Tuesday, March 27, 2012

Decent රස්තියාදුකාරයා






කවුරු මොනව කොහොම

කිව්වත්
දැම්මත් මොන
සෙල්ලං

රචනාවක් පොතක්
එහෙම නැත්තන්
කලත් චිත්‍රපටියක්
නිසදැසකට
ගත්තත්

කවි මැණික් ගලෙන්
ඔළුව පලන්න
රත්තරන් කවි නූලකින්
බෙල්ල හිර කරන්න 
දක්ෂ

කවිය
ආශ්වාස කරන
බේසමෙත් තල්මස්සු
දකින
කවියෙන්ම හුස්ම දෙන්න
දන්න

විහින් රස්තියාදුව
ආරූඪ කරගත්ත

නිල්ම නිල්පාට
මුහුද වගේ
නිහඬ

ඕනෙ කෙනෙකුට
සතුටු වෙන්න
හිත මුහුදු වෙරළක්
කරගත්ත

මගේ Decent
රස්තියාදුකාරයාව
ගන්න බැහැ 
“කවියකට“
හිර කරන්න බැහැ
පද හතරකට
නිර්වචනයක් දෙන්න
බැහැ
.
.
.
.
.
.
.
.
.
.

                                          
.
.
.
.
.
.
.
.
.
.

ජීවිතේට
.............................................................





55 comments:

  1. මරු ශාස්ත්‍රියො :)

    ReplyDelete
  2. කවුද අනේ ඔයාගේ මේ ඩීසන්ට් රස්තියාදුකාරයා??

    ReplyDelete
    Replies
    1. හැෆූ ඒම කවුලලුවට් නා.....:O

      Delete
  3. ගින්දරට වතුර සෙට් වෙලා වගේ එහෙනම් ඈ....

    ReplyDelete
    Replies
    1. අනී වෙඩිමක් කීනව.....:/

      ගින්දරට කවදාවත්
      භූමතෙල්,පෙට්‍රල්
      ඩීසල්,පොල්තෙල්
      එහෙමත් නැත්තන්
      පිදුරු නට්ටක්
      හොඳට වේලුනු
      දර කෑල්ලක්
      මිසක්
      වතුරෙ කොහෙ
      ඇවිලෙන්නද

      වතුරක් කියන්නෙ
      මැරෙනව
      ගින්දර.....:/

      Delete
  4. අනේ මන්දා කමෙන්ට් එකක් ඔලුවට එන්නෑනෙ..:-)
    ඒ අරයා නේ :-D ඩීසන්ට් කොලූට ජයවේවා..;)

    ReplyDelete
    Replies
    1. හෑ...කවුඩ අනී මං නොඩන්න අරයා....:O

      Delete
  5. ඩීසන්ට් අය දැන් ඉන්නවද අෆ්ෆා

    ReplyDelete
  6. Decent රස්තියාදුකාරයා හෙහ්..හෙහ්..එහෙම එව්වොත් ඉන්නව එහෙනං ඈ :- )

    ReplyDelete
    Replies
    1. හික් හික් ඒකනෙ ඔබා මාමො බලන්ඩකෝ.....^_^

      Delete
  7. ටොපික් එක හිතට වැදුනා

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අයියෝ....^_^

      Delete
  8. කව්ද අප්පේ ඒ Decent රස්තියාදුකාරයා ?. මාරු කවිය ඈ

    ReplyDelete
    Replies
    1. ඊ...තැන්කූ...ඒම කෙනෙක් නා....:/

      Delete
  9. මාත් ආසයි ඔය Decent රස්තියාදුකාරයන්ට..;) හික්ස්ස්

    මරු කවිය නගා..:D

    ReplyDelete
    Replies
    1. හික් හික් තැන්කූ තැන්කූ අක්කෝ.....^_^

      Delete
  10. Decent රස්තියාදුකාරයා..නමට හිත ගියා..කවියට ඊටත් වඩා..
    හරිම ලස්සනයි.. :)

    ReplyDelete
    Replies
    1. ම්ම්...අලුත් යාලුවෙක්....සාදරයෙන් පිලිගන්නව මේ පැත්තට....
      ගොඩාක් ස්තූතී යාලූ....:)

      Delete
  11. ලස්සන කවි පේලියක්! දැං ඉන්න හැමෝම ඔහොම තමා :D

    ReplyDelete
  12. ආහ් ජය මංගලම් වේවා ඈ.

    ReplyDelete
    Replies
    1. ඊ.....ගර්....මෙයා වෙඩිමක් කීනව...:/

      Delete
  13. හැබෑටම කවුද බොලේ මේ ඩීසන්ට් රස්තියාදුකාරයා...:P

    ReplyDelete
  14. ඩීසන්ට් උනත් රස්තියාදුකාරයෙක් නම් හලේ මන්දා..... ඔබාමා(ඔබා මාමා නොවේ) කියපු කතාවක් මතක් වුනා ජනපතිවරනේ එයාගේ තරගකාරිට...(හරියටම ෂුවර් නෑ හොඳේ) "YOU CAN PUT LIPSTICK ON A PIG...BUT STILL ITS A PIG"

    ReplyDelete
  15. හික්.....ඉටින් ඒක ඇට්ටනෙ හලේ......:)

    ReplyDelete
    Replies
    1. කෝ මගේ රූපේ???? ඉතින් බාං බොලාගේ කොල්ලා කොයිතරම් ඩීසන්ට් උනත් ඌ රස්තියාදුකාරයම තමා

      Delete
    2. ඔයාගෙ මූණනම් කොහෙඩ ඩන්නෑ අනී....:(

      හරි අනේ ඔය ලයල ටියෙන්නෙ මගෙ කොල්ල ගැන නෙමේ.....^_^

      Delete
  16. අනේ මන්ද මේක ලියන කවි කියවද්දී මොලේ කොලොප්පන් වෙනවා..... දැන් කොහෙද ඔය කියන රස්තියාදුකාරයා ඉන්නේ... එන්න කියන්න හැංගිලා ඉන්න තැනකින් එළියට...

    ReplyDelete
    Replies
    1. හෑෆූ.....ඒම කෙනෙක් නෑ අක්කෝ.....:O

      Delete
  17. රස්තියාදුකාරයගෙ ඩීසන්ට් ගතිය මනින්නෙ කොහොමද නඟේ.....

    ReplyDelete
    Replies
    1. හික්....ඒක ඉබේම ඩැනෙන්න ඕනෙ ඩෙයක් අනී....^_^

      Delete
  18. බේසමෙත් තල්මස්සු........
    දකින
    Decent
    රස්තියාදුකාරයා...
    අමුතුම අමුතු සිතුවිල්ලක්! අග්නි ධාරා..:)) nice!

    ReplyDelete
  19. ආ..
    මේ මම ගැන නේ ලියල තියෙන්නෙ!;)

    ReplyDelete
  20. ගිනි ගත්තු හිතේ ගිනිදැල්
    අවුලයි තව තව ගිනිමැල්
    රස්තියාදු සිත ලග වූ සිසිල්
    පුදුමයි මට හැම කල්

    ReplyDelete
    Replies
    1. පිත්තු හැඩෙයි අනෙ අම්මියෝ......:O

      Delete
  21. සිරාවට ගතියි.මාරම ලස්සනයි.වෙනස් විදියේ ලිවීමේ රටාවක්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ අයියෝ....^_^

      Delete
  22. අයියෝ අරක ඩි ඇක්ටිවේට් කරලා :(
    කමක් නැහැ එක්සෑම් එක හොදට කරලා ජීවිතේ ජයගන්න.
    ලබන්න පුළුවන් උපරිමය ලබන්න ලැබේවා කියලා පතනවා :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්ටූටී අයියෝ.....
      මාස අටකට ෆේස්බුක් වහන්නෑනේ හලේ......
      හැබැයි මේපාර මගෙ එක්සෑම් එක තෝරනොතගත්තොත් ජීවිතේ පාර වැහෙනව හලේ....:(
      ඒකයි.......

      Delete
  23. ආදරේ කරන්න ඕනි නං රස්තියාදුකාරයෙක් උනත් ආදරේ නම් ආදරේම තමයි! කවදාවත් ඒක වෙනස් වෙන්නෙ නෑ!

    ReplyDelete
  24. මගේ දෙයියනේ... මම ගැන නෙමෙයි නේද මේ කියල තියෙන්නේ... හිකිස් :D :D :D

    ReplyDelete
  25. රත්ගමයා කතාවක් කිව්වේ decent හිඟන්නෝ ගැන. ඒ වගේ ඕන මඟුලක් කළත් කමක් නැහැ decent පිට :D

    ReplyDelete