Saturday, March 9, 2013

ඇහෙනවද.......




මල නොතලා
හිත තලලා
විසික්කලා
මල තැලිලා

.......................................................................

ගෙන එ පර
මල
රාග මකරන්ද
පුරවා දමා
ඉතිරෙන්න

කෘතීමෙන් හැඩ
පාට
කවාලා නිසි
ලෙසට
තබාලා වීදියේ
කොනක
සළෙළු බඹරුන්
ඇදෙන

හෝරාව ආ විගස
මත් බඹරු
පැමිණ
රිසිසේ මලක්
උදුරන්
සුර සැප සොයා
යන

සිඹ වැරෙන්
තොල්පෙති
ඈත්කර
මල්පෙති
තඹර විල
කළඹවා
ජීවිතය
දිය කරන

පෙරලගෙන
පැද්දෙන
තාල අල්ලන
කෙඳිරිය
ඇසෙන විට
සුවයට
ඹබර නෙත්
අඩවන් වන


ඇසුනාද මා සබඳ
යටින් ඒ
කෙඳිරිය
මරණයක් අයදිමින්
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
සුසුම් ලන
“ගැහැනියක්“
...........................................................................






ප.ලි:- බ්ලොග් එක වෙනස්කලගන්න උඩව් කලපු සාතොටයි තරු අයියටයි
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ඈ.........^_^




31 comments:

  1. මරණය එන තුරු සුසුම් ලන ගැහැණු මිනිස්සු නම් දෙගොල්ලොම දැකල තියෙනවා. ඒ අයට හිතක් කියලා එකක් තියෙනවද මංදා තවත් තැලෙන්න :/
    මේ අග්නියගේම බ්ලොගේ නේ. ;)

    ReplyDelete
  2. උඹ ඔය ලිවිල්ලෙන් ගොඩ යනවා :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූථී මගෙ අයියෝ....^_^

      Delete
  3. ආදරේ නොලැබුණු වරදින්..ජිවිතේ වැරැද්ද ගන්න ගැහැනියක්...වරද කාගේද?

    ReplyDelete
    Replies
    1. කාගෙද....??? හ්ම්ම්ම්ම්ම්

      Delete
  4. ලොවෙත් ඈ...

    දැන්නම් පිරියක් ඇතුව කියෙව්වැකි බොගේ... පාට හොදයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හී හී ටැංකූ ඩියර්.... සේම් ටු යූ...^_^

      Delete
  5. මාරයි අක්කි ඔයාගේ කවි. කියලා වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. සොරි නංගෝ...අක්කා කිව්වට වැරදුනා :(

      Delete
  6. ඇමේසින්ග් ශෂී ඇමේසින්ග්..කියලා වැඩක් නෑ.. එලම කිරිය

    ReplyDelete
  7. හිතන්න යමක් තියෙන කවියක්

    ReplyDelete
  8. අවසානෙදි උරුම උනේ........ නියම කවිය

    ReplyDelete
  9. ශි.. එතකොට අපිට උම්මා නෑ

    ReplyDelete
  10. Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අක්කෝ....^_^

      Delete
  11. මරණය නම් අයදින්නට එපා..:D
    හ්ම්ම් හැමදාම වගෙ අමුතු කවියක් අග්නි නගාගෙ..:)

    ReplyDelete
    Replies
    1. මමනම් මලාට අයදින්නෑ අක්කෝ....හී හී තැන්කූ....^_^

      Delete
  12. කවදත් වගේ හරිම අපුරුයි අග්නියෝ :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ අක්කෝ....^_^

      Delete
  13. අලුත් ගවුම හරිම චාම්..නිර්මාණය ඉස්තරම්...

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී මගෙ මාමෝ.....^_^

      Delete
  14. ඇහෙනවද කියලා ඇහුවාම ඔව් ඇහුණා.. ඒ විතරක් නෙවෙයි හිතටත් දැනුණා.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතී සර්.......:)

      Delete