානේ...ඔයා ඇවිල්ල....
      ඔව් අනේ වෙන මොනව කරන්නද...
      ගොඩක් සතුටුයි මේපැත්තෙ ආව එකට.....

      Delete
    2. ඔව් ඔව්... ආපහු කවි කියවන්නයි ලියන්නයි හිතාගත්ත... විසෙන් විස නසන්න යන්නෙ මේ පාර ;)

      Delete
    3. අන්න එහෙමනෙ ඉන්න ඕනෙ....:)

      Delete
  3. මේ නිර්මාණයෙන් සුබ පැතුව වගේම ඔයාටත් සුබම සුබ මෙව්ව එකක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. හානේ....ඔයාටත් එසේම වේවා....!

      Delete
  4. අපිත් කවිකාරියන්ට පිස්සු වැටිලා හිටපු කාලයක් තිබුනා. එත් ඒ එක්කෙනෙක් එක්කවත් වැලන්ටයින් සමරන්න නම් බැරි වුනා.
    සාතන් ලොක්කා කියනවා වගේ අපිත් ඔන්න ඔහේ බ්ලොග් එකක් කියවගෙන ඉමු...

    (ඔයාගේ කවි හරි අමුතුයි හැමදාම වගේ.)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී පැතුම්....
      හැපි වැලන්ටයින්ස් ඩේ හොදේ......:)

      Delete
    2. වැලන්ටයින් නම් තනියම තමයි ඉතින් සමරන්න වෙන්නේ. අවුලක් නෑ. ඔයාගේ සුබ පැතුම ලබන අවුරුද්දටවත් වලංගු වෙන්නේ නැතෑ

      Delete
    3. අයියෝ කමක් නෑ අනේ හැමදාම වගේ මාත් තනියම තමයි සැමරුවෙ....ඉක්මනට ඔයාට හොඳ කෙනෙක්ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව....

      Delete
  5. උඩ නිසඳැස නම් ලස්සනයි..

    ReplyDelete
  6. සමහර දේවල්...............එහෙම තමයිලු........(sigh)

    ReplyDelete
  7. තනිකඩ ජිවිතේ මට සතුටක් ගෙන එනවා.(නිලියක් පත්තරේකට කියල තිබුනා)

    ReplyDelete
  8. දැන් ඔයාට මොකක්ද තියෙන ලෙඩේ!:PPP
    ලව් සික් 1 ද??:DD

    ReplyDelete
    Replies
    1. හාපෝ නෑ.....පිස්සුද.....හික්....:)

      Delete
  9. ලස්සන බ්ලොග් එකක්නේ මේකත් මං අදමයි මේ පැත්තේ ආවේ.මං හිතන් හිටියේ නිසපු කිව්වම කොල්ලෙක් කියලා :).ඒත් දැනුයි දන්නේ මේ නංගි(අක්කෙක්ද දන්නෙත් නැහැ) කෙනෙක් කියලා සොරි හොදේ.මං කවි ලියන්න නම් දන්නේ නැහැ ඒත් ලියලා තියෙන ඒවා කියවන්න ආසයි.ඒක නිසා දිගටම මේ පැත්තේ එනවා.ලස්සනට කරගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී...මේපැත්තෙ ආවට...සාදරයෙන් පිලිගන්නව.....මං හිතන්නෙ මං නංගියෙක්...:)

      Delete
    2. හයියෝ ඩෙයියනේ කියල කියල එපාවෙලා තියෙන්නෙ....:(
      මම 93නේ........................:/
      හරියන්නෑ...වයසත් ඩාන්නවෙයි වගේ......

      Delete
  10. හරිම ලස්සන නිසදැසක් නංගෝ.. මම අද තමා මේ පැත්තට ගොඩ වුනේ.. :) ජය වේවා

    ReplyDelete
    Replies
    1. හලේ....තැන්කූ ප්‍රා....අක්කී.....:*

      Delete
    2. හලේ.. ඔයා මට කථා කරන්නෙත් මගේ යාළුවෝ මට කථා කරන විදියටමයි.. හී හී

      Delete
    3. ඉටින් හලේ....ඩන්න ඩවසෙ ඉඩලමාට් ඔයාට කටාකලේ ඒමනෙ...මටකට සිත් පාවඩේ.......:(

      Delete
  11. ලස්සනයි නංගෝ....

    මම අදයි මේ පැත්තට ඉස්සල්ලම ආවෙ!! ඔයා නම් දග හුරතල් කෙල්ලෙක් වගේ :)

    ReplyDelete
  12. හානේ...ගොඩාක් ස්තූතී අයියේ....සාදරයෙන් පිලිගන්නව ඔයාව....:)

    ReplyDelete