Wednesday, March 7, 2012

උපහාර වේවා.....!




මුං 


උපත ලබන්නෙත්
වැඩියෙන්ම ආදරේ කරන්නෙත්
අම්මාට

පස්සෙන් යන්නෙත්
ආදරේ කරන්නෙත්
චාටර් වෙන්නෙත්
වීරයො වේනෙත්
දාගෙන වලි
මරාගන්නෙත්
අන්තිමේදි කසාද බඳින්නෙත්
කෙල්ලෙක්ව

ඇගේ තියෙන
සේරම දිරිය
දියකරන්නෙත්
ඇස්දෙක වගේ 
බලාගන්නෙත්
මැණිකක් රකිනා
නා රජිඳෙක් සේ
රකින්නෙත්
පණ වගේ ආදරේ
කරන්නෙත්
“මහ ඉහලින්“
ආඩම්බර වෙන්නෙත්
දූ ගැන

එහෙව් ඈයන්ට

“ගලේ ගහපිය
මරා දාපිය“
කියන්න තරමට
මුංට
එපා වුනත්
ගෑනු ජාතිය
තියේද එක
දවසක්
ජීවිතෙන් ගන්න
.
.
.
.
.
.
.
.
ගැහැනියෙක් 
තොර..??
...................................................................








ප.ලි:- මේකෙන් සෑම පිරිමියෙක්ම සහ ගැහැනියෙක්ම  නිරූපණය නොවන බව කරුණාවෙන් සලකන්ඩෝ....:)


මේ උපහාරය උත්තරීතර කාන්තාවන්ට,


“වැදූ මවයි අහස් කුසයි කවදාවත්
හොඳක් අහන්නේ නැත“.
එමෙන්ම
“පිරිමියෙකුගේ ජීවිතය
අපායෙන් ‍දෙව් ලොවක් කරනන්නටත්
දෙව්ලොවෙන් අපායක්
කල හැක්කේද
ගැහැනියෙක්ට පමණි...“


සුභ කාන්තා දිනයක් වේවා....!!!!




46 comments:

  1. Replies
    1. තැන්කූ තැන්කූ හලේ...සාදරයෙන් පිලිගන්නව ඔයාව මේපැත්තට...:)

      Delete
  2. අම්මට බනින්නෝ කිරි සුවද නොදන්නෝ
    කෙල්ලට බනින්නෝ ආදරේ නොදන්නෝ
    බිරිදට බනින්නෝ සෙනෙහේ නොදන්නෝ
    මේ වගෙ උන් ලොව කුමට උපන්නෝ

    ReplyDelete
  3. “වැදූ මවයි අහස් කුසයි කවදාවත් හොඳක් අහන්නේ නැත“ සිරා කථාව

    ReplyDelete
    Replies
    1. මම කියපු එකක් නෙමෙයි හොඩේ....:)
      තැන්කූ තැන්කූ ආවට.....

      Delete
    2. මේ මම කලින් ඇවිත් තියනව හලි :D

      Delete
    3. ඊ....ඩන්නව හලේ........:)

      Delete
  4. කවිය මරු මරු මරේ මරු-
    හැබැයි ජීවිතේ තියන තුරාවට තේරුම් ගන්නත් බැරි එකම සත්වයාත් ගැහැණියාලු :P

    ReplyDelete
    Replies
    1. හික්....හලේ ඒකනම් ඇට්ට වෙන්න ඇති......;)

      Delete
  5. පිරිමි අයට ගෑනුන්ට සලකන්න මතක් වෙන්නෙත්, ගෑනුන්ට තමුන්ගේ විමුක්තිය ඉල්ලලා කෑ ගහන්න මතක් වෙන්නෙත් මේ දවසේ විතරයි ඉතිං..
    හෙට වෙද්දී ආයෙමත් ඊයේ තිබුන තත්වෙම ඇති වෙනවා.ඒක නවත්තන්න පුළුවන් විදියක් තියේනම් දෙගොල්ලොන්ටම හොඳයි..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අයියෝ....
      මෙහෙම හරි ඔයාව දකින්න ලැබීම ඇත්තටම සතුටුයි.....:)
      එයා එනකම් නංගි තාම බලන් ඉන්නෝ........

      Delete
  6. \\ප.ලි:- මේකෙන් සෑම පිරිමියෙක්ම සහ ගැහැනියෙක්ම නිරූපණය නොවන බව කරුණාවෙන් සලකන්ඩෝ....:)// මං වගේ අය ගැනත් හිතපු එකට බොහොම පිං ඈ.අපි නම් ගෑනුන්ව ගලේ ගැහැව්වත් මරා දාන්නේ නැහැ :P

    ReplyDelete
  7. ජය වේවා...!!! වෙනදා වගේම කවිය ලස්සනයි යාලු..:)
    (ගැහැනියක් තම ජීවිතේදී කොපමණ කැප කිරීම, පරිත්‍යාග කරනවද කියල නොදන්නා අයද මේ ලෝකේ බොහෝ සිටිති")

    ReplyDelete
    Replies
    1. ඇත්ත යාලු...ගොඩාක් ස්තූතී....:)

      Delete
  8. gahanukama ha pirimikama ekama kasiyaka depattak wage...me dekata me deka natiwa inna baa kawadawat....

    gahaniyak araksha karanna pirimiyek one wenawane samaana aitiya illana eyalata puluwanda tamange arakshawa tamantama salasaganna??

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි....ඔයා කියන එක හරී....මමත් කියන්නෙ කවදාවත් සම තැන නෙමෙයි කාන්තාවකට ලැබෙන්න ඒනෙ නිසි තැන....
      ඒත් ආත්ම ශක්තිය අතින් ගැහැනිය හැමවිටම හැමොටම වඩා ඉදිරියෙන් ඉන්නෙ...:)

      Delete
    2. නිසි තැන ලැබෙන්නම ඕනේ ඒත් බස් එකකදි නිසි තැන තියා තිරිසනෙක්ට දෙන තරමේ සැලකීමක්වත් ලැබෙන්නේ නෑනේ සමාජය වියරු වැටිලා ඉන්නේ...ආත්ම ශක්තිය ගැන නම් එකඟයි මොකද එහෙම ශක්තියක් නැතිව දරුවෙක් වදන්න බෑ අම්ම කෙනෙක්ට

      Delete
  9. මොනව වුනත් සහතික ඇත්ත කතාව....එහෙනම් නඟාටත් සුභම සුභ මෙව්ව එකක් හොඳේ....:)))

    ReplyDelete
    Replies
    1. හලේ.....තැන්කූ තැන්කූ.....:)

      Delete
  10. එකගයි.. ලස්සන කවි පෙලක්..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අයියෝ......:)

      Delete
  11. “පිරිමියෙකුගේ ජීවිතය
    අපායෙන් ‍දෙව් ලොවක් කරනන්නටත්
    දෙව්ලොවෙන් අපායක්
    කල හැක්කේද
    ගැහැනියෙක්ට පමණි...“

    නියම පෝස්ට් එකක නගෝ... නියමයි.. කියන්න ඕනෙ ටික උපරිම ලස්සනට කියලා.. සාධාරණව.. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අක්කියෝ....:)

      Delete
  12. ශා... නඟාටත් මාර මාර අයිඩියාස් නෙ එන්නේ... එල එල ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හලේ හලේ තැන්කූ අක්කියෝ.......:)

      Delete
  13. අදහසනම් මට තේරුණා විදියට රැඩිකල්.හරිද දන්නේ නැහැ.ඔන්න කවදාවත් මම කාන්තාවන්ට වචනයකින්වත් වැරද්දක් කරල නැහැ.අම්මෝ.. ඒකට කෙල්ලෝ...

    ReplyDelete
  14. සමස්තයක් වශයෙන් ගත්කළ දෙපැත්තෙම කට්ටිය එකිනෙකා ගැන කියන හිතන දේවල් එක වගේ!
    සුභ කාන්තා දිනයක් වේවා!

    ReplyDelete
  15. ඒක නෙවෙයි නරකද template එක වෙනස් කළොත් ? කලු පසුබිමේ සුදු අකුරු කියවන්න අමාරුයි වගේ. :D

    ReplyDelete
    Replies
    1. හයියෝ...ඒමඩ....මට තිබුන ඒවයින් හිතට හරිගියේ මේක විතරයි යාලු:/....ඒත් මං බලන්නම් ආයෙත්....ස්තූතී කිව්වට...:)

      Delete
  16. ඇත්තටම සුපිරියි.....

    සුභ කාන්තා දිනයක් වේවා... (එක දවසක් කියා වෙන් කිරිම ගැන නම් ඇත්තටම මම අකමැතියි)

    ReplyDelete
    Replies
    1. මාත් කැමති නෑ......
      ගොඩාක් ස්තූතී දේව අයියේ මේපැත්තෙ ආවට...සාදරෙන් පිලිගන්නව...:)

      Delete
  17. කාන්තා දිනය ගැන ලස්සන සටහන නගෝ

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතී අක්කියෝ....:)

      Delete
  18. කමක් නෑ අද ඉතින් කාන්තා දිනයනේ!අද දවසේ වත් පොඩ්ඩක් ෆිට් 1 ඉන්න!
    ඉතුරු දවස් 365ම අපෙනේ!:P

    ReplyDelete
  19. ඔව් ඉතින් එහෙම හිටලවට් හිට හඩාගන්ඩ හලේ ඔයා......;)...:P

    ReplyDelete
  20. Replies
    1. ගොඩාක් ස්තූතී හලේ....සාදරයෙන් පිලිගන්නව ඔයාව...:)

      Delete
  21. හැපි කාන්තා දිනයක් වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. දැන් පහුවෙලා ඩවස් ටුනක් වෙනව හලේ......:P

      Delete
  22. සාර්ථක මිනිසුන් පිටුපසත් අසාර්ථක මිනිස්සු පිටුපසත් ඉන්නේ කාන්තාවොලු. මොනවා වුණත් කාන්තාව නැත්නම් පිරිමියාගේ සම්පූර්ණත්වයක් නැහැනේ

    ReplyDelete