Friday, May 3, 2013
හෘද සාක්ෂියට එරෙහිව ආත්ම වංචාව......
තිස්තුන්වෙනි වතාවටත් මම වටපිට බැලුවේ කුටිය තුලට රිංගා ගැනීමට මා අසල කවුරුවත් නොමැති බව සැක හැර දැනගැනීමටය. ඉතා පරෙස්සමින් හෙමින් සීරුවෙ හඬක් නොනැඟෙන්න පරණ ලී දොර විවෘත කලෙමි. විදුලි බුබුල දල්වා යලිත් වතාවක් බියෙන් බියෙන් මුළු කාමරය පුරාවට මගේ දෑස් ගෙන ගියෙමි.විදුලි බුබුලෙන් විහිදෙන මලානික එළියත්,හිරු එළියක් නොවැටෙන නිසාවෙන් තිබූ පුස්ගඳත්,දූවිලි තට්ටුවකින් පිරී ගිය ලී පොලවත්,මට කාමරය තුල මහත් අපහසුතාවයක් ජනිතකරවීය.
ඇඳක්,මේසයක් සමඟ පරණ තාලයේ පුටුවකුත්,කණ්නාඩියක් සහිත පෞරාණික ලී අල්මාරියකුත් හැර මෙම කාමරය පුරාවට තිබූ හිස්බව එම අපහසුතාවය දෙගුණ තෙගුණ කරවීය.
මේ එළිය මදි යැයි සිතුනු හෙයින් කලබලයෙන් මේසය වෙත ගොස් මේස ලාච්චුව විවර කර ඉටිපන්දමක් හා ගිණිපෙට්ටියක් සොයාගත්තෙමි.වෙව්ලනා දෑතින් ඉටිපන්දම දැල්වුවෙමි.ඇසිල්ලකින් මතක්වී පසෙකින් තිබූ නානකාමරයද හොඳින් සෝදිසි කලෙමි.ඉටිපහන් එලියෙන් මැවුනු ගුප්ත සෙවනැලි මා තව තවත් බියජනක කරමින් කාමරය පුරා අද්භූත බව විහිදුවාලනලදී
“නිකම්ම එළියට අරගන්න බෑනේ..“
කඩිනමින් අල්මාරියවෙත ගිය මා, කීරිගැස්සෙන සියුම් හඬක් නංවමින් අල්මාරි පියන් විවෘතකර,ඝණකම් බ්ලැන්කට්ටුවක් ගෙන දූවිල්ලෙන් පිරුණු ලෑලි බිම මත ඇතිරුවෙමි.කලකින් ඇවිස්සුනු දූවිලි, රටා මව මවා ඔහේ අවකාශයේ පාවිය.කැස්සක් ආ නමුත්,පිටතට ශබ්ධය ඇසේ යැයි බියෙන් අයාසයෙන් එය සිරකරගතිමි.බියෙන් බියෙන් නැවතත් වටපිට බලා හීන්සීරුවෙ ගත රැඳි සීත කබාය ඉවත්කොට මම මගේ ඇඟ තුලින් ඇයව එලියට ගත්තෙමි.
දවස පුරාවටම මඟේ ඇඟතුල, නලියමින්,තෙරපෙමින්,වැලපෙමින්,විඳවමින් සිටි ඇයව,මම හීන්සීරුවෙ බ්ලැන්කට්ටුව මත දිගාකලෙමි.
“පවු අසරණී...හෙම්බත් වෙලා හොඳටම..“
දෑස් විවරකර අවට බැලීමටවත් නොහැකි තරම් ඇය දුර්වලය.යාන්තම් විවරකල දෙනෙත් තුලින් කඳුළු නොනැවතී කඳුළු ගලන්නට විය.තුවාල පාරවල්,කැපීම්,හීරීම් තුලින් නිල් වූ ඇගේ සිරුර අභියස මා දණින් ඇදවැටුනි.
“මැරියං යකෝ මැරියං......“
ආයාසයෙන් සමච්චල් මුසු සිනාබැල්මක් මාවෙත හෙලූ ඇය නැවතත් දෑස් තදින් පියාගත්තාය.බියට පත්වී දහඩියෙන් තෙත්වූ මගේ ගත වෙව්ලන්නට පටන්ගත් අතර දෑසින් කඳුළුකැට කඩාහැලෙන්නට විය.
“දෙයියනේ මේකිට මෙච්චර හයියක් කොයින්ද?“
පිළිතුරක් නොලැබෙන මුත් මම මගෙන්ම ප්‍රශ්ණ කරන්නට විය. එකවරම ඈ හුස්මගන්නා රිද්මයේ වේගය වෙනස්විය.ඔව්... ඈ පණ අදින්නට විය.
“ඇති යාන්තන් දැන්වත්....“
බිය දෙගුණ තෙගුණ වූ මම බිම වැතිරී සිටි ඇය අසලින් ඉවත් වී මේසය අසලට බිම දිගේ ඇදී ගියෙමි.මේස කකුලක් අල්ලාගෙන බිත්තියට අතක් තබා තදකරගනිමින් ඊළඟට සිදුවීමට යන දෑ දරාගැනීමට මගේ සිත ශක්තිමත් කරගත්තෙමි.....
“හරි... මං ලෑස්තියි...“
මා ඇයට ඇසෙන්නට පැවසුවෙමි. වේගයෙන් හුස්ම ගනිමින් යලිත් මාදෙසට හිස හැරවූ ඇය ආයාසයකින් නඟනා පුරුදු සමච්චල් සිනාවම මගේ දෙසවන් තුලට රිංගවා ලේ නහරයක් නහරයක් ගානේ බියෙන් උලුප්පා දමන ලදී.... හුස්ම ගැනීමේ රිද්මය සාමාන්‍ය විය.යලිත් වරක් ඇය මා රැවැට්ටුවාය. භීතිය ජනිත කරමින් ඇගේ හිනා හඬ කාමරය තුල රැව්දෙන්නට විය. ඇය ලේසියෙන් මා අත්නොහරින බව මට වැටහුණි.
මා තවත් ප්‍රමාද වන්නේ නැත.......හිත දැඩිකොට ගත් තීරණයෙන් මා නැගී සිටියෙමි.
මතු සම්භන්ධයි.......
(ඇත්තටම මේකෙ ඉතුරුටික ලියන්නද...?? වැඩි කොටස් ප්‍රමාණෙකට යන්නෙ නැහැ. ඊළඟ කොටසින් ඉවර කරන්නයි හිතාගෙන ඉන්නෙ.කවියට තරම්නම් දක්ෂ නැහැ... ඒ වගේ මට ලියවෙන්නෙත් නැහැ.... අඩුපාඩු මොනවද, වැරදි මොනාද කියල පෙන්වල දෙන්න පුළුවන්නම් ලොකු උදව්වක්....)
Saturday, March 16, 2013
අවසන් කැමැත්ත....
ශික්....
තියන්න පුළුවන් වුනානම්,
අපෙ අම්මටම
මේ
වේල් එක...
නැකතක් එහෙම
බලල
ලස්සනට....
මොනා කරන්නද....
හදිස්සි වුනානෙ
මං....
මං මාර ලස්සනයි
හලෝ....
සිරාවටම...
නැතත් මේකප්
ඉස්ස ෆෝමලින් වලට
අල්ලයි දවස්
දෙක තුනක්
හම
යාන්තන් කලුවෙලා
විතරක්
ඊට පස්සෙ දාපු
සෙන්ට් එක
පට්ට ඈ....
වලත් සුවද ගහයි,
යනකම් දවස්
දෙකතුනක්....
කට්ටිය සේරම
ඇඳගෙන ඇවිත්
වයිට්ම
හරියට ප්ලෑන් කරපු
විදියටම
මගෙ වෙඩිමෙ
තීම්
කලර් එක
සෙටිබැක් එකක් නැතත්....
මේ තියෙන්නෙ යකෝ,
ලස්සනට....
හතර වටෙන් ගහල
මල්
දාල
ලයිට්
දිලිසි දිලිසි මගෙ
මිනී පෙට්ටිය
නෙදකින් කාලකන්ණි....
යකෝ මේ මම
මැරිලත්..
ඉන්නව මාර
ආතල් එකේ
මුන් සේරම එකට
අඬාගෙන ඇවිත්
මෙතන
කනවනෙ
සීන් එක
සතුටු වෙයල්ල
යකුනේ...
නිදහස් මං දැන්
අර මල
කාලකන්ණි
විඳවිල්ලෙන්
නොනැග්ගත් මංගල පෝරුවේ
මං...
ඉටුනොකලත් මගුල්
චාරිත්‍ර
එකක්වත්....
අවසන් ගමන්
යනව මං...
මනමාලියෙක් වෙලා,
අපේ ගෙදරින්
නොඑන්නට ආයෙ
සදහටම...
හදාගනිල්ල හිත
වුන දේ
සේරම
හොඳට......
හරි හරි පලයල්ල...
දැන් ගිහන් දාපල්ල
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වට්ටක්ක
ඩාන්ස් එක...
..........................................................................
Saturday, March 9, 2013
ඇහෙනවද.......
මල නොතලා
හිත තලලා
විසික්කලා
මල තැලිලා
.......................................................................
ගෙන එ පර
මල
රාග මකරන්ද
පුරවා දමා
ඉතිරෙන්න
කෘතීමෙන් හැඩ
පාට
කවාලා නිසි
ලෙසටතබාලා වීදියේ
කොනක
සළෙළු බඹරුන්
ඇදෙන
හෝරාව ආ විගස
මත් බඹරු
පැමිණ
රිසිසේ මලක්
උදුරන්
සුර සැප සොයා
යන
සිඹ වැරෙන්
තොල්පෙති
ඈත්කර
මල්පෙති
තඹර විල
කළඹවා
ජීවිතය
දිය කරන
පෙරලගෙන
පැද්දෙන
තාල අල්ලන
කෙඳිරිය
ඇසෙන විට
සුවයට
ඹබර නෙත්
අඩවන් වන
ඇසුනාද මා සබඳ
යටින් ඒ
කෙඳිරිය
මරණයක් අයදිමින්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සුසුම් ලන
“ගැහැනියක්“
...........................................................................
ප.ලි:- බ්ලොග් එක වෙනස්කලගන්න උඩව් කලපු සාතොටයි තරු අයියටයි
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ඈ.........^_^
Sunday, February 17, 2013
දෙවියන් වහන්ස.......
ද්‍රෝහියා
නුඹ
ගිල්වා ගඟෙහි
ආදර
පොඟවා දමා
ජීවිතය
මිරිකා ඉවත්කර
මගෙන්
මාවම
මරා නොදමා
එලෙසම
ගසා දමලා
ලෙසටම
එල්ලුවා වැලක
සුදු කොඩියක්
විලස
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
වැලහින්න නමින්
මා
බෞතීස්ම
කර
...............................................................
ප.ලි:-අනේ කාටහරි කියන්න පුළුවන්ද ඇයි මම ගොඩාක් කාලෙකට කලින් ෆලෝ කරපු සමහර බ්ලොග්
ආයෙමත් අලුතෙන් ෆලෝකරන්න වෙලා තියෙන්නෙ ඇයි කියල.
මට අප්ඩේට් එන්නෙ නැහැනෙ හරියට
:‘(
.
.
.
.
.
.
වැලහින්න නමින්
මා
බෞතීස්ම
කර
...............................................................
ප.ලි:-අනේ කාටහරි කියන්න පුළුවන්ද ඇයි මම ගොඩාක් කාලෙකට කලින් ෆලෝ කරපු සමහර බ්ලොග්
ආයෙමත් අලුතෙන් ෆලෝකරන්න වෙලා තියෙන්නෙ ඇයි කියල.
මට අප්ඩේට් එන්නෙ නැහැනෙ හරියට
:‘(
Monday, February 4, 2013
උපේක්ෂාවෙන්....
හිතක ගින්දර
අවුලුවා මම
දැල්වු පහණට
ඇදෙන පළඟැටි
රෑන දෙස
මම
බලාගෙන හිඳ
උපේක්ෂාවෙන්
රකිමි
මුනිවත
..............................................
තවත් කණාමැදිරියෙක්
මේ දවස්වල
රෑට රෑට
කැරකෙනව ආයෙත්
මගෙ වටේට
නට නට
“හිතන් ඇති
ඌ
මං රැවටෙයි
කියල
ආයෙත්“
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
පස්ස පැත්තෙන්
පෙන්නන
හඳ එළියට
...............................................................
ප.ලි:- ශම්මි අක්කගෙයි මහී අක්කගෙයි බ්ලොග් වලට මට යන්න බැරියෝ......:‘(
ඇයි කියල දන්නෙ නැතෝ..........
Friday, January 25, 2013
සැනසුම් සුසුම්........
සරාගී සිත
විරාගීකර
දැහැන් ගතකර
මෝක්ෂ සුවයට
හිතයි මනසයි
එකතු නොවුනට
අමාවක දා
සිදුවු වරදට
කෝටියක් ගන්ධබ්බ
සිතුවිලි
පාවුනත් හිත්
අහස් මඬලේ
ගැබ් දරන්නට කවියකින්
පිං
මදිවුනාටද
රිදුනෙ මෙතරම්
.......................................................................
ලියා අවසන
ඒ කව
කඩා දමමින්
පෑන් තුඩ
සුසුම් හෙලුවා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කන්‍යාවියක්
.........................................................................
ලියා අවසන
ඒ කව
කඩා දමමින්
පෑන් තුඩ
සුසුම් හෙලුවා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
කන්‍යාවියක්
.........................................................................
Monday, January 14, 2013
උන්මාද ආදරී.....
හූ තියා ගත්තා
ඇය
ඇයටම
ඔහු විසින්
නිරුවත් කල
ඇගේ ආත්මයේ
නිරුවත
දැක
.........................................................
ආදරේ මායාව
මුසුකල
නුඹේ වල්මත්
චපලකම
විදහා ගිය
මොහොතක
මුවින් නැඟුනා වූ
“ආහ්“
ස්වරය
සුනුවිසුණු කලා
ජීවිතය
පවුකාර යැයි
මම
ගල් ගසන
නුඹ
අරුණෝද
නැඟුනු විට
දකීවී
නිරුවත
එවිට මාගේ
නිසල දේහය
අසාවී පැණයක්
නුඹෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සාන්තුවර ලෝගුව
පෙඟෙන්න ගැලුව
ලේ
මදිද....??
................................................................
Subscribe to:
Posts (Atom)