Tuesday, February 7, 2012

...........

දුකට තනියම
හිනා වෙන එක
කල්පනා කරන එක
වෙලාවකට මාර
ආතල් නේද?


ආතල් එකේ
හොඳේ නිසාම
නැවැත්තුව අපේ
ගෙදර උන් මාව
අංගොඩ

ලෙඩේ
කල්පනා කිරීම
තනියම
වෙලාවක් කලාවක්
නැතුව
බලාගත්ත අත ඔහේ
බලාගෙන
කටින් වචනයක්
කතා නොකර

ආසාවට


පිංසිද්ධ වෙන්න
අපේ ගෙදර
එවුන්ට
අතගගා යකඩ කූරු
කිසිම බාධාවක්
නැතුව
වෙලාවක් කලාවක් නැතුව
නැතුව
ඔහේ බලාගෙන
කරගෙන යනව මම
මගේ වැඩේ

කල්පනා කිරීම

මොනව ගැනද?
මොනව ගැන හරි


අනික් එවුන්
උන්ගෙ ලෝකවල
නටනව
සෙල්ලම් කරනව
සිංදු කියනව
රණ්ඩු වෙනව
යාළුවෙනව
ඉඹගන්නව
මරාගන්නව
හිනාවෙනව
තමන්ගෙ ලෝකවල
තම තමන්ට කැමති විදියට
ජීවත් වෙනව

මං
ඔහේ බලාගෙන
අතගගා යකඩ කූරු
තනියම කල්පනා කරනව
දවල් රෑ නැතුව

මොනව ගැනද?
මොනව ගැන හරි

දුන්නම කනව
කිව්වම නිදාගන්නව

“කිසි කරදරයක් නැති
පේෂන්ට් නේද...?“

මට ඇහෙනව
නර්ස්ල කියනව

උංට පිස්සු

මංන්නෙ දන්නෙ
මට කොච්චර
කරදරද කියල
.
.
.
.

.
.
.
.
මගෙන්ම

...........................................................



13 comments:

  1. අනේ මට දන්න කෙනෙක් කියල නෙවද ඇයි මේ පොස්ට් එකේ සමහර තැන්වල වචන අළුපාට කියල...හතර සැරයක් අලුතෙන් ටයිප් කරල බැලුව ඒත් හරියන්නෙ නෑ....:(

    ReplyDelete
  2. පෝස්ට් එකේ වචන ටික විතරක් කොපි කරල edit post එකේ HTML edit එකට paste කරල බලන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියේ....හරියටම හරිගියා....:)

      Delete
  3. කියවද්දී වචන missing වෙලා කියල තේරුනා. එත් පේන වචන වලින් වුනත් එල කවියක් කියල කියන්න පුළුවන්..

    ඔයාට හැමදාම හිතෙන්නේ අමුතු අමුතු ඒවානේ.....

    ReplyDelete
    Replies
    1. ඔන්න දැන් හැදුවෝ.......
      ගොඩාක් ස්තූතී ඔයාට.....
      කොහෙද අනේ ගිහින් හිටියෙ.....?

      Delete
  4. ප්‍රශ්නයක් ආවම ඔච්චර හිතන්න දෙයක් තියේද?
    එකම විසදුම "අති විශේෂ"
    ක්ෂණික විසදුම්!:D

    ReplyDelete
    Replies
    1. හාපෝ...ඒ ඔයාලනේ.....:)
      හැබෑට ඒකෙන් විසඳෙනවද....?නෑනේ....තාවකාලික අමතකවීමක් විතරනෙ වෙන්නේ....:)

      Delete
  5. එතකොට දැන් නිසපුත් පිස්සියෙක්ද?......අඩේ මරු අප්ප...

    ReplyDelete
    Replies
    1. හිකිස්....
      හැබැයි තාම අංගොඩනම් ගියෙනෑ.....

      Delete
  6. මෙයා මේ මොනවා ගැනද කල්පනා කරන්නේ මෙච්චරම.. එක්කෝ ඕන නෑ.. ඒ ගැන හිතන්න ගියොත් අපිටත් මෙයා වගේම තමයි ඉන්න වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අනෙ අම්මෝ...ඒගැනනම් හිතන්න එපා....

      Delete
  7. මේකනම් භයානකයි වගේ...........කට්ටිය සෙට් වෙලා අංගොඩ ට්‍රිප් එකක් යමුද ? මිනිස්සු ගැන ඉගෙන ගන්න තියන හොඳම තැන් දෙකෙන් එකක්නේ ......
    (අනික 'හිරේ '):(

    ReplyDelete