Monday, October 14, 2013

ඉක්මනට හොඳවෙන්න.......!!!!





ගිලන් වී අද
මගේ සිදුහත්
දරන්න බැරි
වේදනාවෙන්
පෙලී වැටෙමින්
නිදන මොහොතේ..

ඇහැට නින්දක්
නේන වග දැන
හරවගෙන හිස
නුවර පැත්තට
කොළොම්පුර සිට
කඳුළු පුරවන්,

කාලිදාසට
එන්න කී කල
ලියන්නට මා
මේඝ දූතය
...................................................................



හුළං හෙමිහට
තල්ලු දෙනකොට
වැවේ බැම්මට
රැලි කුමාරිය
ඇවිත් බිඳෙනා
හීන් රාවය...

මාලිගාවේ 
පිපි නෙළුම් මල්
සුවඳ අරගෙන
පේ වෙමින්

පෙමාදරයෙන්
හඳේ සඳරැස්
පිනි බිඳක් මත
වැටුනු එලියෙන්
පරස්සම් කර
බිඳක් අරගෙන
කදෝපැණියන්
එල්ලමින්..

සරසවන්නෙමි
මගේ හීනය
යටදි නුගපෙල
ඈත එපිටින්
නුවර වැව පිස
එන සුළං රැල්
හීත මුසුකර


පෝය දවසක
හඳේ එලියෙන්
තරු වියන යට
නුවර වැව ළඟ

හුඟක් රස්නෙට
තුරුලු වීගෙන
දෑස් දල්වා
ඉන්න හීනය
මුවින් වදනක්
කිසත් නොදොඩා


කදෝපැණියනි
අරන් පලයන්
මගේ හීනය
පරිස්සම් කර
මගේ රන්කඳ
නිදන කුටියට

මගේ උණුහුම 
නොමැති අඩුවක්
නොම කරාවී 
යහන් ඇතිරිලි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

හිරුගෙ පළවෙනි
කිරණෙ රස්නය
ඇහැට දැනෙනා
මොහොත වෙනකම්
හීනෙ ඇතුලෙම
නිදිකරාපන් 
මගේ වස්තුව
ආදරෙන්...
...........................................................................









ප.ලි:- ප්ලස්න ආන්නෙපා..... මං බබීම තමා මේක ලිව්වෙ.... ^_^





15 comments:

  1. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්??????

    ReplyDelete
  2. හුරුබුහුටි කෙලි පැටික්කි !

    ReplyDelete
  3. ඔයාම ඔයාට ලිව්වද

    ReplyDelete
  4. නැඟී බබී ලියපු කවි පේලිය ලත්තනයි...... උයාමද අප්පා ලිව්වේ............. :P

    ReplyDelete
  5. පළවෙනියට කමෙන්ට් කරලා තියෙන එකාත් බාගයක් විතර ලිව්වද කියලා සැකයි ;)

    ReplyDelete
    Replies
    1. උගේ සම්බන්දය කවි වලට පමනක් නොව මුලු මගුලම කොයිල්ය

      Delete
    2. රෙප් මහත්තයාට අලියෙක් ගහපිය... යකූ මම ලීවානම් කොටු දාලා බලන්න වෙයි කවිය... මම දන්නෙත් නැහැ ඊයේ මහ රෑ මම නිදාගන්න ගිය වෙලේ ලියලා තියෙන්නේ...

      මහේෂ්... ඇඩෝව්... මට කොයිල් තමා යකූ :p

      Delete
  6. අනේ මන්දා කව්ය නම් සුපිරි.... හැබැයි අලේ ඔයා මෙහෙම රොමාන්තිකවාදි කවියක් ලියුවාමද කොහෙද?

    ReplyDelete
  7. තමන් ගැන තමන් කළ කථනයක්

    ReplyDelete
  8. කවි තේරුම් ගැනීමෙ ශක්තිය අනිතිමයි.. :D

    ReplyDelete
  9. කාටද ඉක්මනට හොඳ වෙන්න ඕන ?

    ReplyDelete
  10. මොකද නංගියා දැන් ලියන්න කියන්න එන්නේ නැද්ද??? සයිබරේ අමතක වෙලා වගෙයි.

    ReplyDelete